දීර්ඝ කාලයක් තිස්සේ අක්රීයව තිබෙන සාමූහික ගිවිසුම අත්සන් කර වැටුප් සහ දීමනා වැඩි කර ගැනීම සඳහා ලේක්හවුස් ආයතනයේ සියලු වෘත්තීය සමිති එක්ව කළ සාකච්ඡා අවසානයේ දී ලේක්හවුස් සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩල පවසා ඇත්තේ ඕනෑම නම් රුපියල් 305කින් වැටුප් වැඩි කළ හැකි බවය. එයද ලබන වසරේ සිටය.
එසේත් නැති නම් ලේක්හවුස් සේවක සේවිකාවන්ගේ ජීවන වියදම් දීමනාව කප්පාදු කිරීමට එරෙහිව පවත්නා නඩුව ඉල්ලා අස් කර ගන්නේ නම් රුපියල් 750ක වැටුප් වැඩි කිරීමක් ලබා දීමට සූදානම් බව පාලනාධිකාරිය පවසා ඇත. එම නඩුව ජයග්රහණය කළහොත් සේවකයකුට විශාල වන්දියක් සමඟ ඉහළ ජීවන වියදම් දීමනාවක් ලැබීමට නියමිතය.
එම මුදල් ගෙවීම පැහැර හැරීම උදෙසා සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මෙම තුරුම්පුව ගසා ඇතත් සියලු වෘත්තීය සමිති මෙන්ම සේවක සේවිකාවන්ගේ ද විරෝධය එල්ල වීමෙන් අනතුරුව 2017, 2018 වර්ෂ සඳහා පමණක් රුපියල් 750ක වැටුප් වැඩි වීමක් ලබා දීමට හැකි බවට පවසා තිබේ. එහෙත් රුපියල් 750කින් කළ හැකි ලබ්බක් නැතැයි කියමින් සේවක සේවිකාවන් ඊට විරෝධය පා තිබේ.
රාජ්ය සේවකයන් හට හිමි රුපියල් දස දහස අහිමි කිරීම සම්බන්ධයෙන් සේවක සේවිකාවන් අතර මේ වන විට බරපතළ නොසන්සුන් ස්වභෘවයක් හට ගෙන ඇති අතර පසුගිය ජනාධීපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට වැඩ කළ ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් ද විශාල ලෙස කළකිරීමෙන් පසුවන බව දැනගන්නට ඇත.