ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 17, 2016

රවි කරුණානායගම් චොප්පේ වගේ චණ්‌ඩි පාට්‌ දාලා නිකන් හිටියේ නෑ...ගම්මන්පිල කියයි...!!!


ආණ්‌ඩුවේ ජන පීඩක වැට්‌ බදු වලට එරෙහිව විරෝධතා සංවිධානය කළ ව්‍යාපාරිකයින් මර්දනය කිරීමේ ලඡ්ජා සහගත උත්සාහයක යෙදී තිබෙනවා. දැනටමත් රේගුව යොදා ගෙන ව්‍යාපාර 7ක්‌ මුද්‍ර තබා තිබෙනවා. මේ ආයතන සාතිශය බහුතරය වත්මන් ආණ්‌ඩුවට සහය දැක්‌වූ අය. ඒත් ආණ්‌ඩුවේ වැරදි පෙන්වා දීම නිසා අද ඒ අය උදහසට ලක්‌ වෙලා. මීට පෙර මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් රවි කරුණානායක ඇමැතිතුමාගෙන් අහනවා සමස්‌ත ලංකා වෙළඳ සංගමය ප්‍රකාශ කර තිබෙනවා වැට්‌ බදු පනත ගෙනාවොත් ලංකාව පුරා කඩ වසා විරෝධය පළකරන බවට ප්‍රකාශ කරලා තියෙනවා ඒ ගැන මොකද්ද අදහස කියලා. එවිට ඇමැතිතුමා කියනවා "එහෙම කළොත් නිසියාකාරව මම උත්තර ලබා දෙන්නම්. බෝඩ් ලෑලි ඔසවා කඩ වහන අය සදාකල්ම වහලා දානවා. අපට අවශ්‍ය නෑ ඒ අයව" කියල කිව්ව. එතුමාගේ කතාවේ විඩීයෝ පටයත් මම ඔබට පෙන්වන්නම්.වැට්‌ බද්දට එරෙහිව විරෝධතා සංවිධානය කළ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික ස්‌ථාන 7 ක්‌ මුද්‍රතැබීම මුදල් ඇමැති රවි කරුණානායගම් ගේ ක්‍රියාවක්‌ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල පැවසීය.  ගම්මන්පිල එම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ 16 දා පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගම්මන්පිල  මෙසේද පැවසීය.

ඇමතිතුමා චොප්පේ වගේ චණ්‌ඩි පාට්‌ දාලා නිකන් හිටියේ නෑ. ඒක ක්‍රියාත්මක කළා. දැන් ව්‍යාපාරික ස්‌ථාන හතක්‌ වහළ දමල තියෙනවා. මේ ව්‍යාපාරික ස්‌ථානවලින් බහුතරය පසුගිය මැතිවරණවලදී වත්මන් ආණ්‌ඩුවට උදව් කළ අයගේයි. නමුත් වත්මන් ආණ්‌ඩුවේ වැරදි පෙන්වා දීපු නිසා අද ඔවුන් ආණුඩුවේ උදහසට ලක්‌වී තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය යොදාගනිමින් අද ව්‍යාපාරික ප්‍රජාව මර්දනයට මේ ආණ්‌ඩුව කටයුතු කරනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි ව්‍යාපාරික ප්‍රජාව මෙවැනි මර්දනයකට ගොදුරු වෙන්නේ. විරුද්ධ දේශපාලකයන්, කම්කරුවන්, ශිෂ්‍යයන්, ධීවරයන් මර්දනය කළත් ව්‍යපාරිකයන්ට එරෙහිව මර්දනයක්‌ දියත්කළ පළමු වතාව මෙයයි. ව්‍යාපාරික මර්දනය සඳහා රේගුව යොදා ගැනීම පිළිබඳ රේගුව සුරැකීමේ සංවිධානය තමන්ගේ දැඩි පිළිකුල දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා අපි ආණ්‌ඩුවට සිහිපත් කරනවා වැරදි තැනකට අත තියලා තියෙන්නේ. ආණ්‌ඩුවට ආදායම ගෙන්නේ ව්‍යාපාරික ප්‍රජාව. සෘජු බදු ගෙවන්නේ,වක්‍රබදු එකතු දෙන්නේ ව්‍යාපාරික ප්‍රජාව. ඒ නිසා ඒ අයට අත තබා මේ ආර්ථිකය බිමට සමතලා කරන්න එපා කියල අනතුරු ඇඟවීම අපි ආණ්‌ඩුවට කරනවා.

