ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 8, 2016

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි දිවි රඟමඩලින් සමුගනී...!!!


මෑත ඉතිහාසයේ බිහිවුණ කුසලතාපිරි අසහාය  ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අද(8) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු   69 වැනි වියේ පසුවිය.ඔහු කළුබෝවිල රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව වෛද්‍ය අධිකාරී අසේල කළුබෝවිල  පවසයි.මනමේ වේදිකා නාට්‍යයෙන් සිය රංග ප්‍රතිභාව විදහා පෑ විජය නන්දසිරි මහතා රංගන ශිල්පියකු, නිවේදකයකු හා ගායකයකු ලෙස ද කටයුතු කළේය.

ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි ගේ සැමියා වූ ඔහු දෙදරු පියෙකි. ‘පුංචි පහේ මං‘වැනි වැඩසටහන් මගින් ඔහු නිසග දක්ෂතා විදහා පෑවේය.
මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ නන්දසිරි මහතා නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, සිකුරු හතේ වැනි විකට ටෙලි නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.
විජය...විජය... කියා කතා කරද්දී
මාගේ මුහුණ දිහා බලපු
විජය ඇස්‌දෙක පියා ගත්තා

බිරිඳ දේවිකා මිහිරානි සාක්‍ෂි දෙමින් කියයි



"මගේ අත උඩට විජයගේ ඔළුව එකපාරටම කඩාගෙන වැටුණා. මම විජය... විජය... කියලා ඔහුට කතා කළත් ඔහු කතා කළේ නැහැ. විජය මගේ මූණ දිහා බලලා ඇස්‌ දෙක පියා ගත්තා..."

ප්‍රවීණ රංගන ශිල්පි විජය නන්දසිරි මහතාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (8 වැනිදා) කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි දුන් බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිණී දේවිකා මිහිරානි  (60) එසේ පැවසුවාය.

ගල්කිස්‌ස, ටෙම්පල්ස්‌ පාරේ, කලාපුර, අංක 156/01 දරන නිවසේ පදිංචිව සිටි ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා මිය යන විට 69 හැවිරිදි වියේ පසුවිය.

මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක විපුල මාරසිංහ මහතා හමුවේ පැවැති අතර එහිදී තවදුරටත් සාක්‍ෂි දුන් ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි  මෙසේ ද කීවාය.

මියගොස්‌ සිටින්නේ මගේ සැමියා. විවාහයෙන් අපට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. මහත්තයා දැනට අවුරුදු 25 ක කාලයක ඉඳලා දියවැඩියා රෝගයෙන් පෙළුණා. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. 2000 වසරේදී විජයට බයිපාස්‌ සැත්කමකුත් කළා. අද (08 වැනිදා) උදේ විජය කිරිබත් හදලා දෙන්න කිව්වා. ඒ අනුව මම කිරිබත් හදලා ඉවරවෙලා බාත් රූම් එකට ගියා. ඒ වෙලාවේ විජය පපුව දැවිල්ලයි ඉක්‌මනට බෙහෙත් ස්‌ප්‍රේ එක ගේන්න කියලා කෑගහනවා ඇහුණා. පස්‌සේ පුතා බෙහෙත් ස්‌ප්‍රේ එක රැගෙන විත් විජයට දුන්නා. මමත් එතැනට ගියා. මගේ අත උඩට විජයගේ ඔළුව එකපාරටම කඩාගෙන වැටුණා. මං ඔහුට විජය... විජය... කියලා කතා කළත් ඔහු කතා කළේ නැහැ. මගේ මූණ දිහා බලාගෙන ඔහු දැස්‌ දෙක පියාගත්තා. පසුව මා ඉක්‌මනටම ගිලන් රථයක්‌ ගෙන්වා ගත්තා. පසුව නංගිලාත් එක්‌ක ගිලන් රථයෙන් විජය රෝහලට පිටත් කර හැරියා. මම මගේ පුතා සමඟ මෝටර් රථයෙන් කළුබෝවිල රෝහලට ගියා. රෝහලට ඇතුළත් කිරීමේදීත් විජය මියගොස්‌ ඇති බව වෛද්‍යවරුන් පැවසුවා."

කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. කේ. ආර්. සංජීව මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක විපුල මාරසිංහ මහතා මෙම මරණය හෘද රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් වූ ස්‌වාභාවික මරණයක්‌ බවට නිගමනය කළේය.

ගල්කිස්‌ස පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් සුමනකුමාර  (42877) සාක්‍ෂි මෙහෙයවීය.


 දහසක් දුක් කම්කටොලු මැද දිවි ගෙවන බොහෝ මිනිසුන්ට තම නිසඟ රංගන හැකියාවෙන් මුවඟ සිනා රැළි නැංවූ නිර්ව්‍යාජ කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව ලබේවා   .!!!     

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.