ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 21, 2016

දඩයම වැරදුණු බංකොලොත් ටෙන්ඩර් කල්ලිය....!!!

පසුගිය කාලයේ කාර්මික තාක්‍ෂණ ආයතනයේ කීර්ති නාමයට පහරදී තමන් ඉදිරිපත් කරන බාල භාණ්‌ඩ රාජ්‍ය ආයතනවලට සපයමින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකුම බා ගැනීමට සංවිධානාත්මක පිරිසක්‌ සැලසුම් කළහ.මෙරට රාජ්‍ය ආයතන සඳහා භාණ්‌ඩ හා සේවා ලබා ගැනීමේදී දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වන පිළිගත් ක්‍රමවේදය වන්නේ ආදාළ සැපයුම්කරුවන්ගෙන් විවෘත ටෙන්ඩර් කැඳවීමය.එහිදී සැපයුම්කරුවන් ඉදිරිපත් කරන භාණ්‌ඩවල ප්‍රමිතිය පරීක්‍ෂා කර බැලීමද අතීතයේ සිට මේ දක්‌වාමත් සිදු වන ක්‍රියාවලියකි. රාජ්‍ය ආයතන සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ගුණාත්මකභාවයෙන් යුතු උසස්‌ තත්ත්වයේ භාණ්‌ඩ ලබා ගැනීම එකී ප්‍රමිති පරීක්‍ෂාවේ අරමුණ විය.සැපයුම්කරුවන්ගේ උපක්‍රමවලට හසු නොවී නිසි ප්‍රමිතියෙන් යුතු භාණ්‌ඩ ලබාගැනීමට එමගින් අවස්‌ථාව ලැබිණ.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය මෙන්ම අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ පරිහරණය සඳහා පාවහන්, නිල ඇඳුම් සහ කාර්යාලීය උපකරණ ආදී ලෙසින් වූ සියලුම භාණ්‌ඩ සපයාගනු ලැබුවේ එකී ක්‍රමයට අනුවය.
එහිදී අදාළ ටෙන්ඩර් සඳහා සහභාගි වන සැපයුම්කරුවන් මිල ගණන් ඉදිරිපත් කිරීමේදී තමන් සපයනු ලබන භාණ්‌ඩවල සාම්පල කිහිපයක්‌ ලබා දිය යුතු වන අතර ප්‍රමිති පරීක්‍ෂණ සඳහා යොමු කෙරුණේ එසේ ඉදිරිපත් කළ සාම්පලය.
මෙහිදී අදාළ භාණ්‌ඩවල ප්‍රමිතිය පරීක්‍ෂා කර බැලීමේ ජාතික වගකීමට උරදුන් රාජ්‍ය ආයතන දෙකක්‌ කලක සිටම මෙරට තුළ ස්‌ථාපිත කර තිබිණ. ඉන් එකක්‌ වූයේ ජාතික කාර්මික තාක්‍ෂණ ආයතනය ය. එකී වගකීම භාර වූ දෙවැනි ආයතනය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විය.

මෙකී ආයතන දෙක අතරින් කාර්මික තාක්‍ෂණ ආයතනය යනු ඒ අන්දමින් රාජ්‍ය මිලදී ගැනීම්වලදී සිදු කෙරුණු පරීක්‍ෂණවලට පමණක්‌ සීමා නොවූවකි.

ඉකුත් කාලයේ මෙරට තුළ මහත් ආන්දොaලනයට ලක්‌වූ සිදුවීම් හමුවේ නිසි විද්‍යාත්මක පර්යේෂණ සිදු කර ජාත්‍යන්තර මට්‌ටමින් ගැටලුවලට පිළිතුරු දෙන්නටද කාර්මික තාක්‍ෂණ ආයතනය සමත් විය.

වරෙක මෙරට වෙළෙඳ පොළේ ඇති කිරිපිටි වර්ගවල මිනිස්‌ සිරුරට අහිතකර ඉහළ මෙලමයින් ප්‍රතිශතයක්‌ අඩංගු බව රටට හෙළි කරමින් ජාතික වශයෙන් සිදු වෙමින් තිබූ ව්‍යසනයකින් රට බේරා ගැනීමටද කාර්මික තාක්‍ෂණ ආයතනයේ විද්‍යාගාර පර්යේෂකයෝ සමත් වූහ.

එසේම ශ්‍රී ලාංකීය ගොවි ජනතාවට මරණය ළඟා කර දෙමින් ෙ€දනීය ලෙස මෙරට තුළ පැතිර යන හඳුනා නොගත් මාරාන්තික වකුගඩු රෝගයේදී හෙවත් ආසනික්‌ ඇතුළු බැර ලෝහ පිළිබඳ ගැටලුවේදී ගොවි ජනතාව භාවිත කරනු ලබන කෘෂි රසායන පිළිබඳ නිසි විද්‍යාත්මක පර්යේෂණ සිදු කරමින් කාර්මික තාක්‍ෂණ ආයතනය ඉටු කරන ලද ජාතික මෙහෙවරද අගය කළ යුතුය.

