ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 14, 2016

දසදෙස ජයගත් සිංහල ගැමියා...!!!

''උසස්‌ පෙළ හදාරන විට මම උපකාරක පංති ගියේ නැහැ. ඇත්තටම උපකාරක පංති යන්න මුදල් දෙන්න මගේ දෙමවුපියන්ට ඒ තරම් වත්කමක්‌ තිබුණේ නැහැ. යක්‌කලමුල්ල පුස්‌තකාලයට ගිහින් උසස්‌ පෙළට තියෙන පොත් අරගෙන කියෙව්වා. මට තිබුණු විශේෂ හැකියාවක්‌ තමයි කවුරුවත් කියලා දෙන්න අවශ්‍ය නැහැ. කියවලා ඉගෙන ගන්න පුළුවන්. දැනටත් මම පොත් නිබන්ධන කියවනවා. පසුගිය වසර දෙක තුළ මා දිනකට නිදා ගත්තේ පැය පහක්‌ විතර."  
ආචාර්ය තිලක්‌ කුමාර මුදලිගේ ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ සේවය කරන හයදහසක්‌ වූ විද්‍යාඥයන් අතුරින් 2015 වර්ෂයේ හොදම විද්‍යාඥයාට හිමි සම්මානය දිනා ගත්තේය.ඇමරිකාවේ ආර්ථිකයෙන් සියයට 25 ක්‌ පරිපාලනය කරන ප්‍රමුඛම ආයතනය ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරියයි. ආහාර, බෙහෙත් වර්ග, වෛද්‍ය උපකරණ, ගෘහ උපකරණවල ප්‍රමිතිය පරීක්‌ෂා කරන්නේ මේ ආයතනයේය. කොටින්ම පරිභෝජන ද්‍රව්‍යවල ලෝක ප්‍රමිතිය නිර්මාණ ආයතනය මෙය යෑයි කීවාට වරදක්‌ නැත. ආචාර්ය තිලක්‌ කුමාර මුදලිගේ සේවය කරන්නේ ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේය. එම ආයතනය හා සම්බන්ධව විද්‍යාඥයෝ හය දහසකට අධික පිරිසක්‌ සේවය කරති. ඔහුත් ඒ ආයතනයේ විද්‍යාඥයෙකි. රසායන විද්‍යාව හා නැනෝ තාක්‌ෂණය පිළිබ`ද ලෝකය පිළිගත් ප්‍රාමාණිකයෙක්‌ සේ එම ආයතනයේ කටයුතු කරන්නෙකි.

මේ සටහන ඒ නිසාම නොවේ. ආචාර්ය තිලක්‌ කුමාර මුදලිගේ ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ සේවය කරන හයදහසක්‌ වූ විද්‍යාඥයන් අතුරින් 2015 වර්ෂයේ හො`දම විද්‍යාඥයාට හිමි සම්මානය දිනා ගත්තේය. ඒ ඔහු විසින් නැනෝ තාක්‌ෂණය උපයෝගි කරගෙන ඖෂධ, ආහාර, වෛද්‍ය උපකරණවල ප්‍රමිතිය පරීක්‌ෂා කිරීම වෙනුවෙන් කළ පර්යේෂණය වෙනුවෙනි.

ලෝකය දිනා ආවත් තිලක්‌ කුමාර මුදලිගේ ගමේකමට, අපේකමට පෙම්බ`දින විද්වතෙකි. කෙටි නිවාඩුවක්‌ ස`දහා මෙරටට පැමිණි අවස්‌ථාවේ තිලක්‌ කුමාර මුදලිගේ අපට හමුවිය. මේ ඔහු අපට කී කතාවය.

