ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 3, 2016

පෝර්ට්සිටි ව්‍යාපෘතියට තුන්කොන් ගිවිසුමක්‌...!!!

පෝර්ට්‌සිටි ව්‍යාපෘතියේ අවශ්‍ය සංශෝධන ඇමැති මණ්‌ඩලය අනුමත කිරීමෙන් පසුව ව්‍යාපෘතිය සඳහා ත්‍රෙපාක්‍ෂික ගිවිසුමක්‌ ඉදිරියේදී අත්සන් කරන බව සම කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න  පැවසීය. ව්‍යාපෘතිය ඉදිකිරීම් ප්‍රමාද වීම ගැන රජය විසින් අදාළ චීන සමාගමට කිසිදු  ප්‍රමාද ගාස්‌තුවක්‌ ගෙවීමක්‌ සිදු නොකරන බවත් ඒ සඳහා අදාළ සමාගමට අමතර හෙක්‌ටයාර දෙකක්‌ බදු පදනම මත ගොඩකර ගැනීමට ඉඩ ලබාදෙන බවත් 
02 දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවසීය.
චීනයට ඉඩම් අයිතියක්‌ හිමිවන නිසා පසුගිය රජය සමයේදී ඉන්දියාව පෝර්ට්‌සිටි ව්‍යාපෘතියට විරෝධය පළ කළ බව ද ගුවන් ගමන් සඳහා තහංචි එනු ඇති බවට ඉන්දියාව ප්‍රකාශ කළ බව ද මේ නිසා ඉන්දීය විරෝධය දිගින් දිගටම එල්ල වූ බව ද හෙතෙම කීය.
ඉකුත් රජය මගින් 2014 සැප්තැම්බර් මාසයේදී පෝර්ට්‌සිටි ව්‍යාපෘතිය සඳහා අත්සන් කළ ගිවිසුමේ සංශෝධන කිහිපයක්‌ සිදුකළ බව ද හෙතෙම කීය.

පසුගිය ගිවිසුමට අනුව හෙක්‌ටයාර 20 ක භූමි භාගයක්‌ සින්නක්‌කර පදනමින් අදාළ චීන සමාගමට පැවරූ නමුත් නව ගිවිසුම යටතේ සියලු ඉඩම් අනූනව අවුරුදු බදු පදනම යටතේ පවරන බව හෙතෙම කීය.

ගොඩ කරනු ලබන මෙම භූමිය කොළඹ පරිපාලන දිස්‌ත්‍රික්‌කයේ කොටසක්‌ බවට පත්කරන අතර එය කොළඹ මහ නගර සභාවෙන් බැහැරව යෝජිත මුල්‍ය නගර සංස්‌ථාව යටතට පත්කරන බව ද සේනාරත්න මහතා කීය.

මෙම ඉඩම් අනූනව අවුරුදු බදු පදනම මත ව්‍යාපෘති සමාගමට බදු දීමට පෙර ජනාධිපතිවරයා විසින් එම ඉඩම් ආපදා පනත යටතේ ගැසට්‌ කර ඉන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරියට වෙන් කර දෙනු ලබන බවත් ඉන්පසුව එම අධිකාරිය විසින් සංවර්ධන ප්‍රදේශයක්‌ ලෙස ප්‍රකාශයට පත්කරන බවත් පැවසීය.

එමෙන්ම සෞඛ්‍ය සත්කාර මධ්‍යස්‌ථාන හා ආරෝග්‍යශාලා, ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්‌ථාන, නව කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්‌ථානය ද මෙම ඉඩම්වල පිහිටුවීමට හැකි පරිදි පනවා ඇති සීමාවන් දීර්ඝ කරන බවත් පැවසීය.

මහා නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා අදාළ චීන සමාගම අතර ත්‍රෙපාක්‍ෂික ගිවිසුමක්‌ අත්සන් කිරීමෙන් පසුව පෝර්ට්‌සිටි ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.

චීනයට ඉඩම් අයිතියක්‌ හිමිවන නිසා පසුගිය රජය සමයේදී ඉන්දියාව පෝර්ට්‌සිටි ව්‍යාපෘතියට විරෝධය පළ කළ බව ද ගුවන් ගමන් සඳහා තහංචි එනු ඇති බවට ඉන්දියාව ප්‍රකාශ කළ බව ද මේ නිසා ඉන්දීය විරෝධය දිගින් දිගටම එල්ල වූ බව ද හෙතෙම කීය.

පෝර්ට්‌සිටි ව්‍යාපෘතියට කළුගල් විශාල වශයෙන් අවශ්‍ය බව ද කළුගල් සැපයීමේදී පරිසරයට බලපෑමක්‌ එල්ල විය හැකි නිසා ඉදිරියේදී පරිසර අධ්‍යයන වාර්තා කැඳවා ඒ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.