මෙරට දේශපාලනඥයෙක් ලෙස කටයුතු කරමින් තමන්ට රිසි සේ තැන තැන යමින් දෙමළ
බෙදුම්වාදීන්ගේ මනදොල සපුරණ ලංකාවෙ ඇමරිකානු තානාපති අතුල් කේෂප් උතුරේ
හමුදාව රැඳී සිටීම සහ බුද්ධ ප්‍රතිමා
උතුරේ සිටින හමුදාවෙන් තර්ජන එල්ල වූවොත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට පැමිණීලි කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්න බවත් පාහර ඇමරිකානු තානාපතිවරයා පවසා තිබේ.
මේ අතර ඉරණමඩු හි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමින් උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගෙන තිබේන අතර ඉරණමඩු ප්‍රදේශය ද්‍රවිඩ ජනතාවගේ පළාතක් නිසා බුද්ධ ප්‍රතිමාවක් ඉදිකිරීම් නතර කළ යුතු බවවට වු අදාළ යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත කර තිබේ.
අදාළ යොජනාව සම්මත කරමින් දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අවධාරණය කර ඇත්තේ යුද හමුදාව විසින් ඉදි කරන අඩි 90 ක් උසැති ඉරණමඩු බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීමේ කටයුතු නතර නොකරන්නේ නම් එය කඩා බිද දැමිම සදහා කටයුතු කරන බවයි.
උතුරේ හමුදාව හා බුද්ධ ප්‍රතිමා ගැන
රජය සමග කතා කරනවා
- ඇමරිකානු තානාපති යාපනයේදී කියයි
උතුරේ හමුදාව රැඳී සිටීම සහ බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කරන බව ඇමරිකානු තානාපති අතුල් කේශාප් යාපනයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර ඇත.
උතුරේ සිටින හමුදාවෙන් තර්ජන එල්ල වූවොත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට පැමිණීලි කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්න බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර ඇමරිකානු තානාපතිවරයා කර ඇති මෙම ප්‍රකාශ තානාපතිවරුන් සම්බන්ධ වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක් බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි. උතුරේ සිවිල් සංවිධාන විසින් ඇමරිකානු තානාපතිට ශ්‍රී ලංකා හමුදාව සම්බන්ධ සාවද්‍ය පැමිණිලි රැසක් ඉදිරිපත් කර ඇත.