'' දැන් මට අවුරුදු 41 ක්‌ වෙනවා. මගේ ගම ගාල්ල යක්‌කලමුල්ලේ. මව යූ.එම්.ඩී දයාවතී. පියා කොට්‌ටේ ජයතිලක මුදලිගේ මෙන්ඩිස්‌. මට ඉන්නේ සහෝදරියක්‌ විතරයි. ඇය චන්ද්‍රිකා මුදලිගේ. බිරිද සංඛ්‍යා ලේඛන විශේෂඥවරියක්‌ ලෙස වැඩ කරනවා. ඇය සුලානි රාජපක්‌ෂ. අපට දරුවන් දෙදෙනෙකු ඉන්නවා. දැනට පදිංචි වෙලා ඉන්නේ ඇමරිකාවේ ආකන්සා ප්‍රාන්තයේ ලිට්‌ල් රොක්‌ නගරයේ''

''මා මුලින්ම පාසල් ගියේ තෙල්ලඹුර විජය විද්‍යාලයට. ඊට පස්‌සේ තෙල්ලඹුර දුටුගැමුණු විද්‍යාලයට ගියා. උසස්‌ පෙළ හදාරන්න ගියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට. 94 වර්ෂයේ විද්‍යා අංශයෙන් තමයි උසස්‌ පෙළ හැදැරුවේ.''

''මගේ අම්මා,තාත්තා, උගතුන් නෙවෙයි. තාත්තා ගොවියෙක්‌. අම්මා තාත්තාගේ ගොවිතැන් වැඩවලට උදව් කළා. අම්මයි තාත්තයි දුක්‌ වි`දලා තමයි මාව මේ තත්ත්වයට ගෙනාවේ. මම ගමේ පාසලෙන් සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණාට පස්‌සෙ ගාල්ලේ පාසල් කිහිපයකින් උසස්‌ පෙළ හදාරන්න එන්න කියලා ලිපි එවලා තිබුණා. ඒ අනුව මුලින්ම ගියේ මහින්ද විද්‍යාලයට. භාරකරුවෙක්‌ නැතිව තමයි පාසලට ඇතුල්වෙන්න ගියේ. අම්මා, තාත්තා, හෝ භාරකරුවෙක්‌ එක්‌ක එන්න කීවා. ඊට පස්‌සේ කැ`දවීම් ලිපිය ලැබුණේ රිච්මන්ඩ් විද්‍යාලයෙන්. අම්මා එක්‌ක ගිහින් ඒ පාසලට ඇතුළත් වුණා. පාසලෙන් මගෙන් සතයක්‌වත් ගත්තේ නැහැ. පාසලේ මිතුරන් මට ගොඩක්‌ උදව් කළා.''

''උසස්‌ පෙළ හදාරන විට මම උපකාරක පංති ගියේ නැහැ. ඇත්තටම උපකාරක පංති යන්න මුදල් දෙන්න මගේ දෙමවුපියන්ට ඒ තරම් වත්කමක්‌ තිබුණේ නැහැ. යක්‌කලමුල්ල පුස්‌තකාලයට ගිහින් උසස්‌ පෙළට තියෙන පොත් අරගෙන කියෙව්වා. මට තිබුණු විශේෂ හැකියාවක්‌ තමයි කවුරුවත් කියලා දෙන්න අවශ්‍ය නැහැ. කියවලා ඉගෙන ගන්න පුළුවන්. දැනටත් මම පොත් නිබන්ධන කියවනවා. පසුගිය වසර දෙක තුළ මා දිනකට නිදා ගත්තේ පැය පහක්‌ විතර.''

''උසස්‌ පෙළ සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා රසායන විද්‍යාව පිළිබ`ද විශේෂ උපාධිය ලබා ගත්තා. ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකින් තිබ්බ විභාගයකට පෙනී ඉ`දලා මා ඉන් සමත් වුණා. ඉන්පසුව තමයි ඇමරිකාවේ බටහිර මිචිගන් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබ`ද ආචාර්ය උපාධිය හදාරන්න අවස්‌ථාව උදාවුණේ. අවුරුදු පහක්‌ ඒ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. නැනෝ තාක්‌ෂණය හා රසායන විද්‍යාව තමයි, ආචාර්ය උපාධියට කළේ. නැනෝ තාක්‌ෂණය යන ක්‌ෂේත්‍රයෙන් තමයි පර්යේෂණ කළේ.''

