හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දිනේෂ් ඩි. දොඩංගොඩට පෙරේදා (24) දින දරුණු ලෙස පරදී තිබේ. එසේ පහර දී ඇත්තේ ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ඉසිර අසේල දිසානායක නැමැත්තෙකු බවට වාර්තා වෙන අතර ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී රෝසි සේනානායක ගේ ළඟම ඥාතියෙකු බව පැවසේ. නැතිනම් ඔහු රෝසි සේනානායකගේ සොයුරියගේ හිටපු සැමියා වන දයාන් දිසානායකගේ ඥාතියකු බව වාර්තා වේ.මොහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේද සේවය කර ඇති අතර දැනට ඔහු කටාර් ගුවන් සේවයේ සේවය කරන බව පැවසේ. සැකකරු 2013 වසරේදී මිස්ට ශ්‍රී ලංකා හි තරඟකරුවකු ලෙස සහභාගිවී ඇති බවද වාර්තා වේ.
හිටපු මන්ත්‍රී දිනේෂ්ට කළ පහරදීම හේතුවෙන් අසේලගේ අතේ ඇඟිලිවල පිටපැත්ත තුවාලවී ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට තරම් බරපතල අසාධ්‍ය තත්ත්වයකින් පසු නොවුනත්, ඔහු මේ වන විටත් බලහත්කාරයෙන් කළුබෝවිල රෝහලයට නේවාසිකව ඇතුළත් වී සිටියි. ඔහුව තවදුරටත් රෝහලේ රඳවාගන්නා ලෙස කළුබෝවිල රෝහලටත්, පොලිසි වලටත් දිගින් දිගටම බලපෑම් කරමින් සිටින්නේ රෝසි සේනානායක යැයි වාර්තා වේ.
ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් වී ඇත්තේ ද මිරිහාන පොලිසියේ සහය මත යැයි පැවසෙන අතර සැකකරු කිසියම් දැඩි මත්ද්‍රව්‍යක් භාවිතා කරන්නෙකු බවටද රාවයක් වන අතර, ඔහු නිතර කලහ ඇතිකරගන්නෙකු බවද මේ අතර වාර්තා වේ.

ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දිනේෂ් දොඩංගොඩගේ ඡායාරූපයක් දැක්වේ.