ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 1, 2016

හොරුන් විරුන් කරනා විගණන පනත ...!!!

රාජ්‍ය තන්ත්‍රය නීත්‍යානුකූලව කටයුතු කිරීම අනිවාර්ය කාරණයකි. නීතියට පටහැනිව කටයුතු කිරීම සඳහා කිසිදු නීතිමය ආවරණයක්‌ නැත. මේ මොහොතේදී මූල්‍ය අපරාධ සම්බන්ධව කෙරෙන සියලු පරීක්‌ෂණ සිදුවන්නේ නීතියට පටහැනිව සිදුකෙරුණු ගනුදෙනු සම්බන්ධවය.
විගණන පනතට විරුද්ධව මතුවී ඇති කතිකාව හුඹස්‌ බියකි. පොදුවේ දේශපාලන පක්‌ෂ හා රාජ්‍ය නිලධාරීන් දෙකොටසටම වංචා සහ දූෂණ පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක්‌ නැත. මේ දෙපාර්ශ්වයම ජනතාවට පවසනුයේ වංචා සහ දූෂණ දුරලීමේ අවශ්‍යතාවයි. එහෙත් ප්‍රායෝගික තලයේදී එසේ සිදුනොවේ. මේ පනත මගින් රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක්‌ නොතිබූ ආරක්‌ෂණයක්‌ සැලසේ.

රාජ්‍ය දේපල අවභාවිතයට, වංචාවට දූෂණයට නීති රීතිවල ඌණතාව මෙන්ම පවතින නීතිරීති ආරක්‌ෂා නොවීම යන සාධක බලපාන බැව් පෙනෙන්නට තිබේ. ඒ අනුව විගණන පනතකින් බලාපොරොත්තු වන්නේ රාජ්‍ය විගණනය ශක්‌තිමත් කිරීමයි. රාජ්‍ය විගණනය ශක්‌තිමත් කිරීමෙන් රටේ වගවීම ස්‌ථාපිත වේ. ඒ සඳහා සකස්‌කොට ඇති නව විගණන පනත් කෙටුම්පත ඉතා ශක්‌තිමත් කෙටුම්පතකි. ඒ මගින් රාජ්‍ය මූල්‍ය පිළිබඳ මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ද සැලකිය යුතු බරපතළ කාර්යභාර්යක්‌ ඉටුවේ.

විගණන පනතක අවශ්‍යතාව පිළිබඳ යෝජනාව මුලින්ම මතුවන්නේ 1984 දීය. ඊට මුල්වන්නේ එවකට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ව සිටි දිසානායකගේ යෝජනාවකි. එහෙත් නීතියක්‌ ලෙස මෙය ස්‌ථාපිත කිරීමේ කාර්ය ආරම්භ වන්නේ මා විගණකාධිපති වශයෙන් පත් වූ පසුවය. 2002 වසරේ සිට කෙටුම්පත සකස්‌ කෙරුණේ මේ විෂයය සම්බන්ධයෙන් දේශීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ලබාගත් පුළුල් අවබෝධයකින් යුතුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවය.

කෙටුම්පත කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කෙරුණු අතර ඊට ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිවුවද පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමේ කාර්ය පසුබෑමට ලක්‌විය. ඒ මොහොතේදී ඇතැම් රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ වුවමනාව වූයේ මේ යෝජනාවලිය තවදුරටත් ශක්‌තිමත් කළ යුතු බවයි. එහෙත් සිදුවූයේ ශක්‌තිමත් කිරීම නොව කල්මැරීම හා බාධා සිදු කිරීම ය.

දින සියයේ පොරොන්දුව

විගණන පනත පිළිබඳ කතිකාව නැවත මතුවූයේ පසුගිය ජනාධිපතිවරණයේදීය. මැතිවරණ වේදිකාවල මේ පිළිබඳ සාකච්ඡා වූ අතර දින සියයේ වැඩසටහන තුළ පනත ක්‍රියාත්මක කිරීම සඳහා දින නියමකොට ද තිබුණි. එහෙත් දින සියයේ වැඩ පිළිවෙළ තුළ මේ කාර්ය ඉටු නොවූ බැවින් පසුව පැවති මහා මැතිවරණයේදී විගණන පනත ප්‍රබල මාතෘකාවක්‌ බවට පත්විය. කෙසේ වෙතත් මේවන තෙක්‌ මේ පනත පාර්ලිමේන්තුවට ගෙනඒමේ අවස්‌ථාව උදාවී නැත.