''මා මුලින්ම කළේ බැක්‌ටීරියා පිළිබද පර්යේෂණයක්‌. මාළුවකුගේ වරල් වගේ තමයි බැක්‌ටීරියාව එහාට මෙහාට පීනන්නේ. මා ජාන ඉංජිනේරු විද්‍යාවෙන් එය වෙනස්‌ කළා. පසුව මා ඇමරිකාවේ ශක්‌තිය පිළිබ`ද දෙපාර්තමේන්තුවේ පර්යේෂකයෙක්‌ විදියට වසර දෙකක්‌ කටයුතු කළා. එම ආයතනයේ දී මා කළේ සූර්ය ශක්‌තියෙන් එන කිරණ එකතු කරගන්නේ කොහොමද කියලා. ඩී.එන්.ඒ. තාක්‌ෂණය යොදාගෙන නැනෝ මීටර් අනු පිළිවෙළකට තියන්නේ කොහොමද කියලා තමයි ඒ පරීක්‌ෂණය කළේ.''

''පර්යේෂණ වර්ග දෙකක්‌ තියෙනවා, භාවිතයට ගන්නා පරීක්‌ෂණ හා මූලික පරීක්‌ෂණ කියලා. මූලික පරීක්‌ෂණ ස`දහා තමයි, ශක්‌ති දෙපාර්තමේන්තුවෙන් මුදල් යොදවන්නේ. මූලික පරීක්‌ෂණවලින් ඒ අවස්‌ථාවේම ආර්ථික ප්‍රතිඵලයක්‌ නැති නිසා ඇමරිකාවේ ව්‍යාපාරිකයන් ඒ ස`දහා මුදල් යොදවන්නේ නැහැ. මූලික පරීක්‌ෂණවලින් ලැබෙන ප්‍රතිඵල මත තමයි, භාවිතය පිළිබ`ද පර්යේෂණ සිදු කරන්නේ. මේ ආයතනයේ සිට මම ඇමරිකාවේ තියෙන ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරියට ගියා. මේ ආයතනයෙන් තමයි, ඇමරිකාවේ ආර්ථිකයෙන් සියයට 25 ක්‌ පරිපාලනය කරන්නේ. ආහාර, බෙහෙත් වර්ග, වෛද්‍ය උපකරණ, ගෙදර පාවිව්චි කරණ උපකරණවල ප්‍රමිතිය පරීක්‌ෂා කරන්නේ මේ ආයතනයෙන්.

මා ඇමරිකාවේ අහාර හා ඖෂධ පාලන අධිකාරියේ පර්යේෂකයෙක්‌ විදියට දැනට වසර හතක පමණ කාලයක සිට සේවය කරනවා. නැනෝ තාක්‌ෂණය කියලා කියන්නේ නැනෝ මිටර් 01-100 ත් අතර තියෙන දේවල් ගැන කරන අධ්‍යයනයක්‌. නැනෝ මීටරයක්‌ කියන්නේ උදාහරණයක්‌ ගතහොත් අපේ කෙස්‌ගහක්‌ අරගෙන දිග අතට පනස්‌දාස්‌ පාරක්‌ කැපුවොත් ඉන් කොටසක්‌ නැනෝ ටීටර් එකක්‌. මේක කවදාවත් කරන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි. උදාහරණයක්‌ හැටියට තමයි කීවේ. බෙහෙතක්‌, ආහාරයක්‌ හැදූවිට නැනෝ තාක්‌ෂණය භාවිත කරලා එය කොහොමද ක්‍රියා කරන්නෙ කියලා, තීරණය කරන්න පුලුවන්. සමහර බෙහෙත් තියෙනවා කටින් ගිහින් මුත්‍රා මාර්ගයෙන් පිට වෙන්න පුළුවන්. සමහර බෙහෙත් ඇ`ගපුරා කැරකි කැරකි තියෙනවා. මේ පදාර්ථවල විශාලත්වය මනින එක ඉතා වැදගත්.

මම පසුගිය කාලයේ පර්යේෂණයක්‌ විදියට ක්‌ෂුද්‍ර අංශුවල විශාලත්වය මැනීමට විවිධ ක්‍රම සෙව්වා. ඉතා කුඩා අණු විශාලත්වය මත වෙන් කරන විදියක්‌ තමයි කළේ. එය ප්‍රමිතිය මනින්න ඉතා වැදගත් වුණා.

