පයාගල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ 37 හැවිරිදි සැකකරු 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවගේ පියාගේ වැල්ඩින් කම්හලේ සේවය කරමින් සිටියදී දැරිය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇතැයිද සැකකරුගේ බිරිඳ විදේශ රැකියාවක නිරතව සිටින බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.
දෙදරු පියෙකු වූ 37 හැවිරිදි අයෙකු 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමඟ අනියම් සබඳතාවක් පවත්වා ඇයව පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් උදේෂ් රණතුංගවෙත වාර්තාවක් ඉදිරිපත් කළේය.
සැකකරුව දැරියගේ පියා විසින් සේවයෙන් ඉවත් කිරීමෙන් පසුව ඔහු දැරිය රැගෙන පලා ගොස් ඇතැයි ද දැරිය හා සැකකරු සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්විණි.