පසුගිය සති දෙක පුරාම තිබුණු සංවාදය වුණේ ගණන් පුළුවන් කාටද යන්නයි. පා ගමන් ගිය අයට ද? පා ගමනට විරුද්ධ අයට ද? ඒ සංවාදය තාමත් යනවා. පා ගමනට විරුද්ධ අයටයි ගණන් බැරි කියන එක ඊයේ චන්ද්‍රිsකා මැතිනිsය ප්‍රායෝගිකව පෙන්වා දුන්නා. ඊයේ එතුමියගේ කතාවකදී කියනවා යුද්ධයෙන් හතරෙන් තුනක්‌ එතුමිය ඉවර කළාලු. එජාපයත් විශාල කොටසක්‌ ඉවර කළාලු. ඒ නිසා මහින්ද මැතිතුමාට ඉතුරු වෙලා තිබුණේ හතරෙන් එකක්‌ලු. අපි තුනේ පන්තියේදි ඉඳන් දන්නවා 3/4 යි 1/4 එකතු කළාම සම්පූර්ණ එකයි. ඒ කියන්නේ චන්ද්‍රිකා මැතිණියගේ 3/4 යි මහින්ද මැතිතුමාගේ 1/4 යි එකතු කලාම සම්පූර්ණ යුද්ධය හැදෙනවා. දැන් එතකොට එජාපය විසින් අවසන් කළා කියන විශාල කොටස කොහෙද තියෙන්නේ. එජාපය යුද්දයෙන් විශාල කොටසක්‌ කළා කියන්නේ යුද්දේ නමින් කරපු සද්දේ ගැන ද නැත්නම් යුද්දේ නමින් කරපු සුද්දේ ගැන ද කියන එක එතුමිය පැහැදිලි කරන්න ඕන.

කොටි විරෝධි යුද්ධයේ අඳුරුතම සමය තමයි චන්ද්‍රිකා මැතිනියගේ සමය. එම යුද්ධයේ දැවැන්තම පරාජයන් තුන ලෙස සලකන හමුදා භටයින් දහස්‌ ගණනින් අපට අහිමි වුණු මුලතිව්, අලිමංකඩ සහ වන්නි හමුදා කඳවුරු බිඳ වැටීම සිදු වුණේ එතුමියගේ සමයේ. අලිමංකඩ 2000 දී. වන්නි කඳවුරු පද්ධතිය 1999 දී මුලතිව් 1996 දී. මුලතිව් සටනේ දී කොටි 332ක්‌ මැරෙන විට රණවිරුවන් 1,242කට දිවි පුදන්න සිදුවුණා. එතුමිය ජනපතිනිය වුණු අලුත ජනරාල් අනුරුද්ධ රත්වත්තේ සවිමත්ව සිටි නිසා යාපනය බේරා ගැනීමට හැකි වුණු බව සිහිපත් කරන්න ඕනෑ. අපි කුහකවෙන්න නරකයි ඒක අමතක කරන්න. නමුත් පසුකාලීනව ඇය සිටියේ කොටි ඒජන්තයින්ගේ සිර අඩස්‌සියේ සිර කාරියක්‌ බවට පත් වුණු නිසා 96 සිට එතුමිය ගෙදර යනතුරුම හැමදාම රණවිරුවන් දිගින් දිගටම පරාජය වුණේ. එහෙව් ඇය තමයි යුද්ධයෙන් 3/4 ක්‌ ඉවර කළේ මමයි කියලා කියන්නේ. අපි එතුමියට අනුකම්පා කරන්න ඕනේ මොකද එතුමියගේ මොළයට බෝම්බ ප්‍රහාරයකින් හානි සිදුවේලා තියෙන්නේ. එතුමිය මෙවැනි ප්‍රකාශයන් කරලා මාධ්‍යවලින් හිටපු ජනාධිපති කියලා මේවා පෙන්වන කොට එවා නිවැරදි කිරීමට අපි අනිවාර්යෙන්ම පෙලඹෙනවා.

චන්ද්‍රිකා ජනාධිපතිතුමිය කියන කතාවේ සමහරවිට ඇත්තක්‌ තියෙන්නත් ඉඩ තියෙනවා. ජනාධිපතිතුමිය 1996න් පස්‌සේ හිටියේ කොටිත් එක්‌ක කියලා මම කලින් කිව්වා. ගුවන්තොටුපළට, වරායවල් වලට ප්‍රහාර එල්ල කරා, කොළඹ නිරන්තරයෙන් බෝම්බ පත්තු වුණා. එතුමියගේ කාළේ. එතුමිය හිටියේ කොටින්ගේ පැත්තෙනේ. කොටින්ගේ පැත්තෙන් බැලුවම නම් 3/4 ක්‌ ඉවර කරලා තිබුණේ. තව 1/4 ඉවර කර ගන්න තිබුණේ මහින්ද මහත්තයා බලයට එන කොට. එතුමිය 95ට කලින් හිටිය පැත්තේ නෙවෙයි 96 පස්‌සේ හිටිය පැත්ත සලකා බලද්දි නම් එතුමිය කියන යුද්ධයෙන් 3/4 ක්‌ ඉවර වෙලා තිබ්බා කියන කතාව ඇත්ත. 1/4 ඉවර කර ගන්න තිබුණේ හොඳ වේලාවට මහින්ද රාජපක්‌ෂ මැතිතුමා ඇවිල්ලා කොටියා ඉවර කළේ නැත්නම් කොටියා යුද්ධයේ ඉතුරු 1/4 ඉවර කරන්න ඉඩ තිබුණා. එතුමිය මොන පැත්තේ ඉඳන්ද මේ කතාව කියන්නේ කිව්ව නම් හරි එතුමිය බොරුවක්‌ කියලා නෑ. අපි කුලප්පුවෙලා තියෙන්නේ එතුමිය ඉන්නේ මොන පැත්තේද කියලා අවංකව ප්‍රකාශ කර නැති හින්දා.