බෙහෙත්වල, ආහාරවල, තියෙන අංශු ගැන කියන්න ඕන විශාලත්වය අනුව. ඒ ගැන තමයි මා පර්යේෂණය කළේ. උදාහරණයක්‌ ගතහොත් යම්කිසි සමාගමක්‌ බෙහෙතක්‌ නිෂ්ෂාදනය කළවිට ඒ බෙහෙත්වල තියෙන අංශුවල විශාලත්වය කියන්න පුළුවන් වෙන්න ඕන. ඒ සමාගම කිව්වොත් නැනෝ මිටර් 100 යි කියලා එය මැනලා බලන්න පුළුවන් වෙන්න ඕන. ඖෂධ, ආහාර, වෛද්‍ය උපකරණ විටමින් වර්ගවල ප්‍රමිතිය හා කල්පැවැත්ම, පරිපාලනය පිළිබ`ද කරනු ලැබූ පර්යේෂණය වෙනුවෙන් තමයි, මට 2015 වර්ෂයේ දී සම්මානය ලැබුණේ. උදාහරණයක්‌ වශයෙන් කැතීටරයක්‌ ගතහොත් බැක්‌ටීරියා ආවිට දෙතුන් වරක්‌ භාවිත කරන්න බැහැ. අලුතෙන් කැතීටර් හදලා තියෙනවා 'සිල්වර් නැනෝ පාට්‌' වලින්. රිදීවල විශේෂ ගුණාංගයක්‌ තියෙනවා, බැක්‌ටීරියා මරන්න පුළුවන්. කැතීටර්, වෛද්‍ය උපකරණ හා ආහාර ගබඩා කරන උපකරණවලට රිදී ලෝහයේ කුඩා අණු දමලා තියෙනවා. ඒ අණුවලින් අයන ඇවිත් බැක්‌ටීරියා මැරෙනවා. මා ඒ ගැනත් පරීක්‌ෂණ කළා.

අපේ ආයතනයේ සේවකයන් 16000 ක්‌ විතර ඉන්නවා. රටවල් 115 කට පමණ අයත් විද්‍යාඥයින් 6000 ක්‌ ඉන්නවා. මාත් ඒ ආයතනයේ විද්‍යාඥයකු වශයෙන් කටයුතු කරනවා. අපි තමයි ඖෂධ, වෛද්‍ය උපකරණ, ආහාරවල ප්‍රමිතිය පරීක්‌ෂා කරන්නේ. ඒ විද්‍යාඥයින් 6000 අතුරින් මා විසින් කරනු ලැබූ පර්යේෂණය වෙනුවෙන් 2015 වර්ෂයේ දී ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය මගින් මට හො`දම විද්‍යාඥයාට ලැබෙන සම්මානය හිමි වුණා. එම ආයතනයේ සහකාර කොමසාරිස්‌ ඩී. මෙල් මහත්තයාගේ අතින් තමයි. සම්මානය ගත්තේ. නැනෝ තාක්‌ෂණය උපයෝගී කරගෙන ඖෂධ, ආහාර, වෛද්‍ය උපකරණවල ප්‍රමිතිය පරීක්‌ෂා කරන්නේ කොහොමද කියලා තමයි පර්යේෂණය කළේ.

ඇමරිකාවේ නම් ඖෂධවල නියමිත සංඝටකයන් තියෙනවාද කියලා පරීක්‌ෂා කරනවා. මම දන්නේ නැහැ ලංකාවේ ඒක කරන්නේ කොහොමද කියලා. මම නම් හිතන්නේ නැහැ ලංකාවට ගෙන්වන සියලුර්ම ඖෂධ පරීක්‌ෂා කරනවා කියලා.


