සිය
පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අයුතු ලෙස භාවිත කරමින් රුපියල්
මිලියන 45 ක මුදලක් උපයා
සැකකරුවන්ට එරෙහි පැමිණිලි දෙකට අදාළව රුපියල් ලක්ෂ සියය (100) බැගින් වූ පෞද්ගලික ඇපකරුවන් සිව් දෙනකු ඉදිරිපත් කරන ලෙසත් පැමිණිලි දෙකටම අදාළව මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් තබන ලෙසත් නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඇප තැබීමෙන් පසු සෑම මසකම පළමු හා අවසන් ඉරු දිනවල පෙරවරු 9 ත් මධ්‍යහ්න 12 ත් අතර කාලයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිට වාර්තා කරන ලෙසට දැඩි ඇප කොන්දේසි පනවනු ලැබුවේය.
විමර්ශනයේ සාක්ෂිකරුවන්ට හා විමර්ශන නිලධාරීන්ට කිසිදු බලපෑමක් සිදු නොවිය යුතු බවද සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසද නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඇප කොන්දේසි කඩ කිරීමක් පිළිබඳව වාර්තා වුවහොත් නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට අවධාරණය කළේය.
සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුත් දක්වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබුවේය.
පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නාමල් රාජපක්ෂ, සුදර්ශන බණ්ඩාර ගනේගොඩ හා නිත්‍යා සේනානි සමරනායක යන තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.
වැඩිදුර වාර්තා ගොනු කරමින් කරුණු දැක් වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිපතිවරයාගේ දැනුම් දීම මත සැකකරුවන්ගෙන් ප්‍රකාශ ගෙන ඔවුන් අත්අඩංගුවට ගත් බවත් ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැති සැකකරු විදේශ ගතව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඔහු වෙසෙන ඔස්ටේ්රලියාවේ ෙෆඩරල් පොලිසිය සමග එක්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් දන්වා සිටියේය.
සිද්ධියට සම්බන්ධ තවත් අයෙක් නාමල් රාජපක්ෂගේ බලපෑම් මත සැඟව ඇති බවද සම්බන්ධිත විදෙස් සමාගම් දෙකක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් පැවසූ විමර්ශන කොට්ඨාසය සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසත් පැමිණිලි සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බවත් කියා සිටියේය.
නීතිඥවරුන් පිරිසක් සමග එක් වෙමින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ කරුණු දක්වමින් පසුගිය 15 දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන්ට අධිකරණයේ අභිමතය පරිදි ඇප දිය හැකි බව කියා සිටියේය.
නාමල් රාජපක්ෂ උසාවිය මග හැර යන අයෙකු නොවන බවත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නීතිඥවරයෙකු ද වන බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පැවසූ සෑම විටම සැකකරු මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටි බවත් පැවසුවේය.
නිත්‍යා සේනානි සමරනායක ගේ සහෝදරියගේ විවාහය ලබන 07 දා වෝටර්ස් ඒඡ්හිදී පැවැත්වෙන බවද එහි කටයුතු සිදු කිරීමට ඇති ඇය පිළිබඳව සලකා බලා ඇප නියම කරන ලෙසද ජයන්ත වීරසිංහ ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ඉදිරිපත් කර ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ හා අපරාධ නඩු විභාග සංග්‍රහය යටතේ බැවින් ඇප මත මුදා හැරීමට සුවිශේෂ කරුණු අවශ්‍ය නොවන බවත් එසේම අධිකරණයට කිසිදු පුද්ගලයෙක් විශේෂ නොවන හෙයින් සියලු සැකකරුවන් විත්ති කූඩුවට ගොඩ වෙන සැකකරුවන් පමණක් බවත් පෙන්වා දුන්නේය.
මහෙස්ත්රාත්වරයකු දවසේ පැය 24 ම වැඩ කළ යුතු බවද ඕනෑම වේලාවක මහෙස්ත්‍රාත්වරයෙකු වෙත ඕනෑම සැකකරුවකු ඉදිරිපත් කළ හැකි බවද පැවසූ මහෙස්ත්‍රාත්වරයා නඩු විභාගයක් අවසන් වනතුරු සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කර තැබිය හැකි බව පැවසූවේය.
සැකකරුවන්ට එරෙහි නඩු විභාගයක් පවත්වා අවසන් වනතුරු ඔවුන් නිවැරදිකරුවන් ලෙසට සලකන බවත් පැවසූ මහෙස්ත්‍රාත්වරයා වැරදිකරුවන් වුවහොත් දේපළ රාජසන්තක වී වටිනාකම මෙන් තුන් ගුණයක දඩයක් සමග සිර දඬුවම් හිමිවන බවද කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ පමණින් අධිකරණය මග හරින අයෙකු නොවන බවට නිගමනය කළ නොහැකි වන්නේ සියලු දෙනා මිනිස්සු වන බැවින් බවද පැවසූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් සියලු දෙනා පැමිණිලි දෙකටම අදාළව රුපියල් ලක්ෂයක මුදලින් ඇප තැබිය යුතු බවත් පැමිණිලි දෙකට රුපියල් ලක්ෂ සියය බැගින් වූ පෞද්ගලික ඇපකරුවන් සිව් දෙනෙකු ඉදිරිපත් කළ යුතු බවත් පැවසූවේය.
පැමිණිල්ලේ අනෙක් සැකකරුවන් වන සුජානි බෝගොල්ලාගම හා ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ දෙදෙනා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසද නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිලි දෙක ලබන සැප්තැම්බර් 01 දා නැවත කැඳවන ලෙස නියෝග කළේය.