පනත පිළිබඳ වත්මන් කතිකාව උණුසුම් වී ඇති බව පෙනේ. ජනසමාජයේ මෙන්ම ජනමාධ්‍ය තුළ ද ඒ පිළිබඳ විවිධ කතාබහ ඇතිවෙමින් තිබේ. එහෙත් මේ පනත තවමත් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ගෙන නැත. යෝජනාව විධායකය තුළ සාකච්ඡා වෙමින් පවතිනවා පමණි. මේ යෝජනා පරීක්‌ෂාව සඳහා අමාත්‍ය මණ්‌ඩල අනු කමිටුවක්‌ පත්කොට ඇත.

අමාත්‍ය මණ්‌ඩල අනුකමිටුව මගින් පනතේ වගන්ති සංශෝධනයට යෝජනා ඉදිරිපත්කොට ඇති බවට රාවයක්‌ පැවතීම හේතුවෙන් ජන සමාජය මෙන්ම ජනමාධ්‍යයද උණුසුම් වී තිබේ. මේ කරුණු දූෂමාණ ආරංචි මිස සත්‍ය තොරතුරු නොවේ. ඒ මේ පිළිබඳ නිල ප්‍රකාශයක්‌ මෙතෙක්‌ ඉදිරිපත් වී නොමැති බැවිනි. කෙසේ වෙතත් මේ දූෂමාන ආරංචි මෙන්ම මාධ්‍ය ඔස්‌සේ මතුව ඇති කතිකාවත තුළ මතුකෙරෙන ප්‍රධාන කරුණු දෙකක්‌ පිළිබඳ අවධානය යොමු කිරීම මෙහිදී වැදගත්ය.

1. විගණකාධිපතිවරයා වෙත zරාජ්‍ය අධිභාර ගතවීමේ බලතල ලබාදීම පිළිබඳ කාරණාව.

2. රාජ්‍ය විගණනය සඳහා අවශ්‍ය මුල්‍යමය ස්‌වාධීනතාවය ලබාදීමට ඇති විරෝධය.

විශේෂයෙන්ම රාජ්‍ය විගණනයට අවශ්‍ය මුල්‍ය නිදහස නොමැති වූ විට රාජ්‍ය විගණනය අර්ථාන්විත නොවේ. විගණකාධිපති හා විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය මුල්‍ය නිදහස යනුවෙන් මෙහිදී අදහස්‌ කෙරෙන්නේ. පාර්ලිමේන්තුවෙන් ලැබෙන නිදහසක්‌ ස්‌වාධීනතාවක්‌ නොව විධායකයෙන් නිදහස්‌ කිරීමත් පමණි. රාජ්‍ය විගණනයේ දී සිදුවන්නේ විධායකයට අදාළ ආයතන ආවරණයයි. ඒ අනුව අමාත්‍ය මණ්‌ඩලය ඊට අයත් ආයතන වන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්‌ථා, පළාත් පාලන ආයතන ආදී වශයෙන් වන විධායකයෙන් පාලනය වන ආයතනවල කටයුතු විගණනය කිරීමේ කාර්ය විගණකාධිපතිතුමා සහ ඔහුගේ ආයතනයට පැවරී තිබේ. විගණකාධිපතිවරයා මේ ආයතනවලට යටත් පුද්ගලයකු බවට පත්කරන්නේ නම් නැතිනම් ඔහුට ඒ ආයතනවලින් යෑපෙන්නට සිදුවන්නේ නම් මේ සම්බන්ධයෙන් තිබෙන දෝෂයක්‌ ලෙස දැක්‌විය හැකිය.

