සුපුරුදු පරිදි දේශපාළු අපතයනට පමණක් වන ඇප ලැබීමේ අව නීති
සාටක සුණකයා විසින් ගසා කෑ රටේ ධනය කෝටි මිලියන ගණනකී...වසර ගණනාවක් සිරගත කළ ඵකදු දේශපාළුවෙකු නැති ඵකම රට ලංකාවය. ජනතාව ඉදිරියේ කෑ කෝ ගසමින් ජනතාව භේද භින්න කළද ...ඇතුළතින් මේ මහා හොර රැළ ඵකමුතු බවට මේ ඵක් නිදසුනක් පමණී...
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල ඊයේ (08 දා) නියෝග කළේය.
මහාධිකරණය විසින් කරන ලද නියෝගය අනුව එම සැකකරුවන් දෙදෙනා මුදාහැරීමට නියෝග කළ කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා නොතිසි ලද විට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද ඔවුන්ට නියම කළේය.
දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන වැය ශීර්ෂ අරමුදලින් රුපියල් තුන් කෝටි හැටපන් ලක්ෂයක් වැය කර ජී. අයි. බට මිලදීගෙන පළාත් පාලන ආයතන වෙතින් ඉල්ලීමක් කොට නොතිබියදීත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී එම ආයතන වෙත බෙදාහැර දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමෙන් පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළේ යෑයි එම සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබුණි.
පසුගිය 18 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා ඊයේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට තිබුණි. කඩුවෙල මහෙස්ත්‍රාත්වරයාගේ එම රක්ෂිත නියෝගය ප්රතිශෝධන කොට ඇප මත මුදාහැරීමට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ ප්රතිශෝධන අයෑදුම්පත් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායස් සැකකරුවන් සුදුසු ඇප කොන්දේසි මත මුදාහරින ලෙසට ඊයේ උදෑසන කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා වෙත නියෝගයක් නිකුත්කොට තිබුණි. මහාධිකරණයේ එම නියෝගය ෆැක්ස් මගින් වහාම කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යවන ලෙසට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන කළ ඉල්ලීම සළකා බැලූ මහාධිකරණය තම නියෝගය ෆැක්ස් මාර්ගයෙන් කඩුවෙල අධිකරණය වෙත යෑවීමට නියෝග කළේය.
එම ෆැක්ස් පත කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා වෙත ලැබීමෙන් පසුව මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී නඩුව කැඳවූ අවස්ථාවේදී මේ වනවිට රෝගී තත්ත්වයෙන් පසුවන පළමු වන සැකකාර බැසිල් රාජපක්ෂ ගිලන් රථයකින් අධිකරණ භූමියට
රැගෙන පැමිණ ඇති බව බන්ධනාගාර නිලධාරීහු මහෙස්ත්‍රාත්වරයාට පැවසූහ. ගිලන් රථය වෙත ගොස් සැකකාර බැසිල් රාජපක්ෂ නිරීක්ෂණය කළ මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය.
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජ්‍යෙෂ්ඨ නීතිඥ විඡේසිරි අඹවත්ත, සන්ධ්‍යා තල්දූව, රසික බාලසූරිය, තාරක ජයසේකර ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය නියෝජනය කළේය.