ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට නියමිතව තිබූ එම ස්ථානයේ විද්‍යාලයක් ඇරඹීමට විරුද්ධව ඔවුහු එසේ අප්‍රසාදය පළ කළහ. ඇමැතිවරයා උත්සව සභාව අමතන විට පොලිස් බාධක බිඳගෙන පැමිණි පිරිසක් විරෝධය පළ කළහ.
ඇමැතිවරයා කියා සිටියේ එම භූමියේ කොටසක් පමණක් පාසල ඉදි කිරීමට යොදා ගන්නා බවයි. ඉතිරි භූමියේ ක්‍රීඩා පිටිය ඉදිකර දෙන බවද කීය. මොන සක්කරයා පැමිණියද විදුහල ඉදිකිරීම නොනවත්වන බවද ඇමැතිවරයා පැවසීය.
උත්සවය අවසන්ව ඇමැතිවරයාට පිටත්ව යෑමට නොහැකි ලෙස විරෝධතාකරුවෝ මාර්ගය අවහිර කර තිබූ අතර මද වේලාවක් රැඳී සිටි ඇමැතිවරයා සහ ආරක්ෂකයෝ විකල්ප මාර්ගවලින් පිටව ගියහ. විරෝධතාකරුවෝ ඔවුන් පසුපස හඹායමින් හූ කියන්නට වූහ. පසුව ඔලියමුල්ල මංසන්ධියට පැමිණි විරෝධතාකරුවෝ ජෝන් අමරතුංග ඇමැතිගේ රුව රැගත් පුවරුවක් ගිනි තැබූහ.
තමන් සැළසුම් කළ ව්‍යාපෘතිය ජෝන් අමරතුංග අවුල් කළ බව ඇමැති මනෝ ගනේෂන් අදහස් දක්වමින් කීවේය.