මේ දෝෂයට බලපාන හේතු සාධක වන්නේ විගණකාධිපතිවරයාට තම රාජකාරි ඉටුකිරීමේදී විධායකට සම්බන්ධ මුලින් කී ආයතන මත යෑපෙන්නට සිදුවේ නම් ඔහුගේ ස්‌වාධීනත්වය බරපතළ ලෙස හානියට පත්වේ. උදාහරණ වශයෙන් පැහැදිලි කරතොත් විගණකාධිපතිතුමා හට පැවරෙන පරීක්‌ෂණ කටයුත්තක්‌ සඳහා අවශ්‍ය වාහනයක්‌ ලබාගැනීම නැතහොත් එම ආයතනවලින් ලිපිලේඛන තොරතුරු ආදිය ලබාගැනීමට සිදුවේනම් හෝ වෙනත් පහසුකම් එම ආයතනවලින් ලබාගැනීමට සිදුවේනම් හෝ විගණාකාධිපතිවරයාගේ ස්‌වාධීනත්වය බිඳ වැටේ.

විශේෂයෙන්ම මෙහිදී මුල්‍ය ස්‌වාධීනත්වය යනුවෙන් අදහස්‌ කෙරෙනුයේ රාජ්‍ය විගණනය භාණ්‌ඩාගාර පාලනයෙන් ඉවත් කිරීමයි. භාණ්‌ඩාගාර පාලනයෙන් විගණනය නිදහස්‌ කිරීමෙන් සිදු වන්නේ විගණකාධිපති හා එම ආයතනයට භාණ්‌ඩාගාරයෙන් සිදුවිය හැකි බලපෑම් අහෝසි කිරීමය.

භාණ්‌ඩාගාරය අයත් වන්නේද පෙරකී විධායකයේ ක්‍රියාවලියටය. දැනට විගණකාධිපතිවරයා භාණ්‌ඩාගාරයට යටත්ය. එබැවින් විගණකාධිපතිට හා එම දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන හා අවශ්‍යතාවන් කප්පාදුවට ලක්‌කිරීමේ හැකියාව භාණ්‌ඩාගාරය සතුවේ. එමෙන්ම විගණකාධිපතිගේ මුල්‍ය අවශ්‍යතා ආදිය පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමේදීද භාණ්‌ඩාගාරයට අවශ්‍ය පරිදි මැදිහත් වීමේ කප්පාදු කිරීමේ සංශෝධන සිදුකිරීමේ හැකියාව පවතී.

එබැවින් විගණකාධිපතිතුමාගේ මුල්‍ය ස්‌වාධීනත්වය උදෙසා භාණ්‌ඩාගාරයේ අනුකම්පාව දිනාගැනීමට ඔහුට සිදුවේ. මේ තත්ත්වය මත විගණකාධිපතිට භාණ්‌ඩාගාරය පිළිබඳ නිවැරදි ස්‌වාධීන විගණනයකට එළඹීමට බාධකයක්‌ව පවතී. මේ හේතු සාධක වන විගණකාධිපතිගේ මුල්‍ය ස්‌වාධීනත්වය අභියෝගයට ලක්‌වේ.

විගණකාධිපතිගේ ස්‌වාධීනත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබෙන කරුණකි. එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේද එය පැහැදිලිවම අන්තර්ගතකොට තිබේ. මේ ස්‌වාධීනත්වය ප්‍රධාන වශයෙන් තුන් ආකාරය. එනම්

1.කාර්යබදු ස්‌වාධීනත්වය

2.පරිපාලනමය ස්‌වාධීනත්වය

3.මුල්‍ය ස්‌වාධීනත්වය

විගණකාධිපතිගේ ස්‌වාධීනත්වය ආරක්‌ෂා කිරීමේ වගකීම පවතින්නේ පාර්ලිමේන්තුවටය. අපේ ව්‍යවස්‌ථාවේ අංක 148 වගන්තිය යටතේ රාජ්‍ය මුල්‍ය පිළිබඳ වගකිවයුතු ආයතනය පාර්ලිමේන්තුවයි. විගණකාධිපතිගේ ආරක්‌ෂාව තහවුරු කිරීමේ වගකීම සතු වන්නේ පාර්ලිමේන්තුවටය. විධායකය මගින් විගණකාධිපතිවරයාගේ ස්‌වාධීනත්වයට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් Rජුව මැදිහත්වීමේ හැකියාව පාර්ලිමේන්තුව සතුය. මහා බ්‍රිතාන්‍යය, ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව, නවසීලන්තය වැනි ලොව ප්‍රබල රටවල මේ තත්ත්වය පවතී.

