ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 1, 2016

මහනුවර සිට කොළඹට පැමිණෙන පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි...!!!



අප විශ්වාස කරන ආකාරයට වත්මන් ආණ්‌ඩුව මෙම පාද යාත්‍රාව ගැන වඩා සාධනීය ලෙස කල්පනා කළ යුතුය. ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලන අරමුණු කවරක්‌ වුවද, විශාල ජන බලයක්‌ ඒ වටා එක්‌රොක්‌ වන්නේ ඇයි දැයි යන කාරණය ගැන ආණ්‌ඩුව මීටත් වඩා කල්පනා කළ යුතු ය. පාද යාත්‍රාව නොව ආණ්‌ඩුවකට එරෙහි කවර උද්ඝෝෂණයක්‌ වුව විපක්‍ෂයකට සාර්ථක ලෙස සංවිධානය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ ආණ්‌ඩුව කෙරෙහි ඇති ජනතා විශ්වාසය යම් තරමකින් පළුදු වූ පසුව බව අමුතුවෙන් කිව යුතු නැත.


මහනුවර සිට කොළඹට පැමිණෙන ඒකාබද්ධ විපක්‍ෂයේ පාද යාත්‍රාවේ අවසන් දිනය අද ය. පාද යාත්‍රා අත්දැකීම දේශපාලනයට අලුත්ම එකක්‌ නොවුණාට ඒකාබද්ධ විපක්‍ෂයේ පාද යාත්‍රාව විශේෂ එකකි. සරලව කිවහොත් 'ඒකාබද්ධ ආණ්‌ඩුවකට' නො එසේ නම් හවුල් (සම්මුතිවාදී) ආණ්‌ඩුවකට එරෙහිව, එම ආණ්‌ඩුව බලයට පත් වී වසරක කාලයක්‌ ඉක්‌ම යැමටත් පෙර ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කළ පළමු පා ගමන වන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාද යාත්‍රාවයි.

මීට පෙර ද පා ගමන් (පාද යාත්‍රා) ගොස්‌ තිබෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ද මේ අත්දැකීම සුවිශේෂ ය. ශ්‍රීලනිපයේ කොටසක්‌ ආණ්‌ඩුවේ ය. තව කොටසක්‌ ඒකාබද්ධ විපක්‍ෂය සමඟ ය. මහින්ද රාජපක්‍ෂ පාද යාත්‍රාවේ යෙදෙන්නේ එවැනි පසුබිමක්‌ තුළය.

පා ගමනක්‌ අවසන් කළ පසු, හෙට වන විට ආණ්‌ඩු වැටෙන්නේ නැති බව සැබෑ ය. එය කවුරුත් දන්නා කාරණයකි. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද පා ගමන් ගියහ. මුලින් කීවාක්‌ මෙන් මහින්ද ද ඒ ගොඩේ ය. පාද යාත්‍රාවෙන් පසු ආණ්‌ඩු පෙරළෙන්නේ නැති වුව ද, ඒ හරහා ආණ්‌ඩුවට එරෙහි විශාල ජන බලයක්‌ ගොඩනැඟෙන බව මේ බොහෝ දේශපාලනඥයන් දන්නා කාරණයකි. මෙවර පාද යාත්‍රාවේ ආරම්භයේ දී ම එවැනි ජන බලයක්‌ ගැන බොහෝ දෙනෙකුට විචිකිච්ඡාවක්‌ තිබුණු බව පෙනෙන්නට තිබිණි. මහනුවරින් පාද යාත්‍රාව ඇරඹූ මොහොතේ සිට කොළඹට එනතුරු අතරමැද ප්‍රධාන නගරවලදී එය වළක්‌වාලීමට වාරණ නියෝග ගැනීමට අධිකරණය වෙත ගිය අවස්‌ථා බොහෝ ය. මෙය ඊට පෙර පාද යාත්‍රා (විරෝධතා පා ගමන්වලදී) දක්‌නට නොලැබුණු ප්‍රවණතාවකි. මෙවැනි කටයුතුවලින් පෙනෙන්නේ කිනම් ආණ්‌ඩුවකට හෝ 'පාද යාත්‍රාවකට' මුහුණදීමට ඇති අපහසුතාවයි. ඒකාබද්ධ විපක්‍ෂයේ නොව කවර පක්‍ෂයක සංවිධානයක වුව, විරෝධය දැක්‌වීමේ, සටන් කිරීමේ ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලියක්‌ වන පා ගමනකට එරෙහි වීම මහජන විශ්වාසය තවමත් තමන් සමඟÊයෑයි කියන කවර ආණ්‌ඩුවකට වුව එතරම් ගැළපෙන්නේ නැත.

