ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 16, 2016

ISIS පුහුණු කිරීම් ශ‍්‍රි ලංකාවෙත්...!!!

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මෙහි මාස දෙකක ඉස්ලාමීය පුහුණුවක් ලැබ අයි.එස් අන්තවාදීන්ට එකතුවුණු යුවළක් පිළිබඳ ඉන්දීය බුද්ධි අංශවල අවධානය යොමුවී තිබේ.
ෆාතිමා(නිමිෂා),ඊශා(බෙසොන් වින්සන්ට්) නමැති මොවුන් ශ්‍රී ලංකාවේදී සලාෆි නමැති ඉස්ලාමීය ඉගැන්වීම් වලට සහභාගිව සිට පසුව අතුරුදහන්ව ඇති බවත්,මොවුන් අයි.එස් සංවිධානයට එකතුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.

සුන්නි ඉස්ලාම් නිකායේ වහාබ් කොටසට අයත් සලාෆි නමැති ඉස්ලාමීය ඉගැන්වීම් මීගමුව ප්‍රදේශයේ කුඩා නිවසක් කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන බව ජමියතුල් උලමා සංවිධානයේ ලේකම් මලවි මුබාරක්  ‍පවසා ඇතැයි New Indian Express පෙන්වාදෙයි.
මේ පිළිබඳ අදදෙරණ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් මලවි මුබාරක් කියා සිටියේ ඉස්ලාමීය දහම් ඉගැන්වෙන මධ්‍යස්ථාන පවතින නමුත් ඒවායේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ඉගැන්වීම් සිදුවන බවට තොරතුරු නොමැති බවයි.
කිසිදු විදේශ සිසුවෙකු හෝ ශ්‍රී ලංකාවට පැමිණ මෙම මධ්‍යස්ථානවලට ඇතුළත්ව ඉගෙනගෙන නොමැති බවත්,අනෙක් අතට මේවායේ ඉගෙනීමෙන් අයි.එස් සංවිධානයට එකතුවන බවට තොරතුරුද නොමැති බවත් මුබාරක්  කියා සිටියි.
කෙසේ වෙතත් ඉන්දීය පුවත් උපුටා දක්වන අන්දමට සැකකාර යුවළ තමිල්නාඩුවෙන් කෝචි ප්‍රදේශයට පැමිණ,ඉක්බිතිව ශ්‍රී ලංකාවට පැමිණ නැවතී සිට ඇති නමුත් ඒ කාලය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී නැත.
ශ්‍රී ලංකාවේ පොලීසිය විසින් ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම ප්‍රවෘත්තිය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ඉන්දීය පුවත් වාර්තා පෙන්වා දෙන නමුත් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් කළ විමසීමකදී මෙවන් යුවළක් ශ්‍රී ලංකාවට පැමිණි බවට තොරතුරු වාර්තා නොවන බව ප්‍රකාශ කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.