විදේශ රටවල එවැනි තත්ත්වයක්‌ ඇතත් නැතත් ලංකාවේ විගණකාධිපතිගේ ස්‌වාධීනත්වය උදෙසා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම ඉතාම අත්‍යවශ්‍ය සාධකයකි. මන්ද ලංකාවේ පවතින වාස්‌ථවික තත්ත්වයන් මත විගණකාධිපති හීලෑ කිරීමේ අවශ්‍යතාවක්‌ යම් ආයතනවලට පවතින බැවිනි. ඒ තත්ත්වයෙන් විගණකාධිපති මුදා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම ඉතා වැදගත්ය.

විගණන පනත හුදකලාවේ නිර්මාණය වූවක්‌ නොවේ. ජාත්‍යන්තර වශයෙන් ඉතා පැහැදිලිව විගණකාධිපති ස්‌වාධීන විය යුතුය යන කරුණු ඉදිරිපත් කර තිබේ. 1997 දී ඇතිකර ගත් zලීමා ප්‍රඥප්තියZ මෙන්ම 2007 දී ඇති වූ මෙක්‌සිකෝ ප්‍රඥප්තිය ද මෙම් සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ. එමෙන්ම ජාත්‍යන්තර උත්තරීතර විගණන ආයතනයන්ගේ ඒකාබද්ධ සංවිධානය  විගණකාධිපති සතුවිය යුතු ස්‌වාධීනතාව පිළිබඳ දැඩි අවධානයකින් යුතුව තහවුරුකොට තිබේ. මේ පනත් කෙටුම්පත සකස්‌ කිරීමේදී ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම මහා බ්‍රිතාන්‍යයේ විගණන ආයතනය, නෙදර්ලන්ත විගණන අධිකරණය යන ආයතන විශාල කාර්යභාරයක්‌ ඉටුකළේය.

අපේ රටේ ආයතනවල හා සිවිල් සංවිධාන හරහා ජනතාව සමඟ කෙටුම්පත කතාබහට ලක්‌කිරීමේදී මේ ජාත්‍යන්තර ආයතනවල නියෝජනයක්‌ තිබුණි. එබැවින් විගණකාධිපතිගේ ක්‍රියාකාරිත්වය උදෙසා ඔහුට අවැසි ස්‌වාධීනතාව පිළිබඳ දැඩි අවධාරණයක්‌ මේ කෙටුම්පත තුළින් ඉදිරිපත් කෙරේ. ජාත්‍යන්තරව මේ තරම් අවධානයක්‌ යොමුවී ඇතත් මේ පනත සම්බන්ධව රට තුළ පවතින ප්‍රතිචාර කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එපමණක්‌ නොව එය නොවැදගත් ලෙස අවතක්‌සේරුවකට ලක්‌කොට ඇති බව පෙනෙන්නට තිබේ.

නිලධාරීන්ට ආරක්‌ෂාවක්‌

පනතට විරුද්ධව මතුවී ඇති කතිකාව හුඹස්‌ බියකි. පොදුවේ දේශපාලන පක්‌ෂ හා රාජ්‍ය නිලධාරීන් දෙකොටසටම වංචා සහ දූෂණ පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක්‌ නැත. මේ දෙපාර්ශ්වයම ජනතාවට පවසනුයේ වංචා සහ දූෂණ දුරලීමේ අවශ්‍යතාවයි. එහෙත් ප්‍රායෝගික තලයේදී එසේ සිදුනොවේ. මේ පනත මගින් රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක්‌ නොතිබූ ආරක්‌ෂණයක්‌ සැලසේ. මේ මොහොත වන විටත් අතීතයේදීත් යම් යම් දේශපාලන අවශ්‍යතා මත නීතියට පටහැනි කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් පාවිච්චි විය. එහෙත් මේ පනතින් තමාට ඇතිවන බලපෑම්වලින් වැළකීමේ අවස්‌ථාව රාජ්‍ය නිලධාරියාට සලසාදෙනු ලැබේ. පනතේ ඇති කරුණු ප්‍රකාරව නිලධාරියා දඬුවමට ලක්‌විය හැකි බැවින් සියලු කටයුතු නීත්‍යානුකූල කරදෙන ලෙස ඉල්ලීමේ හැකියාව නිලධාරියාට ලැබේ.

