ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු විදේශ ගතවන්නේ නම් ජනාධිපතිවරයාගේ පූර්ණ අනුමැතිය ලබාගත යුතු බවත් විදේශ සංචාරවලට රටින් බැහැර වන්නේ නම් සති දෙකකට පෙර තමන්ට ලිඛිතව දැනුම් දිය යුතු බවද ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේන බවට පලවු මාධ්‍ය වාර්තා පිළිබඳව කල විමසිම්කදි එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය උග්‍ර අතට හැරි ඇති බැවින් එම පක්ෂයේ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම නියෝගය කර ඇති බවයි.
මීට අමතරව රජයට ලැබෙන අරමුදල් යොදාගෙන ශ්‍රීලනිපයේ අමාත්‍යවරුන් කණ්ඩායම් වශයෙන් විදේශ සංචාරවල යෙදෙන බවට තොරතුරු සහිතව එජාප අමාත්‍ය කණ්ඩායම ජනාධිපතිවරයාට වාර්තාකල බවද අදාළ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සදහන් කර තිබේ.
ජාතික ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් සදහා නියෝග පනවනු ලබන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බවත් අදාළ පුවත් සම්බන්ධයෙන් එජාපයේ මහා ලේකම්වරායාගෙන්ද විමසිමක් කල අතර එහිදි ඔහුද එය තහවුරු කර සිටි බවයි එජාප ජ්‍යෙෂ්ඨයා සදහන් කර ඇත්තේ.