ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 12, 2016

නඩුව ජයගනියි.ශ්‍රේෂ්ඨාධිකරණය VAT අත්හිටුවයි...!!!

නීතිවිරෝධි ලෙස මේ රටේ ජනතාවගේ මුදල් ගසා කා, ඇමතිවරු 92කට සැප විඳීමට රථ වාහන ගෙන්වීමට ඒ මුදල් යෙද වූ මෙම ආණ්ඩුවේ අවභාවිතයට එරෙහිව ලබාදුන් ඓතිහාසික තීන්දුවක් ලෙස 11වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් ‘වැට් බදු අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගය’ හැඳින්වීමට හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

11වන දින අනීතික ලෙස වැඩිකළ බදු ප්‍රතිශත හා බදු පරාසයන් අය කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ  මෙසේ ද සඳහන් කළේය.
“ වැට් බදු ප්‍රතිශතය වැඩි කිරීමට සහ වැට් බදු බලපාන පරාසය පුළුල් කිරීමට ආණ්ඩුව ගනු ලැබූ පියවර නීත්‍යනුකූල නොවන බව අපි දුටුවා. ඒ නිසා, පාර්ලිමේන්තුවේ ඊට අදාළ පනත් සංශෝධනය නොකර එසේ බදු වැඩිකර, බලපාන පරාසය පුළුල්කර රටවැසියාගෙන් අය කිරීම නීති විරෝධී බව පවසමින් අප මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ පෙත්සම් විශේෂයෙන් අද විභාගයට ගැනුණේ, මේ නඩුව අසා නිමවනතුරු මේ නීතිවිරෝධි බදු අය කිරීම් අත්හිටුවීමට අතුරු තහනම් නියෝගයක් ලබා දෙනවාද නැද්ද, යන්න තීරණය කිරීමටයි.
අපගේ නීතිඥ මහත්වරුන් අද දින මැනවින් මෙහි පවතින නීතිවිරෝධී බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙන්වා දුන්නා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඔවුන්ගේ පැත්තෙන් ප්‍රබලව තර්ක මතු කිරීමට නොහැකි වුණා. ඒ අනුව අගවිනිසුරුතුමන් ප්‍රමුඛ ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ මොහොතේ සිට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ මීට අදාළ දැන්වීම් පත්‍ර තුනක ක්‍රියාකාරීත්වය අත්හිටුවූවා. ඒ වගේම මේ නඩුව අසා නිමවනතුරු හෝ බදු වැඩිකිරීමට අදාළ සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මතකර ගන්නා තුරු හෝ මෙම අය කිරිම් වහාම අතිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කරනු ලැබුවා.
නීතිවිරෝධී ලෙස මේ රටේ ජනතාවගේ මුදල් ගසාකාලා, ඇමතිවරු 92කට සැප විඳින්න රථ වාහන ගෙන්වන්න ඒ මුදල් පාවිච්චි කරන මේ ආණ්ඩුවේ ඒ භාවිතාවට එරෙහිව දෙන ලද ඓතිහාසික තීන්දුවක් ලෙස අපි මේ අතුරු තහනම් නියෝගය දකිනවා. මෙමගින් අධික ලෙස පනවන ලද මේ බදු ප්‍රමාණය අය කිරීමත්, එය බලපාන පරාසය පුළුල් කිරීමත් සම්පූර්ණයෙන්ම නතර කෙරෙනවා, අත්හිටුවෙනවා. මේක මේ රටේ පාරිභෝගික ජනතාව ඇතුළු සෑම අංශයකම පීඩාවට පත් වූ ජනතාව ලත් විශාල ජයග්‍රහණයක්. සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, දුරකථන සන්නිවේදන ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවකට මේ අධික බදු පැනවීම් සිදු කොට තිබුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය දෙපාර්ශ්වයේම කරුණු ඉතාමත් හොඳින් විමසා බැලුවා. ඇත්තෙන්ම ‘කළු – සුදු’ සේ පෙනෙන තර්කයක් මෙතැන තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අදාළ පනත් කෙටුම්පතේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා, බදු වැඩි කරනවා නම් සහ බදු අය කරන පරාසය වැඩි කරනවානම් එය කළ යුත්තේ කෙසේද? කියා. ඒ නිසා මෙතැනදි ආණ්ඩුවේ පාර්ශ්වයන්ට ප්‍රබල ප්‍රතිතර්කයක් ගොඩ නැගීමට නොහැකි වුණා. ඒ නිසා මෙතැනදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා ‘දියෙන් කිරි වෙන් කරනවා වගේ’ ඉතාමත් නිවැරදි සාධාරණ තීන්දුවක් ලබා දුන්නා”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.