රාජ්‍ය තන්ත්‍රය නිත්‍යානුකූලව කටයුතු කිරීම අනිවාර්ය කාරණයකි.නීතියට පටහැනිව කටයුතු කිරීම සඳහා කිසිදු නීතිමය ආවරණයක්‌ නැත.

මේ මොහොතේදී මුල්‍ය අපරාධ සම්බන්ධව කෙරෙන සියලු පරීක්‌ෂණ සිදුවන්නේ නීතියට පටහැනිව සිදුකෙරුණු ගනුදෙනු සම්බන්ධවය. එ.සී.අයි.ඩී, ජනාධිපති කොමිෂන් සභාව සහ වෙනත් අපරාධ පරීක්‌ෂණ අංශ කටයුතු කරන්නේ නීතියට පටහැනි සිද්ධීන් පිළිබඳවය. මෙහිදී අවධාරණය කළ යුතු කරුණ වන්නේ සියලු කටයුතු නිත්‍යානුකූලව සිදු කිරීමේ හැකියාව තිබියදී එසේ සිදු නොකිරීම මේ තත්ත්වය උදාවීමට හේතුවී ඇති බවයි.

කිසියම් නිලධාරියකු මේ පනත සම්බන්ධයෙන් විරෝධයක්‌ පළකරයි ද? ඔහු නීතියට පටහැනිව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඇත්තෙකි. රාජ්‍ය නිලධාරීන් හට එවැනි අවශ්‍යතා ඇතිවීමට බලපාන හේතු දෙයාකාරය. එවැනි නිත්‍යානුකූල නොවන කටයුතු මගින් කිසියම් දේශපාලන පෞද්ගලික වරප්‍රසාද, වරදාන ලබාගැනීමේ ඇති කැමැත්ත එක්‌ කරුණකි. මෙවැනි නීති විරෝධී කටයුතු සඳහා විරෝධය දැක්‌වීමට ශක්‌තිමත් පිටකොන්දක්‌ නොමැති වීම අනෙක්‌ කරුණයි. මේ සාධක නොමැති නම් රාජ්‍ය නිලධාරීන්ට නිත්‍යානුකූලව කටයුතු කිරීමේ කිසිදු බාධාවක්‌ නැත.

රාජ්‍ය නිලධාරීන්ට මෙම තත්ත්වය උදාවූයේ පසුගිය දශක කීපය තුළ ඇති වූ ක්‍රියාකාරකම් නිසාය. නීති රීති නොසලකා හැරියද ගැටලු මතු නොවේය යන මානසිකත්වය එකී කාල වකවානුවේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ ස්‌ථාපිත වී තිබුණි. පෙර පැවති නීති රෙගුලාසිවලට අධිභාර පැනවීමේ බලය ඇතුළත්ව තිබුණේ නම් නිලධාරීන් අද මුහුණ දී සිටින තත්ත්වය ඇති නොවන්නට තිබුණි.

විගණන පනත නොමැති වුවද කිසියම් දූෂණයක්‌, වංචාවක්‌ සම්බන්ධයෙන් පරීක්‌ෂණ කෙරේ. එය සිදුවන්නේ නීතිය ප්‍රකාර අධිකරණ ක්‍රියාවලියක්‌ මගිනි.

අද රාජ්‍ය නිලධාරීන් අපහසුතාවට ලක්‌ව ඇත්තේ භීතිය ඉදිරියේ පිළිතුරු දීමට ඔවුන්ට සිදුව ඇති නිසාය. අධිකරණ ක්‍රියාවලිය විගණකාධිපති කාර්යයට සාපේක්‌ෂව බෙහෙවින් සංකීර්ණය. විශේෂයෙන්ම මුදල් සම්බන්ධ කාර්යක්‌ නම් එය අපරාධ නීතිය යටතට පත්වේ. එවිට අධිකරණ ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක්‌ ගතවේ. එපමණක්‌ නොවේ වරදකරු බවට පත්වුවහොත් අදාළ නිලධාරීන්ගේ රැකියා අහිමි වීමේ අවදානමක්‌ ද පවතී.

