ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 17, 2016

ග්‍රාමයාගෙන් ග්‍රාමයෙකුට සම්මානයක්...!!!

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වාසලකෝට්‌ටේ පිහිටි කරපුන්නාවැව සැල්වීනියා ඇතුළු ජලජ ශාකවලින් වැසී ගොස්‌ තිබියදී එම වැව පිරිසිදු කර ගොවීන්ට ලබාදීමේ සමාජ සත්කාරයක්‌ පිළිබඳ වාර්තා වේ. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම්. යූ. නිශාන්තගේ උපදෙස්‌ පරිදි මෙම සමාජ මෙහෙවර මෙහෙයවූයේ වාසලකෝට්‌ටේ ග්‍රාම නිලධාරී බුද්ධික සමරකෝන්ය. ඒ අනුව වැවේ සැල්වීනියා ඇතුළු ජලජ ශාක ඉවත් කිරීමට මෙම ග්‍රාම නිලධාරිවරයා ගමේ තරුණ පිරිස, ගොවීන්, අසල්වැසියන්, ආපදා කළමනාකරණ නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර කේ. කේ. අබේගුණසේකර, සංවර්ධන නිලධාරිවයි. ජී. ඒ. එම්. ජයසූරිය ආදීන්ගේද සහාය ලබාගත් අතර බැකෝ යන්ත්‍රයක්‌ද යොදා ගත්හ.
මෙහිදී මෙම සමාජ මෙහෙවර කෙරෙන අයුරු නිරීක්‍ෂණය කරමින් වැවට බැස ක්‍රියාවෙන්ද සැල්වීනියා ඉවත් කිරීමට සහාය වීමට මෙම නිලධාරියා ක්‍රියා කළේ සෙසු ග්‍රාම නිලධාරීන්ටද ආදර්ශයක්‌ දෙමිනි. මෙහි ඇති විශේෂත්වය නම් මෙම මෙහෙයුම සඳහා ඇස්‌තමේන්තු කළ රුපියල් ලක්‍ෂ 37 මුදලින් ලක්‍ෂ 35 ක්‌ම ඉතිරිකර ගැනීමට හැකිවීමයි.

මෙහිදී ග්‍රාම නිලධාරිවරයා පැවසුවේ තමන්ට මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට හැකි වූයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් ලැබුණු සහය නිසා බවයි.

මේ අතර පසුගියදා (2016) පරිසර දිනය නිමිත්තෙන් මාතලේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ ජාතික පරිසර උත්සවයේ දී ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට මෙම නිලධාරියාට වාසනාව උදාවී තිබිණි.


 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.