ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 11, 2016

අර්ජුන ඇමතියා ඇතුළු රණතුංග පවුල් සමාගම පස් කඳු කපා ගම්පහ වනසති...!!!

මෙරට ප‍්‍රධාන පෙලේ ආයතනයක් බාරව සිටින ගම්පහ දිස්ත‍්‍රික් ඇමතිවරයෙක් හා ඔහුගේ සහෝදර හිටපු මන්ත‍්‍රීවරයෙක් ගම්පහ දිස්ති‍්‍රක්කයේ මහා පරිමාණ පස් ජාවාරමක නිරතව සිටින බවට තොරතුරු හෙලිවේ.මෙම පස් ජාවාරම හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා වෙනුවෙන් මෙහෙයවනු ලබන්නේ පාතාල නායකයෙකු වන නැදගමුවේ රෝහිත හෙවත්, පස් පොඞ්ඩා නැමැත්තාය.
මේ වන විට ගම්පහ දිස්ති‍්‍රක්කයේ පස් කදු කීපයක් කැපීම සිදු කෙරෙන අතර, ඒවාට අවශ්‍ය නීතිමය අවසරය පවා ලබාගෙන නැත. ඇමති හා හිටපු මන්ත‍්‍රී සහෝදරයන් සෘජුවම මැදිහත්වෙමින් මෙම පස් ජාවාරමට සහාය දෙන බවත්, පොලීසියේ ඉහළ ප‍්‍රධානීන්ට මෙම නීති විරෝධී පස් ජාවාරම නතර නොකරන ලෙස බලපෑම් කරන බවත් වාර්තා වේ.
මේ වන විට මිනුවන්ගොඩ යාගොඩමුල්ල, ප‍්‍රදේශයේ පස් කන්දක් සම්පූර්ණයෙන්ම කපා අවසන් වෙමින් පවතින අතර, මේ නිසා ඒ අවට ගම්මාන රැුසකට පානීය ජල ගැටඵ ඇතැයි ගැටඵ රැුසක් පැන නැගී තිබේ.
අදාල හිටපු මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රබල ආධාරකරුවෙකු වන නැදගමුවේ රෝහිත හෙවත් පස් පොඞ්ඩා නැමැත්තා ස්තී‍්‍ර දුෂණ, මිනී මැරුම්, මත්කුඩු ජාවාරම් ඇතුඵ නීති විරෝධී කි‍්‍රයා ගණනාවකට පොලීසියට අවශ්‍යව සිටින අයෙකි. ඔහු අත් අඩංගුවට ගැනීම සදහා පසුගිය කාලයේ පොලිස් කණ්ඩායම් කිහිපයක්ද යොදවා තිබුනද බලපෑම් හේතුවෙන් ඔහුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොවන බවද ප‍්‍රදේශවාසීහු කියති.
හිටපු මන්තී‍්‍රවරයාගේ උවමනාවට පස් පොඞ්ඩා නැමැති පාතාල නායකයා වරායේ රැුකියා ලබාදීම සදහා රුපියල් ලක්‍ෂ 4ක මුදලක් ලබා ගන්නා බවටද තොරතුරු වාර්තා වී තිබේ.
ඇමතිවරයා වෙනුවෙන් සේවකයන්යැයි කියමින් අත් පති‍්‍රකා බෙදීමේ කටයුත්තට පාතාල සාමාජිකයන්ගේ ආරක්‍ෂාව ලබාදී ඇත්තේද මෙම පස් පොඞ්ඩා නැමැත්තා බව ඇමතිවරයාගේ ආයතනයේ සේවකයෝ කියති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.