ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 12, 2016

ප්‍රවීණ ඡායාරූප ශිල්පී ශ්‍රී ලාල් ගෝමස් සමුගනී...!!!

උපාලි පුවත්පත් සමාගමේ හිටපු ඡායාරූප කර්තෘවරයකු සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙස සේවය කළ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ශ්‍රී ලාල් ගෝමස්‌ 11 වැනිදා අභාවප්‍රාප්ත විය.කෙටි කලක්‌ රෝගාතුරව සිටි ඔහු මිය යනවිට 61 වැනි වියෙහි පසුවිය.
මහවැලි අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කළ ඉසුර සඟරාවේ ඡායාරූප ශිල්පියකු ලෙස සිය මාධ්‍ය කලාව ආරම්භ කළ ශ්‍රී ලාල් ගෝමස්‌  හිටපු මහවැලි ඇමැති ගාමිණි දිසානායකගේ නිල ඡායාරූප ශිල්පියා ලෙසද කටයුතු කළේය.

1992 වසරේ දිවයින පුවත්පතේ ඡායාරූප ශිල්පියකු ලෙස සේවයට එක්‌වූ ශ්‍රී ලාල් පසුව උපාලි පුවත්පත් සමාගමේ ඡායාරූප කර්තෘ ධුරයද දැරීය.

පසුව ලක්‌බිම පුවත්පතේ ආරම්භක ඡායාරූප කර්තෘවරයා ලෙසද කටයුතු කළ හෙතෙම වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායකගේ ආරාධනය මත එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස අවසන් වරට සේවය කළේය.

දක්‍ෂ මංගල ඡායාරූප ශිල්පියකු සහ කාලීන ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියකු ලෙස ක්‍ෂේත්‍රයේ නමක්‌ දිනා සිටි ශ්‍රී ලාල් ඡායාරූප සංගම් රැසක ප්‍රධාන නිලතල හෙබවිය. ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ විධායක සභිකයකු ලෙස ඔහු කටයුතු කළේය.

මියුරින් සිල්වාගේ ආදරණීය ස්‌වාමිපුරුෂයා වූ ශ්‍රී ලාල් ගෝමස්‌  කාංචනා දියණියගේත් ශ්‍රීකාන්ත සහ ශ්‍රීනාත් පුතුන්ගේත් පියාණන් වූ අතර දර්ශන ජයසිංහගේ මාමණ්‌ඩිය විය.

ඔහුගේ අවසන් කටයුතු 13 වැනිදා සවස 3.00ට සපුගස්‌කන්ද රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරෙන අතර අංක 639/2 ඒ ආසිරි මාවත, මාකොළ උතුර මාකොළ දරණ නිවසේ දේහය තැන්පත් කර ඇත.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.