ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 3, 2016

බටලන්දටවත් නැති සෙනෙහේ හදිසියේම ඇයි මේ....!!!

නපුංසක සංහිඳියාවක බෝඩ් ලෑල්ල යටින් ඵන ද්‍රෝහී පාවාදීම්...!!!රටට කොළේ වසා කරන මහා පාවාදීම ගැන පක්‍ෂ පාට සිහිනයෙන් මිදී වහා කියවන්න...!!!

සුදු වෑන් නඩුවට වහාම නීතිපති උපදෙස්‌ ඉල්ලයි...
 පසුගිය රජය සමයේදී සුදු වෑන් භාවිත කරමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි ද්‍රවිඩ ජාතික තරුණයන් 11 දෙනකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයට වහාම උපදෙස්‌ ලබාදෙන ලෙසට නීතිපතිවරයා වෙත අධිකරණ පිස්‌කල්වරයා මගින් දැනුම් දීමක්‌ කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න  (02 දා) නියෝග කළාය.
2008 සැප්තැම්බර් 17 වැනිදා හෝ ඊට ආසන්න දිනවලදී සිදුවී ඇති එම අපරාධය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විමර්ශන වාර්තා සලකා බලා ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස්‌ අයෑද ඇතත් මේ දක්‌වා ලැබී නොතිබීම කෙරෙහි අවධානය යොමුකළ අතිරේක දිසා විනිසුරුවරිය එම නියෝගය කළාය.
සිදුකළ පරීක්‍ෂණ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදා නිලධාරියකු වන නිලන්ත සම්පත් මුණසිංහ නමැත්තා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව එම නඩුව පවරා තිබුණි. 2009 වසරේදී එම නඩුවේ සැකකරුවකු ලෙස ඉදිරිපත් කොට තිබූ සැකකරු මේ වන විට ඇප මත මුදාහැර ඇති අතර ඊයේ (02 දා) නඩුව යළි කැඳවූ අවස්‌ථාවේදී කරුණු දැක්‌වූ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් (අතුරුදන් වූ තරුණයන්ගේ දෙමවුපියන් වෙනුවෙන්) පෙනී සිssටි නීතිඥ අචලා සෙනවිරත්න  මෙසේ පැවසුවාය.

ගරු මැතිනියනි, පැහැරගත් ඒ දරුවන් ත්‍රිකුණාමලයේ 'ගන්සයිඩ්' කියන කඳවුරේ රඳවාගෙන සිටි බවටත් එහිදී එම දරුවන් එම කඳවුරේ බිත්තිවල විවිධ සටහන් දමා ඇති බවටත් තොරතුරු ලැබී තිබෙනවා. එම කඳවුර විදේශීය නිරීක්‍ෂකයන් ද නිරීක්‍ෂණය කර තිබෙනවා. එම සටහන් විමර්ශන නිලධාරී ඡායාරූප ගතකර වීඩියෝ පටිගත කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. තම අතුරුදන් දරුවන් විසින් තැබූ සටහන් එහි තිබෙනවාද කියා එම කඳවුරට ගොස්‌ නිරීක්‍ෂණය කිරීමට හෝ එම වීඩියෝ පට දර්ශන නැරඹීමට මේ දෙමවුපියන් ගරු අධිකරණයෙන් අවසර ඉල්ලා සිටිනවා.

මහෙස්‌ත්‍රාත්වරිය - මේක ඉතා පැරණි නඩුවක්‌. මේ විමර්ශන සඳහා උපදෙස්‌ ලබා දී නඩු කටයුත්ත මෙහෙයවීමට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකු යොමුකරන ලෙස අධිකරණ නීතිපතිවරයාගෙන් ඉල්ලා තියෙනවා. නමුත් අද වනතුරු එම ඉල්ලීම ඉටුවී නෑ. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකු පෙනී සිටීමෙන් අධිකරණයට අවශ්‍ය සහාය ලබාගත හැකියි. කෙසේ නමුත් එම කඳවුර මෙම නඩුවේ අපරාධ ස්‌ථානයක්‌ ලෙසටයි හඳුනාගෙන තිබෙන්නේ. එවැනි ස්‌ථානයක්‌ බාහිර පුද්ගලයන්ට නිරීක්‍ෂණය කරන්න අවසර දෙන්න බෑ. විමර්ශන කටයුතු සම්බන්ධයෙන් පටිගත කර තිබෙන දර්ශන නැරඹීමේ අවස්‌ථාව ලබාදීමටත් අධිකරණයට හැකියාවක්‌ නෑ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අදාළ ස්‌ථානය මුද්‍රd තබලා නාවික හමුදා නිලධාරීන් භාරයේ තිබෙන්නේ.

වැඩිදුර විභාගය අගෝස්‌තු 30 වැනිදා දක්‌වා කල් තැබිණි.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.