ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 1, 2016

ප්‍රසන්න රණතුංග නම් හොරාට එරෙහි නඩුව ...!!!

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක්‌ ලබා ගැනීමේ චෝදනාව යටතේ බස්‌නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමැති ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිදීම සඳහා මෙම 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිනා ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක ආගමන හා විගමන පාලකවරයාට 01 දානියෝග කළේය.බස්‌නාහිර පළාත් සභාවට අයත් මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි අනවසර පවුල් 24 ක්‌ පදිංචි ඉඩමක්‌ එහි පදිංචිකරුවන් ඉවත්කර ලබාදෙනබව පවසා මුදල් ලබා ගැනීම ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා 15 ක්‌ යටතේ නීතිපතිවරයා විත්තිකරුවන් ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් ස්‌ටෙලා රණතුංග හා ව්‍යාපාරිකයකු යෑයි කියන නරේෂ් කුමාර් ෆාරිස්‌ නමැති තිදෙනාට එරෙහිව එම නඩුව පවරා තිබුණි.
එම නඩුව 1 වැනිදා කැඳවූ අවස්‌ථාවේදී තුන්වැනි විත්තිකාර නරේෂ් කුමාර් ෆාරිස්‌ නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයකු අධිකරණය හමුවේ පැවසුවේ එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටිමේ අවසරය හා බලය මේ වන විට ඔස්‌ට්‍රේලියාවේ පදිංචිව සිටින විත්තිකරු තමාට පවරා ඇති බවයි.

ඒ අනුව විත්තිකරු නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 241 වගන්තිය ප්‍රකාරව නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ඔහු රටින් බැහැරව සිටින බව අධිකරණය කරුණු තහවුරු කරගත යුතු වන්නේ යෑයි පෙන්වා දුන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂි හේරත්  කළ කරුණු දැක්‌වීම සලකා බැලූ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාදීම සඳහා මෙම 30 වැනිදා පෙනී සිටින ලෙස දන්වා ආගමන විගමන පාලකවරයා වෙත සිතාසි යෑවීමට නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් ස්‌ටෙලා රණතුංග හා ව්‍යාපාරිකයකු යෑයි කියන නරේෂ් කුමාර් ෆාරිස්‌ නමැති තිදෙනාට එරෙහිව පසුගිය ජුනි මස නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබුණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.