ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 20, 2016

ඉල්ලීම් කරන්නේත් තර්ජණයෙන්...!!! උන්ට ගිය රට...!!!

මෙය වෙනත් සරසවියක සිංහල සිසුන් කළා නම්.? සහිඳියාව යැයි කොටි පැටවුනටත් නෝන්ඩිවූ තවත් කථාවක්...!!!


නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ විවෘත කිරීම් කිහිපයකට සහභාගිවීම සඳහා  (19 වැනිදා) එහි පැමිණි උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ලට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉදිරිපත් කළ ගැටලු දහයකට විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වනතුරු අදාළ උත්සව සඳහා සහභාගිවීමට ඉඩ ලබා නොදීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ක්‍රියා කළහ.

ත්‍රිකුණාමලය නැගෙනහිර විශ්වවිද්‍යාල මණ්‌ඩපයේ නේවාසිකාගාරයක්‌ ඇතුළු ගොඩනැඟිලි කහිපයක්‌ විවෘත කිරීම සඳහ උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල (19 වැනිදා) පෙරවරු 9.30 ට විශ්වවිද්‍යාල පිවිසුම් දොරටුවට පැමිණෙද්දී සිසුහු එය වැළැක්‌වූහ.මෙම ගොඩනැඟිලි විවෘත කිරීමට පෙර සිසුන්ට තිබෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කළ යුතු බවට එම සිසුහු ඇමැතිවරයාට කීහ. ඒ අනුව සිසුහු ඇමැතිවරයා ආපනශාලාවට කැඳවාගෙන ගියහ.

අවම පහසුකම් ඇති ආපනශාලාවේ සිට කළ සාකච්ඡාවේදී සිසුහු ප්‍රශ්න දහයක්‌ ඉදිරිපත් කළහ. ක්‍රීඩා පහසුකම්, රංගශාලා පහසුකම් නොමැති බව ද පැවසූහ.

සිසු ගැටලුවලට ඇහුම්කන් දුන් ඇමැතිවරයා රුපියල් මිලියන ගණනක ප්‍රතිපාදන ඒ අවස්‌ථාවේදීම වෙන් කරමින් ජනසන්නිවේදන පාඨමාලාවට අවශ්‍ය ගොඩනැඟිල්ල හා උපකරණ සඳහා මුදල් වැය කිරීමට උපදෙස්‌ දුන්නේය.

සිසුන්ගේ ඉල්ලීම් දහය ලබාදීමට ඇමැතිවරයා එකඟ වුවද සිසුහු එම එකඟත්වය ලිඛීතවම ඉල්ලා සිටියහ. එය ප්‍රතික්‍ෂේප කළ ඇමැතිවරයා පිටව යැමට සූදානම් වෙද්දී සිසුහු ඇමැතිවරයාගේ ගමන වැළැක්‌වූහ. සිසුන්ගේ ඉල්ලීම් සහිත ලේඛනයට උසස්‌ අධ්‍යාපන අමාත්‍ය අතිරේක ලේකම්වරයා අත්සන් කළ පසු ඇමැතිවරයා එම ස්‌ථානයෙන් පිටව ගියේ මෙම අවස්‌ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සහ උප සභාපති සහභාගි නොවීම සම්බන්ධව ඒ අයට දුරකථනයෙන් අමතා දොස්‌ පවරමිනි.

එළැඹෙන 29 දා ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට විශ්වවිද්‍යාලයේ එම සිසුන් සමඟ සාකච්ඡාවක්‌ ලබාදෙන බව පවසා ඇමැතිවරයා ඉන්පසු අදාළ ගොඩනැඟිල්ල විවෘත කළේය. එම විවෘත කිරීම්වලට සිසුහු ද සහභාගි වූහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.