ජනතාවගේ මුදල් සොරා කෑව උන්ට සිර දඩුවම් නැත්තේ ඇයි...?
අපි ඒ කාලේ රැස්කළ ජනතා මුදල් අනුව ඕකත් මහා කජ්ජක්ද...??? යෝෂිත සිතනු ඇත.
සී.එස්.එන්. නාලිකාවේ සිදු වී ඇතැයි කියන මූල්‍ය
අක්රමිකතාවන් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂවිසින් ඔහුගේ හිතවතකු බව කියන රොහාන් යන අයකුගේ බැංකු
ගිණුමකට බැර කිරීමට ලබා දී ඇති රුපියල් මිලියන 158.5ක්
(පහළොස්කෝටි අසූපන්ලක්ෂයක්) රාජසන්තක කර මහ බැංකුවේ
තැන්පත් කරන ලෙසට කඩුවෙල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා
විනිසුරු ධම්මික හේමපාල 10 දා නියෝග කළේය.සී.එස්.එන්. සමාගමේ සභාපති යෝෂිත රාජපක්ෂ, ප්‍රධාන
විධායක නිලධාරි නිශාන්ත රණතුංග, අධ්යක්ෂ මණ්ඩල ප්‍රධානි
රොහාන් වැලිවිට, අධ්‍යක්ෂකවරයකු වන කවිශාන් දිසානායක හා
වෛද්‍ය අශාන් ප්‍රනාන්දු යන පස්දෙනාට එරෙහිව මුදල්
විශුද්ධිකරණ පනත යටතේ මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.සැකකරුවන්ට එරෙහිව සීඑස්එන් ආයතනය ස්ථාපිත කිරීමේදී
යොදවා ඇති රුපියල් මිලියන 234 ක ප්රාග්ධනය අතරින් කොටසක්
ව්‍යාජ ගනුදෙනු හා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයා ගැනීම,
කූඨ ලේඛන සකස් කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී
සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම හා
සමාගම් පනත උල්ලංඝනය කිරීම යන චෝදනා ගොනුව ඇත.
විනිසුරුවරයා එම නියෝගය කළේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින්
ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන ලද එම නඩුවේ වැඩිදුර විමර්ශනවලට
අදාළව කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. විනිසුරු නිල
මැදිරිය හමුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.
ඉහත කී රුපියල් මිලියන 158.5 ක මුදල යෝෂිත රාජපක්ෂ
විසින් තම බැංකු ගිණුමට බැර කිරීම සඳහා ලබාදුන් බව බැංකු
ගිණුම හිමි රොහාන් යන අයගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ
බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තා කරමින් විමර්ශන
තවදුරටත් පවත්වාගෙන යන බව පැවැසීය.
කලක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඉහත කී සැකකරුවෝ
පස්දෙනා මේ වනවිට අධිකරණ නියෝග මත ඇප කොන්දේසි යටතේ මුදා
හැර සිටිති.