සැබැවින්ම ජාතික කාර්මික තාක්‍ෂණ ආයතනය යනු ඉහළම තාක්‍ෂණයෙන් යුතු මෙවලම් සහිතව ප්‍රතීකරණය කරනු ලැබූ විද්‍යාගාර පහසුකම් සමඟ ජාත්‍යන්තර මට්‌ටමේ පර්යේෂණ සිදු කරන ආයතනයක්‌ ලෙස දැනට බොහෝ කලක සිටි කීර්තියක්‌ අත්කරගෙන තිබෙන්නකි.

සෑම අවස්‌ථාවකම එමඟින් සිදු කරනු ලබන විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵල සියයට සියයක්‌ම නිවැරදි වූ ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබූ ඒවා විය. එහෙයින් එමගින් නිකුත් කරනු ලබන ප්‍රමිති වාර්තා ජාත්‍යන්තර මට්‌ටමේ පවතින බවට පිළිගැනීමකට ලක්‌ව තිබිණ.

එහෙත් පසුගිය කාලයේ රාජ්‍ය ටෙන්ඩර් කැඳවීම් අනුව පොලිසියට සහ හමුදාවන්ට පාවහන් මිලදී ගැනීමේදී ඇතැම් සැපයුම්කරුවනට වාසිසහගත වන අන්දමට කාර්මික තාක්‍ෂණ ආයතනය මගින් ප්‍රමිති වාර්තා නිකුත් කරන්නේ යෑයි ලෙසින් වූ ප්‍රචාරයක්‌ දියත් විය.

එකී ප්‍රචාරයන්ට සමහර මාධ්‍යය මගින් ද අවස්‌ථාවක්‌ ලබා දී තිබිණ. එය කීර්තිමත් පර්යේෂණ ආයතනයක්‌ වූ කාර්මික තාක්‍ෂණ ආයතනයට විශාල කැළලක්‌ සිදු කරන්නක්‌ බවටද පත්විය.

එහෙත් ජාතික කාර්මික තාක්‍ෂණ ආයතනයට එරෙහිව ක්‍රියාත්මක වූ එකී ප්‍රචාරක ව්‍යාපාරය කාර්මික තාක්‍ෂණ ආයතනයේ කීර්ති නාමය විනාශ කිරීම සඳහා සිදු කෙරුණු එක්‌තරා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක ප්‍රතිඵලයක්‌ බව මේ වන විට තහවුරු වී අවසන්ය.

පසුගිය කාලයේ ආරක්‍ෂක අංශද ඇතුළු රාජ්‍ය අංශයේ ආයතන සඳහා පාවහන්, නිල ඇඳුම් ආදී ලෙසින් වූ විවිධ භාණ්‌ඩ මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් තොර භාණ්‌ඩ ඉදිරිපත් කරමින් ජාතික ධනය සූරා කෑමට සූදානම් වූ සංවිධානාත්මක පිරිසක්‌ සූදානම් වූහ.

එහෙත් මොවුන් ඉදිරිපත් කරනු ලැබූ භාණ්‌ඩ සාම්පලවල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීම සඳහා අදාළ භාණ්‌ඩ කාර්මික තාක්‍ෂණ ආයතනය වෙත ඉදිරිපත් කිරීමේදී ඒවා නිසි ප්‍රමිතියෙන් තොර බවට දිගින් දිගටම විද්‍යාත්මක පර්යේෂණ මගින් කාර්මික තාක්‍ෂණ ආයතනය තහවුරු කළේය.

එහිදී අදාළ බාල භාණ්‌ඩ ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුවනට රාජ්‍ය ආයතනවලට භාණ්‌ඩ සපයමින් ජාතික ධනය ගසා කෑමට තිබුණු ඉඩකඩ ඇහිරී ගියේය.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ මෙකී බංකොලොත් ටෙන්ඩර්කරුවෝ සංවිධානාත්මක ලෙස ජාතික කාර්මික තාක්‍ෂණ ආයතනය හෙවත් අයිටීඅයි කීර්ති නාමය වැනසීමට කුමන්ත්‍රණය කිරීම විය.

ඉකුත් කාලයේ කාර්මික තාක්‍ෂණ ආයතනයට එරෙහිව දියත් වූ ඉහත කී ප්‍රචාරක ව්‍යාපාරය පසුපස සිට ඇත්තේ එවන් වූ බංකොලොත් ටෙන්ඩර්කරුවන් පිරිසක්‌ බවද අද හෙළිදරව් වී තිබෙන්නේය.

එකී අනාවරණය සිදු වන්නේද අපූරු අන්දමිනි. සාමාන්‍යයෙන් මෙරට ආරක්‍ෂක හමුදා මෙන්ම පොලිසිය සඳහා පාවහන් සහ නිල ඇඳුම් ඇතුළු භාණ්‌ඩ මිලදී ගැනීමේදී කාලයක සිට ක්‍රියාත්මක වන එක්‌තරා ක්‍රමවේදයක්‌ තිබිණ. එය ආරක්‍ෂක අංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නකි.

