නාමල්ගේ සමාගමේ
අධ්‍යක්ෂවරියකට ඉන්ටර්පෝල් වරෙන්තු
තවත් අධ්‍යක්ෂවරියකගේ වෛද්‍ය වාර්තාවක් කැඳවයි...
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ කරුණු දැක්වීමක් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
මේ අතර එම සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කරන සුජානි බෝගොල්ලාගම නමැත්තියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට ඊයේ නියෝග කළේය.
සිය නිල බලය අයුතු ලෙස යොදවා රුපියල් මිලියන 45 ක් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකාරියක වන සුජානි බෝගොල්ලාගම නමැත්තියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය 14 වැනිදා පෙනී සිටින ලෙසට එම කොට්ඨාසය විසින් දැනුම් දුන් බවත් සැකකාරිය එලෙස පෙනී සිටීම මඟහැරීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
එම සැකකාරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබන බව පෙන්වා දෙමින් කළ කරුණු දැක්වීමක් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.