හොඳම හොරු තමයි දිගටම පාද යාත්‍රාවේ හිටියේ.
එම රාජකීය නැකත හැදූ සුමනදාස අබේගුණවර්ධනට සමස්ත ජනතාවගේම ස්තුතිය හිමිවන බව ද හෙතෙම 01 වැනිදා සිරිකොත මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
රටක දියුණුවකට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි. රජයකට හොඳ නරක කියන්න වසර 4-5 ක්වත් ඉඩදිය යුතුයි. මේ විරෝධතා කරන්නේ වසරක් ගත වීමටත් කලින්. පාද යාත්‍රා යන අයට වසරක්වත් උහුලගන්න බැහැ. මෙවැනි විකට පාද යාත්‍රා ඉතිහාසයේ අප දැක නැහැ. කිසිම සටන් පාඨයක් නැහැ. පීඩනයක් නැහැ. බ්රේක් ඩාන්ස් දානවා.
ආණ්ඩුව පාද යාත්‍රාවට බය නැහැ. නමුත් එතනෝල්, කුඩුකාරයන්, මිනීමරුවන් කොළඹට එන්නේ. මහජනතාව ඒකට බයයි. එම නිසා බය කියන චෝදනාව අපි පිළිගන්නවා. පාද යාත්‍රාවට එන අය ඉන්නේ මත්පැන් හල්වල. එක එක හොරු හැසිරෙන විදිහ වෙනස්. පාද යාත්‍රාව දිහා බැලුවොත් එක එක අය හැසිරෙන විදිහ වෙනස්. හොඳම හොරු තමයි දිගටම පාද යාත්‍රාවේ හිටියේ.