එසේ දිරිමත් කල ඒ සොඳුරු මිනිසා නොසිතු වේලාවක , නොපැතූ අයුරින් නික්ම ගොස් තිබීම ඔහුගේ පවුලේ අයට මෙන්ම මිතුරන් වන අපටද ඊටද වඩා සැබෑ ලෙසින් ගැමි ජන හද විනිවිද දුටු දක්ෂ මාධ්‍යවේදියෙකු ලෙසින් අප රටේ ජනමාධ්‍ය ක්ෂේත්රයට ද නැවත නොපිරවිය හැකි හිඩැසක් ඇති වී ඇත.
පුවත් ඡායාරූපකරණයේ මෙන්ම නිර්මාණශීලි ඡායාරූපකරණයේත් එක සේ දස්කම් දැක් වූ ශ්‍රීලාල් තම දැනුම ආධුනිකයන්ට බෙදා හදා දුන්නේ කිසිඳු ලෝභ කමක් නොමැතිවය.ඔහුගේ ජිවිත කතාව ඇතුළත් සිය අත්දැකීම් ගොනුකළ සිය ප්‍රථම ග්‍රන්ථය එළි දැක්වීම මෙම මස 25 වෙනිදාට යොදා තිබුණි.ඒ පිලිබඳ මා සමග ද ඉතා සතුටින් කථා කළා මතකය.නමුත් ඔහු නොසිතු පරිදි මරුවා ඊට හරස් විය.
ඔහු ඡායාරූප ප්‍රදර්ශන රටපුරා පැවැත්වූ කාලයක්ද විය .එයින් ඔහු ලැබූ අදායමක් නොමැත.නමුත් ඔහු එයින් සතුටු විය.එම සතුට කලාකරුවෙකු ඇත දකිනා නිරාමිස සතුටක්ම විය.ඔහු පිළිබඳව ඇති මතකය ඉතා විශාල වුවද මේ අවස්ථාවේදී මිට වඩා යමක් සනිටුහන් කිරීමට මා සිත් නොදේ.
දයාබර ශ්‍රීලාල් නැවත මා ඔබ මුණ ගැසේවි.
සමහර විට සංසාරයේ ...
එතෙක් විරාමයක්...
සුමිත් ජයන්ත ඩයස්.
ශ්රීලාල්ගේ මතක සටහන් මිතුරන් සමඟ
ශ්රීලාල්ගේ මතක සටහන් මිතුරන් සමඟ