අප විශ්වාස කරන ආකාරයට වත්මන් ආණ්‌ඩුව මෙම පාද යාත්‍රාව ගැන වඩා සාධනීය ලෙස කල්පනා කළ යුතුය. ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලන අරමුණු කවරක්‌ වුවද, විශාල ජන බලයක්‌ ඒ වටා එක්‌රොක්‌ වන්නේ ඇයි දැයි යන කාරණය ගැන ආණ්‌ඩුව මීටත් වඩා කල්පනා කළ යුතු ය. පාද යාත්‍රාව නොව ආණ්‌ඩුවකට එරෙහි කවර උද්ඝෝෂණයක්‌ වුව විපක්‍ෂයකට සාර්ථක ලෙස සංවිධානය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ ආණ්‌ඩුව කෙරෙහි ඇති ජනතා විශ්වාසය යම් තරමකින් පළුදු වූ පසුව බව අමුතුවෙන් කිව යුතු නැත. ඒකාබද්ධ විපක්‍ෂය 'පාද යාත්‍රාව' සංවිධානය කරන්නට හේතු වූ කරුණු කාරණා රැසක්‌ පෙන්වා දෙති. ඒ සියලුම සටන් පාඨ තුළ අඩංගුව ඇත්තේ ආණ්‌ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතු පාදක වූ කරුණු කාරණා බව පැහැදිලිය. සරල කාරණයක්‌ මගින් මෙය පැහැදිලි කර ගත හැකිය. වත්මන් ආණ්‌ඩුව කෙරෙහි ඇති ජනතා විශ්වාසය බිඳ වැටීම ආරම්භ වූයේ 2016 අය වැය ඉදිරිපත් කිරීමත් සමඟම ය. අන් කවර කාරණයකටත් වඩා ජනතාව කෙරෙහි පැටවූ අධික බදු බර ගැන ජනතාවට කළකිරීමක්‌ තිබූ බව (තිබෙන බව) පැහැදිලි ය. ඊට එරෙහිව රටේ ජනතාවත්, ව්‍යාපාරික ප්‍රජාවත් වීදි බැස්‌සේ ඒකාබද්ධ විපක්‍ෂයේ හෝ වෙනත් සංවිධානයක මෙහෙයවීමෙන් නොවේ. එහෙත් ස්‌ථිර වශයෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයට 'පාද යාත්‍රාව' සංවිධානය කිරීමට එම වීදි බැසීම් ප්‍රබල උත්තේජකයක්‌ වූවාට සැක නැත.

එවැනි තත්ත්වයක්‌ තුළ ආණ්‌ඩුව ඒකාබද්ධ විපක්‍ෂයේ පාද යාත්‍රාව කෙරෙහි වඩා යහපත් ප්‍රතිචාරයක්‌ දැක්‌වීම වැදගත් ය. රතුපස්‌වලදී මෙන් හෝ කටුනායකදී මෙන් 'පාද යාත්‍රාවට' වෙඩි තැබුවේ නැතැයි කියන කාරණය අදාළ නොවන කතාවකි. ඒ, මේ ආණ්‌ඩුව පත්ව සිටින්නේ පරණ ආණ්‌ඩුව කළ දේවල් නොකරන්නට යෑයි මේ ආණ්‌ඩුවේම උදවිය කියන බැවිනි.

කෙසේ හෝ අපි නැවතත් කියමු. අද පාද යාත්‍රාව අවසන් ය. හෙට ආණ්‌ඩුව පෙරැළෙන්නේ නැත. එහෙත් මේ 'රතු එළිය' අනතුරු සංඥවකි.


 දිවයින කතු වැකියෙනි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.