හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පාලන සමයේ රුපියල්
කෝටි තුනහමාරක් වැය කරමින් ඉදිකරන ලද දමන ප්‍රාදේශීය
සභාවට අයත් හිඟුරාණ සතිපොළ ගොඩනැඟිල්ල 27 වැනිදාප්රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ සහ ඔහුගේ බිරිඳ
වන ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ විසින්
විවෘත කිරීමෙන් පසු නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් ද නැවත විවෘත කිරීම නිසා උත්සවය සංවිධානය කළ
සංවිධායකවරුන්ට මහත් ගැටලුවකට මුහුණ පෑමට සිදුවිය.
ගැටලුවට ලක්වූ මෙම ගොඩනැඟිල්ල පසුගිය රජය සමයේ බැසිල්
රාජපක්ෂ ගේ මැදිහත්වීමෙන් ඉදිකළ ද ඒ
සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් එම සමරු ඵලකයේ තිබී නැත.
වසරක පමණ සිට මේ සතිපොළ ගොඩනැඟිල්ල වෙළෙඳුන් විසින් භාවිත
කරමින් සිටි අතර එහි නිල වශයෙන් විවෘත කිරීම සඳහා
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් අගමැති
රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් නැගෙනහිර මහ ඇමැති
නසීර් අහමඩ්ගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් සභාවේ
සභාපති චන්ද්‍රදාස ගලප්පත්තිගේ ආරාධනයෙන් පළාත් සභා
මන්ත්‍රීවරුන් වන මෙත්තානන්ද සිල්වා, මංජුල ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කිහිපදෙනකුගේ නම් සඳහන් කරමින්
සමරු ඵලකයක්ද සංවිධායකවරුන් විසින් එම ගොඩනැඟිල්ලේ සවිකර
තිබිණි. එහෙත් එයට අමාත්‍ය දයා ගමගේගේ හා ඔහුගේ
බිරිඳගේ නම ඇතුළත් වී නොතිබිණි.
දමන ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මෙම ගොඩනැඟිල්ල පෙරේදා
උදෑසන 10.00 ට විවෘත කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර
මහ ඇමැතිවරයා එනතෙක් බලා සිටියදී අමාත්‍යවරයා සහ ඔහුගේ
බිරිඳ ද පළාත් සභා මන්ත්‍රී මංජුල ප්‍රනාන්දුද පැමිණ
මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ගොඩනැඟිල්ල විවෘත කර ඇත.
ඔවුන් පිටව ගිය පසු මහ ඇමැතිවරයා පළාත් සභාවේ සභාපතිවරයා
හා පළාත් සභා මන්ත්‍රී මෙත්තානන්ද සිල්වා ඇතුළු
පිරිසද ගොඩනැඟිල්ල විවෘත කිරීමට පැමිණ තිබේ. ඒ අවස්ථාවේ
සංවිධායකවරුන් විසින් නැවත බෙරගසා ආරාධිතයන් ගෙන ගොස්
සමරු ඵලකය නිරාවරණය කර ඇත. අමාත්‍යවරයා සහ බිරිඳ පැමිණි
අවස්ථාවේ සමරු ඵලකය ආවරණය කර තිබූ රෙදි කැබැල්ල ඔවුන්ගේ
ආධාරකරුවන් විසින් රැගෙන ගොස් තිබූ නිසා මහ ඇමැතිවරයා
ඇතුළු පිරිස සමරු ඵලකය නිරාවරණය කිරීමට පැමිණි අවස්ථාවේ
එය බ්‍රවුන් පේපර් කොළ කැබැල්ලකින් ආවරණය කර තිබිණි.
මෙහිදී නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගල්පත්ති කතා කරමින් සමහර අය බලහත්කාරයෙන් ඇවිත්
ත්රස්තවාදීන් ලෙස කටයුතු කිරීම කනගාටුදායකයි. මගේ වසර 40
ක දේශපාලනයේ මේ වගේ අශීලාචාර වැඩක් වුණේ අදයි. තමන්ට
අයිති නැති තැන්වලට ඇවිත් සමහර අය වළං කඩේට පැනපු හරක වගේ
කටයුතු කළා යෑයි කියා සිටියේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, August 28, 2016
එකම සතිපොළ දෙපාරක් විවෘත කරලා... ලජ්ජා නැද්ද...!!!
Posted by
lankanews
at
August 28, 2016
Labels: basil corruptions, lankanews, mahinda government, mayithi, nashir ahamed, srilanka police, srilanka political corruptions, yahapaalanaya
එකම සතිපොළ දෙපාරක් විවෘත කරලා... ලජ්ජා නැද්ද...!!!
2016-08-28T22:31:00+02:00
lankanews
basil corruptions|lankanews|mahinda government|mayithi|nashir ahamed|srilanka police|srilanka political corruptions|yahapaalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...