බම්බලපිටිය මොහොමඩ් ශකිබ් සුලෙයිමාන්ගේ (29) ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට
අවශ්‍යවන පස් දෙනකු රටින් පිටවීම වැළැක්වීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
නිශාන්ත පීරිස් මින් මද වේලාවකට පෙර ආගමන විගමන පාලකට හා පොලිස් බුද්ධි අංශ
අධ්‍යක්ෂකට නියෝග කළේය.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ඉල්ලා සිටියේ පුද්ගලයන් පස් දෙනකු මේ සිද්ධීයේ වැදගත් තොරතුරු දන්නා බවට පොලිසියට විස්තර ලැබී ඇති බවයි.ඔවුන් එතෙර යාමට තැත් කළහොත් අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්ගේ නියෝගයේ සඳහන් වේ.
කප්පම ඉල්ලන විටත් ව්‍යාපාරිකයා මරලා...!!!
බම්බලපිටියේ කෝටිපති රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් ශකීබ් සුලෙයිමාන්
පැහැරගනු ලැබූ දිනයේම මරා දමා රුපියල් දෙකෝටියේ කප්පම ඉල්ලන්නට ඇතැයි
පොලිසිය සැක කරයි.
මාවනැල්ලේ හෙම්මාතගම පාරක් අයිනේ තිබී ඔහුගේ
සිරුර සොයාගන්නා විට සිරුර බෙහෝ සෙයින් නරක් වී තිබීම අනුව පැහැරගත් දිනයේම
ඔහු මරා දමා ඇතැයි සිතිය හැකි බවත් මාවනැල්ලේ මාර්ග ආදී ස්ථාන හොඳට හුරු
පුරුදු අයකු මේ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු දන්නවා විය හැකි බවත් පොලිසිය
අනුමාන කරයි.
අපරාධකරුවන් සොයා ගැනීමට බම්බලපිටිය අවට සියලු
පොලිසිවල අපරාධ පරීක්ෂක හා ස්ථානාධිපතිවරු අද (25) විශේෂ සාකච්ඡාවකට කැඳවනු
ලැබ සිටිති.
ව්‍යාපාරිකයාගේ ඉනේ හා බඩේ තුවාල ඇති බවත් ඔහු ඇඳ සිටි
කලිසම පහළටම ඇද තිබූ බවත් කලිසම යටින් පිජාමා කොට කලිසමක් ඇඳ සිටි බවත්
එයද පහළට ඇද තිබූ බවත් පොලිසිය කියයි. ජනනේන්ද්රියට සම්බන්ධ ඇතැම් අවයව
ඉදිමී තිබූ බවත් පොලිසිය පවසයි.
මෙම ව්‍යාපාරිකයා පැහැරගත් ස්ථානයේ ලේ පැල්ලම් විසිරී තිබිණි.
එයින්
පැහැර ගනිද්දීම ඔහු මැරයන්ගේ ප්‍රහාරයට ලක්වී ඇති බව පෙනෙන බවත් කප්පම්
ඉල්ලන විට ඔහු ජීවතුන් අතර නොසිටි බවට බොහෝ දුරට විශ්වාස කළ හැකි බවත්
මෙතෙක් කළ පරීක්ෂණ වලින් හෙළිවෙතියි පොලිසියේ උසස් නිලධරයෙක් කියයි.