ඒ වගේම කොටි පරදන යුද්ධයේ මහ මොළකරු වන ගෝඨාභය රාජපක්‌ෂ මැතිතුමා කොමිස්‌ ගහලා පිටරට සල්ලි හංගලා තිබෙන බව පවසමින් හොරෙක්‌ විදියට එතුමියගේ කතාවේ හංවඩු ගැහැව්වා. එතුමා වැනි අවංක පුද්ගලයෙකුට මඩ ගැසීම නිසා ළඟදීම එතුමියට වන්දි නඩුවකට මුහුණ දෙන්න සිදුවන බව නම් ඉර හඳ සේ විශ්වාසයි. මම අද උදෑසන ගෝඨාභය මැතිතුමාට කතා කළා. එතුමා අනිවාර්යෙන්ම චන්ද්‍රිකා මැතිනියගෙන් වන්දි ඉල්ලා එන්තරවාසියක්‌ යවන බව ප්‍රකාශ කළා. මේ දවස්‌වල උසාවි නිවාඩු නිසා එතුමාගේ නීතිඥයින් විදේශ ගත වෙලා. ඒ අය ආපු ගමන් එන්තරවාසිය යවන බව ප්‍රකාශ කළා.

මේ ආණ්‌ඩුවට ගෝඨාභය භීතිකාවක්‌ නැතිනම් මාෆියාවක්  තිබෙනවා. ආණ්‌ඩුව ආපු ගමන් රටට දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක්‌ ගෙනා ඇවන්ගාට්‌ සමාගම විනාශ කළා ගෝඨාභය මැතිතුමා විනාශ කරන්න. ගෝඨාභය මැතිතුමා නම් විනාශ වුණේ නෑ. නමුත් ඇවන්ගාඩ් සමාගම කියන සම්පත විනාශ වුණා. ඊළඟට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නවදෙනෙක්‌ අවුරුද්දක්‌ පුරා රක්‌ෂිත බන්ධනාගාරයේ ඉන්නවා. එක්‌නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳ ගෝඨාභය මැතිඳුන්ට විරුද්ධව සාක්‌ෂි දෙන්න බල කරමින්. ඒ අය ඒක ප්‍රතික්‌ෂේප කරන නිසා තවමත් හිරේ. නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් තුන්දෙනෙක්‌ හිරේ පදනම් විරහිතව රවිරාඡ් ඝාතනය පිළිබඳ චෝදනා නගමින්. එතැනත් අවසන් ඉලක්‌කය ගෝඨාභය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක තාජුඩීන්ගේ මරණයට අත්අඩංගුවට ගෙන මාස ගණනාවක්‌ හිරේ. එතැනත් අවසන් ඉලක්‌කය ගෝඨාභය මැතිඳුන්. මේ රණවිරුවන් කවුරුවත් මේ ජාතික වීරයාට එරෙහිව බොරු සාක්‌ෂි නොදෙන නිසා තමයි තවමත් හිරේ ඉන්නේ. සිඳිත මඩිත එක ලෙස විහිදෙයි සුවඳ කියන කවිය සිහිපත් කරමින් සඳුන් ගහ වගේම ගෝඨාභය මැතිතුමාත් කපන්න කපන්න වැඩි වැඩියෙන් සුවඳ හමනවා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක  - සැප්තැම්බර් 10 වැනිදා කැම්බල්පිටියේදී පැවැත්වෙන එක්‌සත් ජාතික පක්‌ෂයේ 70 වන සංවත්සරයට මෛත්‍රිපාල සිරිසේනට ආරාධනා කර තිබෙනවා. මීට පෙර තිබූ සංවත්සර වලටත් ඡේ. ආර්. ජයවර්ධනගේ, ආර්. ප්‍රේමදාසගේ පිංතූර දෙපසේ තබාගෙන සිරිකොතේදී ඊට සහභාගි වූවා.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ 65 වන සම්මේලනය සඳහාත් කටයුතු කරනවා. එම සම්මේලනය පැවැත්වෙන්නෙත් මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන්. මෛත්‍රිපාල සිරිසේන  කටයුතු කරන්නෙත් බණ්‌ඩාරනායක  වගේ කියල කියනවා. බණ්‌ඩාරනායක මහතාගේ ප්‍රගතිශීලි පැත්තට. නමුත් මෛත්‍රිපාල  යන්නේ ඒ මගේ ආපස්‌සට.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.