බස්නාහිර පළාත් සභා මහ ඇමැති ඉසුර දේවප්‍රියගේ දේශපාලන දිවියට පසුගියදා වසර 25 ක් පිරුණ අතර මෙම මන්ත්‍රීවරුන්ගේ රුසියානු සංචාරයද ඊට සමගාමීව සිදුවීම පිළිබඳව පළාත් සභා මන්ත්‍රීවරුන් අතර සැකයක් මතුව ඇත.
මෙම සවාරිය පිළිබඳව බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රියගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පසුගිය වසර දෙක තුළම මන්ත්‍රීවරුන්ට සවාරි යැම නතර කර තිබූ බවයි. නමුත් රුසියාවේ දේශපාලනය අධ්‍යයනය කිරීම සඳහා විෂයානුබද්ධ හේතුවක් මත මෙම පිරිස රුසියාවට හා බල්ගේරියාවට යෑවූ බවද මහ ඇමැතිවරයා කියා සිටියේය.
කලින් පැවති පාලන සමයේදී මන්ත්‍රීවරුන් සවාරි ගියද මෙම පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලැබුණු එකම හා අවසාන අධ්‍යයන සංචාරය මෙය වනු ඇතැයිද මහ ඇමැතිවරයා පැවැසීය.