ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 10, 2016

හලාවතින් කැම්පස්‌ යවන්න 'ගේමක්‌ ගහලා'....,,!!! මුස්ලිම් ගේමක් මාට්ටු....!!!

සැපට සැපේ ඉගෙන ගත්ත  මුස්‌ලිම් සිසු සිසුවියන් හලාවතින් කැම්පස්‌ යවන්න 'ගේමක්‌ ගහලා'
කොට්‌ටරාමුල්ල අල් - හිරා මුස්‌ලිම් විදුහලේ විදුහල්පතිට එරෙහිව විමර්ශන...

මීට පෙර අවස්‌ථා කීපයකදීම මෙවැනිම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර හලාවත නගරයේ ප්‍රධාන පෙළේ මුස්‌ලිම් විද්‍යාලයකින් සිසු සිසුවියන් විභාගවලට පෙනී සිට ඇති බවද සඳහන් වේ.

 දුෂ්කර පදනමට අයත් නොවන ප්‍රදේශවල පාසල් සිසු සිසුවියන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර දුෂ්කර දිස්‌ත්‍රික්‌ක පදනමට ගැනෙන හලාවත අධ්‍යාපන කලාපයේ නාත්/කොට්‌ටරාමුල්ල අල්-හිරා මුස්‌ලිම් මහා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස. (උ.පෙළ) විභාගයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව විමර්ශන කටයුතු සිදු කරන බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්‍ෂ  කියා සිටී.
මාතර, ගාල්ල, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන ප්‍රදේශවල පාසල් සිසු සිසුවියන් විසිදෙනකු මෙසේ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ගණිතය සහ විද්‍යා අංශවලින් නාත්තන්ඩිය අධ්‍යාපන කොට්‌ඨාසයේ ජනාධිපති මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්‌ථානයේ පෙනී සිටින බව වාර්තා වේ.

පහසුකම් සහිත දිස්‌ත්‍රික්‌ ගණයට ගැනෙන ප්‍රදේශවල ළමුන් මෙසේ පුත්තලම දිස්‌ත්‍රික්‌කය වැනි දුෂ්කර ගණයට අයත් වන විද්‍යාලවලින් අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමෙන් පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ උපත ලබා අඩු පහසුකම් මධ්‍යයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට උසස්‌ පෙළ කඩඉම සමත් කර ගැනීමේදී දැඩි අසාධාරණයක්‌ සිදුවන බව අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් මෙන්ම දෙමාපියෝ ද පෙන්වා දෙති.

මීට පෙර අවස්‌ථා කීපයකදීම මෙවැනිම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර හලාවත නගරයේ ප්‍රධාන පෙළේ මුස්‌ලිම් විද්‍යාලයකින් සිසු සිසුවියන් විභාගවලට පෙනී සිට ඇති බවද සඳහන් වේ.

මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන ලංකා විදුහල්පති සංගමයේ ලේකම් අයි. පියසිරි ප්‍රනාන්දු  මේ සම්බන්ධව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වා සත්‍ය කරුණු සොයා බලා පුත්තලම දිස්‌ත්‍රිaකයේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය රැකදීමටත්, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති අයට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.