එම බළකායට ලැබුණු තොරතුරකට අනුව අදාළ සැකකරුවන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ ප්‍රධාන පිටවීමේ දොරටුව අසලදී කොටුකර ගෙන තිබේ.
මෙහිදී මෙම ජංගම දුරකථන තොගයට අමතරව පෙන් ඩ්‍රයිව් 170 ක්ද, ජංගම දුරකථන බැටරි 1192 ක්ද, හෑන්ඩ් ෆ්‍රී S 878 ක්ද, ජංගම දුරකථන චාජර් 915 ක්ද, ඩේටා කේබල් 153 ක්ද, බියුටි ක්‍රීම් 432 ක්ද, නීති විරෝධී දුම්වැටි 400 ක්ද,ෆෙයාර් ඔයිල් 74 ක්ද ඇතුළු තවත් භාණ්ඩ රැසක් එම බළකාය භාරයට ගෙන තිබේ.අත්අඩංගුවට පත් සැකකරුවන් කොළඹ සහ නුවර පදිංචි අවුරුදු 20 ත් 40 ත් අතර වයසේ පසුවන්නන් බවද එම බළකාය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බණ්ඩාර, සහකාර පොලිස් අධිකාරි අබේකෝන්ගේ අධීක්ෂණය යටතේ ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක වෑවිට විදානගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ආර්. ඩබ්. වී. එස්. රාජපක්ෂ ඇතුළු නිලධාරීහු 17 දෙනක් මෙම වැටලීම සඳහා සහභාගි වූහ.