ලංකාවේ ඉදලා ඇමරිකාවට එන සිසුන්ට අපේ දැනුමෙන් උදව් කරන්න අවශ්‍ය මඟපෙන්වීම ලබා දෙන්න අප කටයුතු කරනවා. මගේ අදහසක්‌ තියෙනවා මා කරපු පර්යේෂණ මෙරටට ඇවිත් ඉදිරිපත් කරන්න. ඒ රටෙන් අවසර අරගෙන තමයි, කරන්න වෙන්නේ. මා විසින් දැනට පර්යේෂණ 30 ක්‌ විතර කරලා තියෙනවා. මේ ක්‌ෂේත්‍රයට අදාළව. මින් බැහැරවෙලා සහල්වල ආසනික්‌ තියෙනවාද බලන්න පරීක්‌ෂණයකුත් මා විසින් කළා. ඇමරිකාවේ සහ ඉන්දියාවේ සහල් තමයි පරීක්‌ෂා කළේ. එවායේ ආසනික්‌ තිබුණා. අපේ රටේ සහල් නම් පරීක්‌ෂා කරන්න බැරිවුණා. සහල්වල ආසනික්‌ තිබුණාට විෂ නැහැ. ආසනික්‌ තියෙන්නේ එක එක විදිවලට. සමහරක්‌ ආසනික්‌ මුත්‍රා සමග පහවෙලා යනවා. අයනික්‌ ආසනික්‌ තමයි විෂ. ආසනික්‌ ප්‍රධාන වශයෙන් ආකාර පහක්‌ තියෙනවා. දෙකක තමයි විෂ තියෙන්නේ.

පර්යේෂණ කරන්න ගොඩක්‌ පහසුකම් අවශ්‍යයි. විශාල මුදලක්‌ ඕන. අපේ රටේ රජයකට එවැනි මුදලක්‌ ලබා දෙන්න අපහසුයි. ඇමරිකාවේ වගේ රටවල පර්යේෂණ කරන්න ගොඩක්‌ පහසුකම් ලබා දෙනවා. ඇමරිකාවට වෙනත් රටවල පර්යේෂකයින් ඇවිත් කරන පර්යේෂණ වලින් ලබා දෙන සේවය වැඩියි. ඇමරිකාව මූල්‍යමය වශයෙන් වෙනත් රටවලට දෙන ආධාර වලට වඩා පර්යේෂණවල ප්‍රතිඵල ගන්නේ ඇමරිකාව. එය ඇමරිකාවට වාසියි. ඇමරිකාවේ තියෙන පේටන්ට්‌ බලපත්‍ර වලින් සියයට 75 ක්‌ ඇවිත් තියෙන්නේ පිටරටවලින් ඇමරිකාවට ගිහින් පදිංචි වුණු අයගෙන්. පිටින් ආපු මොළකාරයින්ගෙන් තමයි ඇමරිකාව දුවන්නේ.

මේ පර්යේෂණ වලින් කවදාහරි පුළුවන් වෙනවා ලෙඩේ තියෙන තැනටම බෙහෙත යවන්න. උදාහරණයක්‌ ගතහොත් පිළිකා රෝගීන් ගොඩක්‌ මිය යන්නේ පිළිකාව නිසාම නොවෙයි. පිළිකාවට ලබා දෙන බෙහෙතුත් ඒ මරණයට බලපානවා. මා මේ දිනවල පරීක්‌ෂණ කරන්නෙ පිළිකාව තියෙන තැනටම බෙහෙත් යවන්න තමයි, මේ දිනවල පර්යේෂණ කරන්නේ. පිළිකාව මූලික අවස්‌ථාවේම හ`දුනා ගැනීම ස`දහාත් අපේ ආයතනයෙන් පර්යේෂණ කරනවා.

මම ඇමරිකාවේ පදිංචි වෙලා හිටියත් ගමේ විදියට තමයි, එහේ ජීවත් වෙන්නේ. ගෙදරට අවශ්‍ය එළවළු අපි වගා කරගන්නවා. බණ්‌ඩාක්‌කා, වැටකොළු, පතෝල, ලීක්‌ස්‌, කොළ වර්ග, වට්‌ටක්‌කා, පුහුල්, ආදිය වගා කළා. මම තාම කන්නේ ගමේ කෑම. හවස වැඩට ගිහින් ආපු ගමන් යන්නේ එළවළු කොරටුවට. ආචාර්ය තිලක්‌ කුමාර මුදලිගේ කීවේය.

 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.