මේ අනුව පාවහන් සහ නිල ඇඳුම් ඇතුළු භාණ්‌ඩ මිලදී ගැනීමේදී කාර්මික තාක්‍ෂණ ආයතනය වෙත ඉදිරිපත් කරනු ලබන භාණ්‌ඩ සාම්පල මෙරට පිළිගත් තවත් පර්යේෂණ ආයතනයක්‌ වෙත ඉදිරිපත් කර ප්‍රමිති වාර්තාවක්‌ ලබා ගැනීම සවර ගණනාවක සිටම සිදු විය.

මෙහිදී පැහැදිලිවම සිදු කෙරුණේ එක්‌ ටෙන්ඩරයක්‌ සඳහා පිළිගත් විද්‍යාත්මක පර්යේෂණ ආයතන දෙකකින්ම ප්‍රමිති සහතික ලබා ගැනීමය. එය දැනටත් සිදුවෙමින් තිබෙන්නකි. ඒ අනුව පෙනී ගිය එක්‌ වැදගත් කරුණක්‌ තිබිණ. ඒ කාර්මික තාක්‍ෂණ ආයතනය නිකුත් කරනු ලබන ප්‍රමිති සහතික පෙර කී මෙරට පිළිගත් දෙවැනි විද්‍යාත්මක පර්යේෂණ ආයතනය මගින් නිකුත් කරනු ලබන ප්‍රමිති සහතික සමඟ පැහැදිලි ලෙසම ගැලපෙන බවය.

ඉන් තහවුරු වූයේ කාර්මික තාක්‍ෂණ ආයතනයේ ප්‍රමිති සහතික යනු කිසිදු දොසක්‌ නොමැති සියයට සියයක්‌ම නිවැරදි ජාත්‍යන්තර මට්‌ටමේ පවතින ඒවා බවය. එහෙත් කාර්මික තාක්‍ෂණ ආයතනයේ ප්‍රමිති සහතික එසේ නිවැරදි වෙද්දී ඉන් පහර වැදුණේ ඉහත කී බංකොලොත් වූ ටෙන්ඩර් කල්ලියටය. එහෙයින් ඔවුහු කාර්මික තාක්‍ෂණ ආයතනයට පහර දෙනු වස්‌ අසත්‍ය තොරතුරු හරහා විවිධ ප්‍රචාරයන් ගෙන යන අතරේ ඒවා ඇතැම් මාධ්‍යයටද ලබා දී තිබිණ.

එමගින් කාර්මික තාක්‍ෂණ ආයතනයේ කීර්ති නාමයට පහරදී තමන් ඉදිරිපත් කරන බාල භාණ්‌ඩ රාජ්‍ය ආයතනවලට සපයමින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකුම බා ගැනීමට එකී කුමන්ත්‍රණකරුවෝ සැලසුම් කළහ. එහෙත් වාසනාවකට මෙන් එකී උත්සාහය අද පරාජය වී ඇත.

කාර්මික තාක්‍ෂණ ආයතනය යනු අදටත් ජාත්‍යන්තර මට්‌ටමේ විද්‍යාත්මක සහ තත්ත්වය සහතික නිකුත් කරන කීර්තිමත් ආයතනයක්‌ බවට යළි යළිත් තහවුරු වී ඇත. එසේ නොවුණේ නම් කිරිපිටිවල මෙලමයින් අන්තර්ගත වීම සහ කෘෂිරසායනවල ආසනික්‌ වැනි ජාතික වශයෙන් වැදගත් වූ සිදුවීම්වලදී පවා නිසි පර්යේෂණ වාර්තා නිකුත් කළ රටට වැදගත් රාජ්‍ය
පර්යේෂණාගාරයක්‌ වූ කාර්මික තාක්‍ෂණ ආයතනයේ කීර්ති නාමයට මරු පහරක්‌ එල්ල වීමටද ඉඩ තිබිණි.

එහෙත් එය එසේ සිදු නොවීය. එනමුත් අද පරාජය වූ කුමන්ත්‍රණකාරී බංකොලොත් ටෙන්ඩර්කරුවෝ හෙටද ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔවුහු තවත් වටයකින් සිය අරමුණ ජයගනු වස්‌ කටයුතු කරනු ඇත්තාහ.

එහෙන් සෑම මොහොතකම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණු හඳුනා ගනිමින් මෙවන් වටිනා රාජ්‍ය ආයතන රැක ගැනීමට ජාතියක්‌ වශයෙන් අප පෙළ ගැසිය යුතු කාලය දැන් එළැඹ ඇත. රජයේ වගකිවයුතු අංශවලට ද ඒ වැටහීම ඇති විය යුතුමය.

සෙනවි රණබාහු

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.