කොළඹ ගංවතුරෙන් යටවිය. අරණායක නාය ගියේය. කොස්ගම සාලාව හමුදා
කඳවුර පුපුරා ගියේය. මේ හැම තැනකදීම රටේ ජනතාව අසරණ වූහ. කවදත්
සිදුවූ පරිදි ඒ ඒ ප්‍රදේශවල ජීවත් වූ ජනතාවට සිදුවූයේ
අගුපිල්වල ලැග තමන්ට දෙනවා යෑයි කියන ආධාර දෙනතුරු ඇඟිලි
ගනින්නටය. මේ එකදු ආපදාවක් හෝ සිදුවූයේ ජනතාවගේ වරදින් නොවේ.
ආගිය, තිබෙන කොයි ආණ්ඩුවකින් හෝ ආපදාවන් වළක්වාගන්නට නියමිත
පිළියම් යොදා නොතිබීමය. ඒසේත් නැතිනම් ඊට කල් ගතවීමය. 2004
ඇතිවූ සුනාමිය මෙන් අනපේක්ෂිත ආපදා අවස්ථාවන් හැර මේ සිදුවූ
බොහෝ ආපදා "පෙර අත්දැකීම්" සහිත ඒවාය. ආපදා අවස්ථාවන්හි බත්
පැකට් බෙදන්නට ඉක්මන් වන කිසිවෙකුත්, ඊටපසු කරදරයට පත්වූ
කිසිවෙක් ගැන සොයා බලන්නේ නැත. වැසි ජලය ගංවතුරක් බවට පත්වී
යටකර දැමූ කොළඹ උතුරු ප්‍රදේශයේ ජනතාවට අද අත්විඳින්නට සිදුව
ඇත්තේ මෙන්න මේ අත්දැකීමය.
නාගරික මන්ත්‍රීවරයාගේ හිඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
ඇමැතිවරයා දක්වා වූ පිරිස එදවස දුන් පොරොන්දු ගෙන ආ යෝජනා
ක්‍රියාත්මක විණිනම් අද මේ ටික හෝ ලියෑවෙන්නේ නැත. ගංවතුර
ආපදාවට දැන් මාස හතරකි. මාස හතරකින් නොව සතියකින් නිම කළ හැකි
වැඩ හෝ තවමත් නිමකර නැත. ඒ නිසාම ගංවතුරට යටවූ ජනතාවට තවමත්
ග්‍රාම සේවක නිලධාරීන් මුණගැසීමටත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල රස්තියාදු වීමටත් කාලය සොයා
ගැනීමට සිදුව තිබේ. ඒ ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත්, ඇත්තටම තමන්ට
ලැබිය යුතු දේ ගැන කියන්නවත් නොව "කන්නලව්" කිරීමටය. කන්නලව්
කරන්නේ දෙවියන්ටය. ඇත්තටම වගකිවයුතු ආයතනවල පුටු රත් කරන,
ටයිපටිවලින් බෙල්ල හිරකරගත් බත් කන හරක් සිතා සිටින්නේ තමන්
දෙවිවරු බවය. මෙතැන ප්රශ්නය වී තිබෙන්නේ දෙන ටික දෙන්නට හෝ
හැකියාවක් නැති කමය, උනන්දුවක් නැති කමය.
