රට බෙදන , බුදු දහමට හිමි තැන අහිමි කරන , අප වනසන 'ෆෙඩරල් සංහිඳියාව '
ආණ්ඩුව
ගෙන එන්නට හදන නව ව්‍යවස්ථා සංශෝධනය හරහා අප අවුරුදු දහස් ගණනක් පුරා අප
රැකගත් අපේ උරුමය අහිමි කරමින් ඇති බව ගෙවිඳු කුමාරතුංග පෙන්වා දෙයි.
එක්
පසකින් රටේ ඒකීයභාවය අහෝසි කර ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කර අප රට
සදාකාලිකව එකිනෙකා මරාගන්නා කඳුළු දේශයක් කිරීමටත් අනික් පසින් බුද්ධාගමට
ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කර වසර දහස් ගණනක් අප ආරක්ෂා කළ උරුමය අපට අහිමි
කරමින් ඇති බවත් මේ ද්‍රෝහී පාවාදීම ආපසු නොහැරවුවහොත් අපේ මව්බිමේ අවසානය
මේ ද්‍රෝහී පාලකයන් විසින් සළකුණු කරනු ඇති බවත් අවධාරණය කළේය.
යුතුකම සංවාද කවය සංවිධානය කළ " ෆෙඩරල් සංහිඳියාව" සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමින් කුමාරතුංග මේ බව පෙන්වා දුනි.
ව්‍යවස්ථා
සංශෝධනය තුළ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් එකවර අපේක්ෂකයාට හා
පක්ෂයට වෙන වෙනම චන්දය දැමිය හැකි ලෙස සිදුකරමින් ඇති යෝජනා හරහා
පැමිනෙන්නේද බෙදුම්වාදී චන්ද ගොන්න හරහා යළි කිසි දා පැරදවිය නොහැකි ලෙස
බෙදුම්වාදයට හිතැති පක්ෂවල බලය තහවුරු කිරීම බව පෙන්වා දෙන කුමාරතුංග
මේ කිසිවකට එරෙහිව ජනබලයක් නිර්මාණය කිරීමේ අවස්ථාවද සිරිසේන ජනාධිපතිවරයා
ශ්රීලනිපය බලෙන් අල්ලාගෙන සිටීම හරහා අද වන විට අහිමි කර ඇති බවද පෙන්වා
දුන්නේය.
සිරිසේන ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේදී තමන්ට
විරුද්ධව ක්‍රියාකළ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීම හරහා
ශ්‍රීලනිප යට චන්දය දුන් ලක්ෂ 58 කට තමන්ට අභිමත දේශපාලනයක් කිරීමේ නිදහස
අහිමි කළ බවත් එය ප්රජාතන්ත්ර විරෝධී දරුණු ඒකාධිපති හැසිරීමක් බවත් එය
හරියටම 83 ව්‍යාජ චෝදනා මත ජනතා විමුක්ති පෙරමුණට ප්‍රසිද්ධ දේශපාලනය අහිමි
කිරීමට බොහෝ දුරට සමාන බවත් ගෙවිඳු කුමාරතුංග මහතා වැඩිදුරටත් අවධාරණය
කළේය.
තම දේශනය අතරතුර ගෙවිඳු කුමාරතුංග , දශක දෙක හමාරකට පමණ පෙර මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුතු චින්තන පර්ෂදයේ 'කාලය' සඟරාවේ පළවූ සංවේදී කවි පෙළක් උපුටා දැක්වීය.
දෑස මගේ මට අහිමි වුවොත් - ගීත ඇසිය හැක මිහිරි සරින්
සවන් මගේ මට අහිමි වුවොත් - අහසේ පෑ දෙව්දුන්න පෙනේ
දෑත මගේ මට අහිමි වුවොත් - සාදවලදි රඟපාමි සොඳේ
දෙපා මගේ මට අහිමිවුවොත් - මිතුරන් මා ඔසවා යන්නේ
සිරුර මගේ මට අහිමි වුවොත් - මගෙ මව්බිම මා වැළලෙන්නේ
මගෙ මව්බිම මට අහිමි වුවොත් - කුමක් කරමි මම අසමි හඬා
ගෙවිඳු කුම්මාරතුංග පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්...
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, July 17, 2016
ජාතිවාදියෝ කවුද? - ගෙවිඳු කුමාරතුංග පැහැදිලි කරයි [VIDEO]
Posted by
lankanews
at
July 17, 2016
Labels: fedaral jafna, federal country, gevindu, gevindu kumarathunga, govindu, lankanews, srilankan politicians, srilankan politics, yahapalanaya
ජාතිවාදියෝ කවුද? - ගෙවිඳු කුමාරතුංග පැහැදිලි කරයි [VIDEO]
2016-07-17T08:43:00+02:00
lankanews
fedaral jafna|federal country|gevindu|gevindu kumarathunga|govindu|lankanews|srilankan politicians|srilankan politics|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...