එහිදී ඖෂධ නියාමන අධිකාරිය විසින්ම අධිකාරියේ වත්මන් සභාපති මහාචාර්ය අසිත ද සිල්වා වෙත මෙම ඖෂධය ඇගයීම සදහා යොමු කරන ලදී. ඒ අනුව ඖෂධය අධිකාරියේ ලියාපදිංචි විය. එහෙත් ඖෂධය ගෙන්වීමට පෙර අවස්ථා ගණනකදී එහි සායනික වාර්තා ඉල්ලා සිටියත් මේ වනතුරු ෆාම්ඒස් ඖෂධ සමාගම එම ඖෂධය ඉදිරිපත් කර නොතිබිණි.
මේ අතර එම එන්නත් රැසක් රුසියාවෙන් ගෙන්වා ගබඩා කරන්න රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කර තිබිණි. රුසියාවෙන් මෙම එන්නත මෙරටට ගෙන්වීමේදී ඊට වඩා අඩු මිල ගණන් යටතේ වෙනත් රටවලින් ගෙන්විය හැකි මෙම ඖෂධයට අදාළ අඩුම ටෙන්ඩර් පහකට අවස්ථාව ලබා දී නැත.
රුසියාවෙන් ගෙන්වන මෙම ඖෂධය ගුණාත්මක බවින් අඩු බවද පසුගිය ජනවාරි මාසයේදී නිෂ්පාදනය කළ ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීමට පෙබරවාරි මාසයේදී අනුමැතිය දී ඇතැයිද පවසන පිළිකා විශේෂඥ වෛද්‍යවරු එවන් ඖෂධයක් රෝගීන් වෙත ලබාදී අහිංසක ජීවිත අනතුරේ දැමීමට තමන් සූදානම් නැතැයි ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වෙතත් රාජිත සේනාරත්නගේ අමාත්‍යාංශය කියන්නේ මේ ඖෂධය එහි මවු සමාගමෙන් ගෙන්වන බවර් සමාගම විසින් මිලදී ගත් පිළිකා රෝග විශේෂඥවරුන් මෙම ඖෂධය අඩු මිලට ලංකාවට රැගෙන එනවාට අකමැති බවයි.