ඒ සම්බන්ධව මුදල් අමාත්‍යාංශය දැනටමත් කටයුතු ආරම්භ කර ඇති අතර අලුත් පනතක් ලෙස ගෙන එන්නේ සියයට 15 දක්වා වැට්බදු වැඩි කිරීමේ පෙර යෝජනාවම බවත්, ඒ සඳහ තවමත් ශ්‍රීලනිප සංශෝධන හෝ වෙනත් සංශෝධන ඇතුළත් කිරීමට උපදෙස් ලැබී නැති බවත් මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් 10 දා කීවේය.
ශ්‍රේෂ්ඨාධිකරණය කියා තිබෙන්නේ පනත කැබිනට් එකට ඉදිරිපත් නොකළ බවයි. ඒ නිසා නැවත අමාත්‍ය මණ්ඩලයට එම පනත ඉදිරිපත් කොට නිසි ක්‍රියාවලිය අනුගමනය කරමින් පාර්ලිමේන්තුවෙන් එය සම්මත කර ගැනීමට ක්‍රියා කරන බව ද ඒ සඳහා බාධාවක් නැති බව ද එම මුදල් අමාත්‍යාංශ නිලධාරියා කීවේය.
එම පනත සම්මත වීමෙන් පසු කලින් සියයට 15 දක්වා අය කළ වැට් බදු මුදල් ද රජයට නීත්‍යානුකූලව ආදායමක් ලෙස තබා ගත හැකි වනු ඇතැයි ඔහු තවදුරටත් කීවේය.