අධිභාරයේ සැබෑව

විගණකාධිපතිගේ අධිභාර කාර්ය මෙතරම් සංකීර්ණ නැත. ඔහු අධිභාර කාර්යයට එළඹෙන්නේ නීතියට පටහැනි කටයුත්තක්‌ම සිදුව ඇත්නම් පමණි. වරද සිදුකළ නිලධාරියා එම කටයුත්ත සිදුකොට ඇති ස්‌වභාවය හා එය සද්භාවයෙන් සිදුකොට ඇත්නම් කිසියම් ආවරණයක්‌ යටතේ ලිහිලක්‌ ලැබීමේ හැකියාව පවතී. රැකියාව අහිමිවීමේ අවදානමෙන් මිදීමේ හැකියාවද කාලය හා මුදල් නාස්‌තියද අවම කිරීමද අධිභාර කාර්යභාරයේ පවතී.

අධිභාර කාර්යය රාජ්‍ය නිලධාරීන්ට නුහුරු නුපුරුදු කටයුත්තක්‌ නොවේ. ලංකාවේ පවතින මුදල් රෙගුලාසි අංක 111 සිට 115 දක්‌වා වගේම අංක දෙසිය ගණන්වල සඳහන් කරුණු යටතේ ලේකම් අධිභාර බලතල ක්‍රියාත්මක කළ හැකිය. ආයතන ප්‍රධානියාට හෝ අමාත්‍යාංශ ලේකම්වරයාට ආයතනයෙහි සිදුවන කිසියම් අකටයුත්තක්‌ සම්බන්ධයෙන් ඇතිවන පාඩුව පියෑවීම සඳහා අධිභාර පැනවීමේ බලතල පවතී. 1994 මුදල් ලේකම්ව සිටි ආර්. පාස්‌කරලිංගම් මහතා මේ පිළිබඳ භාණ්‌ඩාගාර චක්‍රලේඛයක්‌ නිකුත් කළේ මේ කටයුතු නිසිලෙස ක්‍රියාත්මක කිරීම උදෙසාය.

නිලධාරීන් අද වනවිට අපහසුතාවට පත්ව ඇත්තේ පැවැති නීති රෙගුලාසි නොවැදගත් ලෙස සලකා කටයුතු කිරීමෙනි.

මෙහි තවත් සුවිශේෂ වරප්‍රසාදයක්‌ වන්නේ විගණකාධිපති විසින් සිදුකරන අධිභාර සඳහා අභියාචනය කිරීමේ හැකියාවක්‌ පනතින් නිර්මාණයකොට තිබීමයි. කිසියම් නිලධාරියකුට සිදුකළ අධිභාරය සැකකටයුතු නම් එය විගණකාධිපති කොමිසම විසින් මෙහෙයවනු ලබන අධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක්‌ වෙත යොමු කිරීම මගින් සාධාරණය ඉටු කරගැනීමේ හැකියාව පවතී.

එමගින් ද සාධාරණය ඉටු නොවේ නම් ශේ්‍රෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය වෙත ගමන් කිරීමේ හැකියාව ද පවතී. එහෙත් දැනට පවතින මුදල් රෙගුලාසි තුළ එවැනි හැකියාවක්‌ නොමැත. මේ පනත සමස්‌ත රාජ්‍ය යාන්ත්‍රණයම ශක්‌තිමත් කෙරෙන යහපත් යෝජනාවක්‌ බැවින් රාජ්‍ය හා දේශපාලන යන දෙඅංශයෙම සහය ඊට ලබාදීම කාලෝචිතය.

කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළවූ ලිපිය
ක් ඇසුරෙනි
  ඩී. එස්‌. මායාදුන්නෙ
හිටපු විගණකාධිපති

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.