ශ්‍රී ලංකාව, දිවයිනටම යටත් වන පරිදි ඩොලර් බිලියන දහයකට
රක්ෂණය කර ඇති බවත්, ඒ නිසාම හානිවූ නිවාසවලට ලක්ෂයේ සිට
ලක්ෂ 25 ක් දක්වා වූ වන්දි ගෙවන බව කීවේ ඇමරිකානු
ජනාධිපතිවරණයට තරග වදින "ඩොනල්ඩ් ට්‍රම්ප්" හෝ "හිලරි
ක්ලින්ටන්" නොවේ. මේ රටේම වගකිවයුතු දේශපාලනඥයන්ය. ගංවතුර බැස
ගොස් සතියක් ගතවන විට මාධ්‍ය සාකච්ඡාවලදී කීවේ මිලියන ගණනක
ආධාර ලබාදී ඇති බවය. ගංවතුරට යටවූ ජනතාව මේ දිනවල සොයමින්
හිඳින්නේ එම මිලියන ගණන ලබාගත් උදවියය. මේ රට ඩොලර් බිලියන
දහයක රක්ෂණයකට යටත් කර ඇතිබව කී රක්ෂණාභාර අරමුදල මූලික
ගෙවීමක් ලෙස ගෙවන ලද රුපියල් දසදහසක මුදල ඇතැම් නිවාසවලට
පමණක් ලැබී ඇත. ඉතිරි අයට ඒ මුදල නොලැබුණේ ඇයි? ඒ හැරත්
රුපියල් දසදහසකින් කැඩුණු නිවසක් හදනවා තබා හදන්නට පටන් ගැනීම
පවා කළ නොහැකි කාරණයක් බව මේ ගැන කටයුතු කරනවා යෑයි කියන
ආයතනවල ඔලමොට්ටලයන්ට නොතේරේද? ඒ ගැන අසන විට කියන්නේ "මුලින්
රුපියල් දසදහසක් දෙනවා. ඊට පස්සේ ඇස්තමේන්තු කරලා ඉතිරි
මුදල දෙනවා" යනුවෙනි. මාස හතරක් ගතවන තුරුත් ඇස්තමේන්තු
හැදුවාද, නැතිනම් පොල් ගෑවාදැයි අප අසන්නේ නැත. ඒ ඇත්තටම
සිදුවන්නේ එවැනි වැඩ නිසා එය කාගේ කාගේත් ලඡ්ජාවට හේතුවිය හැකි
නිසාය.
මේ රටේ "ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය" යනුවෙන් ආයතනයක් තිබේ.
එහෙම එකක් තිබෙන බව රටට දැනෙන්නේ ගංවතුරක්, නාය යැමක් ආ
විටය. ඊටපසු ඒ ගැන අහන්න දකින්නවත් ලැබෙන්නේ නැත. ඇස්තමේන්තු
ගත කිරීම්වලදී, වාර්තා සැකසීමේදී, මේ ආයතනයෙන් අනෙකුත්
වගකිවයුතු ආයතනවලට දෙන සහයෝගය කුමක්ද? එවැනි සම්බන්ධීකරණයක්
ඒ ඒ ආයතනවල නැද්ද? එසේනම් ඊට හේතුව කුමක්ද? අදාළ බලධාරීන්
මේවා රටට හෙළි කළ යුතුය.
වාර්තා ලබාගෙන, ඇස්තමේන්තු සකස් කර ආධාර ලබාදීම දක්වා වූ
ක්‍රියාවලිය තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික්
ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුවිය
යුත්තකි. එම වාර්තා ලැබුණු පසු ඉක්මනින්ම වන්දි ගෙවිය හැකි බව
ජාතික රක්ෂණාභාර අරමුදල කියයි. ඒ අනුව කාරණය ඉතාම පැහැදිලිය.
අදාළ ආයතනවල නිලධාරීන්ට මේ කාරණය එතරම් බරපතළ නැත. ඒ නිසාම
වැඩේ "ඇදගෙන" යති. එම ආයතන අයත් අමාත්‍යාංශවල ඇමැතිවරුන්ට මේ
ආකාර්යක්ෂමතාව පෙනෙන්නේ නැත. ඒ අයට, කාර්, දීමනා, නිවාස ඇතුළු
තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමේ මෙහෙයුම් තිබේ. ඒ නිසාම ඊළඟ ගංවතුරද
එනතුරු ඔහොම යං...
දිවයින කතුවකියෙනි
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, August 28, 2016
ටයි පටි වලින් බෙල්ල හිර කර ගත් බත් කන හරක්....!!!
Posted by
lankanews
at
August 28, 2016
Labels: lankanewas, mayithi, ranil, srilanka political corruptions, srilanka politician, unp corruptions, yahapaalanaya
ටයි පටි වලින් බෙල්ල හිර කර ගත් බත් කන හරක්....!!!
2016-08-28T22:53:00+02:00
lankanews
lankanewas|mayithi|ranil|srilanka political corruptions|srilanka politician|unp corruptions|yahapaalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
