ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 14, 2016

දේශපාලන දඩයම් බල්ලෝ බුරති...හපති...!!!

අනුරාධපුර දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ ඉදිරිපිටදී ඔහුගේ ආධාරකරුවන් පිරිසක්‌ විසින් 12 දා දහවල් කැකිරාව පොලිසිය අසලදී සතොස ආයතනයේ රියෑදුරකුට අමානුෂික ලෙස පහර දී ඇත.චන්දිම ගමගේ  මෙම පහරදීමට සම්බන්ධ වී නැති අතර ඔහු තමන්ට ඉතාම පහත් අන්දමින් බැණවැදී තර්ජනය කළ බව පහරකෑමට ලක්‌වූ රියෑදුරු කැකිරාව පොලිසියට පැමිණිලි කර තිබේ.මෙහිදී පහරකෑමට ලක්‌ වූ 39 හැවිරිදි සමන්තිලක නමැති රියෑදුරු කැකිරාව රෝහලින් දඹුල්ල රෝහලට මාරු කර ඇත.
මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථයට නලාව නාද කළ බව කියන සිද්ධියක්‌ මුල් කරගෙන මෙම පහරදීම සිදුවී ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

පහරදීමට සම්බන්ධ මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් තිදෙනා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

පහරකෑමට ලක්‌වූ සතොස රියෑදුරු  මෙසේ කියා සිටියේය.

ගලෙන්බිඳුණුවැව ඉඳලා බඩු වගයක්‌ පටවාගෙන මම කැකිරාව සතොසට යන්න ලොරියේ ආවේ. කැකිරාව පොලිසිය ආසන්නයේ පාර අයිනෙ ජීප් රථයක්‌ නතර කරලා තිබුණා.

මම ඒ ජීප් එකට හෝන් කළා. මොකද ඒ ජීප් එක නිසා මට ලොරිය හරවා ගන්න බැරි තත්ත්වයක්‌ තිබුණේ.

ඒත් එක්‌කම ජීප් රථයෙන් බැහැලා ආව චන්දිම ගමගේ මන්ත්‍රීතුමයි එයාගෙ ආධාරකාරයොයි අමු තිත්ත කුණුහරුපෙන් මට බැන්නා. මන්ත්‍රීතුමා මට ගහන්න ලොරියට ගොඩවෙන්න හැදුවා.

ඒ වෙලාවෙ එයාගෙ ආධාරකාරයෝ මන්ත්‍රීතුමාව බිමට බස්‌සවලා ඒ අය ලොරියට නැගලා මට වට කරගෙන ගැහුවා. මගේ ගෝලයගෙ ඔළුවටත් බෝතලයකින් ගැහුවා. මට කෙළින් හිටගෙන ඉන්න බැහැ. ඇදගෙන වැටෙන්න යනවා. ඒ නිසා මම කැකිරාව පොලිසියේ පැමිණිල්ලක්‌ කරලා රෝහල්ගත වුණා.

පහරදීමට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔවුන් 13දා දිනය තුළ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර නොගතහොත් 14දාදින සතොස සියලුම සේවකයන් වැඩ වර්ජනයක නිරත වන බව ශ්‍රීලංකා නිදහස්‌ සතොස සේවක සංගමයේ සභාපති ඔමල් සම්පත් පැවසීය.

කැකිරාව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.