යාපනය – මහනුවර ඒ-09 මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයේ මීට වසර කීපයකට පෙර
යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිම දෙකක් 29 දා රාත්‍රී
කිසියම් පිරිසක් විසින් විනාශ කොට තිබේ.
අඩි තුනහමාරක් සහ අඩි එකහමාරක් උස සුදු පැහැති මෙම බුදු පිළිම දෙක
කැබලිවලට කඩා සිරස් දෙක ඒ අසල තබා ඇත. මෙම බුදු පිළිම දෙක යුද හමුදාව
විසින් ස්ථාපිත කොට තිබුණේ හමුදා සේනාංක එම පළාත්වල සිටි කාල වකවානුවේදී
වන්දනාමාන කිරීමටය.
බුදු පිළිම දෙක විනාශ කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් පොලිසියට
පැමිණිලිකොට නැතත් කනගරායන්කුම පොලිසිය මේ සිද්ධිය පිළිබඳව වන්නි දිසාව භාර
නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ...
කිළිනොච්චියේ බුදු
පිළිම කැඩූ
අයට නීතිය ක්‍රියාත්මක කරන්න
හෙළ බොදු සවිය ජනපතිගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කිලිනොච්චියේ කනගරායන්කුලම්
ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ කඩාබිඳ
දැමූ පිරිසට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එම
ස්ථානයේ එම බුදුපිළිම වහන්සේ නැවත ස්ථාපිත කරන ලෙසත්
ඉල්ලා ජාතික හෙළ උරුමයේ ආගමික සංවිධානය වන හෙළ බොදු සවිය
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඊයේ (31 වැනිදා)
ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.
එම සංවිධානයේ සභාපති බුදගල ජිනවංශ හිමියන් විසින් අදාළ
ලිපිය යොමුකර ඇති අතර එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ
ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට වෙහෙස වූයේ මෙවැනි තත්ත්වයක්
උදාවනු දැකීමට නොවන බවත් සඳහන් කර ඇත.
යහපාලන ආණ්ඩුව තුළ බෞද්ධයන්ට එරෙහිව සිද්ධීන් කිහිපයක්ම
සිදුවී ඇති බවත් එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර දෙපළාතේ මුස්ලිම්, කතෝලික,
ක්‍රිස්තියානි දේවස්ථාන හා හින්දු කෝවිල් විශාල
ප්‍රමාණයක් ඉදිකර තිබියදී මෙලෙස බුද්ධ ප්‍රතිමා විනාශ
කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව එම ලිපියේ වැඩිදුරටත්
දැක්වේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, August 31, 2016
යාපනේ බුදු පිළිම කඩයි.. සිරස් ගලවා දමයි....!!! සංහිඳියාව දෝරේ ගලයි යහපාලන අපතයෝ නිහඬයි...!!!
Posted by
lankanews
at
August 31, 2016
Labels: buddhist statue sabotage tamils, buddhist statues, lankanews, LTTE agenda, TNA politicians, yahapalanaya
යාපනේ බුදු පිළිම කඩයි.. සිරස් ගලවා දමයි....!!! සංහිඳියාව දෝරේ ගලයි යහපාලන අපතයෝ නිහඬයි...!!!
2016-08-31T23:19:00+02:00
lankanews
buddhist statue sabotage tamils|buddhist statues|lankanews|LTTE agenda|TNA politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
