ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 11, 2016

සකිර් නායික් ගේ අන්තවාදී Peace TV එක බංග්ලාදේශය තහනම් කරයි.බංග්ලාදේශේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ...!!!

ඉස්ලාමීය රූපවාහිනී නාලිකාවක් වූ, ඉස්ලාමිය දේශකයෙකු වන සකීර් නායික් ගේ Peace TV නමැති ජාතිවාදී රූපවාහිනී නාලිකාව බංගලාදේශයේ තහනම් කර ඇත.
පැය 24 පුරාම විසුරුවා හරින මෙම නාලිකාව ලංකාවේද විකාශය කරනු ලබනවා.බංගලාදේශ රජය පවසන්නේ මෙම නාලිකාවේ දේශනා තරුණ පිරිස් අන්තවාදී අදහස් වලින් පුරවන බවයි.

ඩුබායි සිට මෙම නාලිකාව ඉංග්‍රීසි,උර්දු සහ බංගලාදේශ බසින් විසුරුවා හරියි.මෑතදී බංගලාදේශයේ අවන් හලකට එල්ලවූ ISIS ප්‍රහාරය හේතුවෙන් බංගලාදේශ රජය මෙම පියවර ගෙන ඇත.දැනටමත් මුස්ලිම් බහුතරය වූ මැලේසියාවේද මෙම නාලිකාව තහනම් කර ඇත.මෙම නාලිකාව සම්බන්ධයෙන් කැබිනට් කමිටුවකින් පසුව තොරතුරු අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති අතර අදාල අධිකාරීන් වෙත කියා තිබෙන්නේ රට පුරා මෙම නාලිකාව විසුරුවා හැරීම තහනම් කරන ලෙසය.50 හැවිරිදි සකිර් නායික් නැමැත්තා Peace TV නාලිකාව අයිති Islamic Research Foundation හී සභාපති සහ ආදී කතෘ වෙයි.ඔහුට එක්සත් රාජධානියට හා කැනඩාවට ඇතුළු වීමද එම රටවල් වලින් තහනම් කර ඇත.
ඔහුගේ දේශන ඔබ සවන් දුනහොත් හිනා යනු ඇත.මක් නිසාද යත් මේ ලෝකයේ මැවීම් ,සියලු කරනා ඔහු ඉදිරිපත් කරන්නේ ඉස්ලාම් දහමට අනුකුලව නිසාවෙනි.
එලෙසම පසුගිය දිනවල බංගලාදේශයට එල්ල වූ ISIS ත්‍රස්ත ප්‍රහාරය නිසා එරට සමාජ ජාලා වෙබ් අඩවි මගින් පැතිරෙන ජිහාඩ් න්‍යාය පත්‍රය මැඩ පැවැත්වීමේ මෙහෙයුමක් රජය විසින් ආරම්භ කොට ඇති බව වාර්තා වෙනවා.
බංගලාදේශයේ ජිහාඩ් කල්ලි සීඝ්‍රයෙන් හිස එසවීමේ ප්‍රවණතාවක් ඇතිවී ඇති බවත්,පසුගිය දිනවල එල්ල වූ ප්‍රහාරයට සමාජ ජාලා වෙබ් අඩවි විශාල බලපෑමක් එල්ල කොට ඇති බවත්,ත්‍රස්තයන් දිගින් දිගටම සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අලුතින් සාමාජිකයන් එක් කරගෙන ඇති බව වාර්තා වනවා.එරට බළධාරීන් පවසන්නේ මෙම ප්‍රහාරය ඔවුන්ගේ ඇස් ඇරවීමට සමත් වූ බවයි.ජිහාඩ් කල්ලි ෆේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ රැඩිකල් අදහස් පතුරවා තරුණයන් ආකාර්ශණය කරගන්නා බව ඔවුන් පවසනවා.කෙසේ වෙතත් බංගලාදේශයෙන් නිකුත් වන ඇතැම් වාර්තාවන් අනුව ඉදිරියේදී සියලුම සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කිරීමට එරට බළධාරීන් සළකා බලමින් සිටින බව දැක්වෙනවා.

Peace TVලංකාවේ ද තහනම් කරන්න යැයි සාදා ඇති ෆේස්බුක් පිටුව
https://www.facebook.com/BanPeaceTV/

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.