රෝහල්වලට ඇතුලුවන රෝගීන්ගෙන් සියයට 68 ක් මියයන බෝනොවන රෝග පාලනය කිරීම
සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ උපදෙස්
මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක ෙවි. එහිදී පාසල් පෝෂණ වැඩසටහන ඉන්
ප්‍රධාන වෙයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව වයස අවුරුදු
06-10 දක්වා වයස් සීමාෙවි දරුවන් සිටින පාසල් 400 කට පෝෂණය පිළිබද දැනුම
ලබාදීම සදහා වූ කරුණු ඇතුලත් පොත් ලක්ෂ 10 ක් ඉදිරියේ දී බෙදාදීමට ද සෞඛ්‍ය
අමාත්‍යාංශය කටයුතු සකස් කොට ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග මෙම
වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර, පාසල් අපනශාලා ප්‍රතිපත්තිය ද අධීක්ෂණය
කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදුන්වා
දුන් ආපන ශාලාවල අලෙවි කිරීමට යෝජිත ආහාර වර්ග පිළිබදව චක්‍රලේඛයක්
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කිරීමෙන් පසු මෙම ආපන ශාලා ප්‍රතිපත්තිය මේ
වන විට ක්‍රියාත්මක කෙරේ.
පැණි බීම වර්ග සදහා රෙගුලාසි ක්‍රියාත්මක කිරිම අගෝස්තු මස 01 සිට
ක්රීයාත්මක වන අතර, ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය ජනතාවට දැනගැනීමට හැකිවන
පරිදි වර්ණ සංකේත ක්‍රියාත්මක වෙයි. එහිදී සීනි ග්රැුම් 10 වැඩි නම් රතු
වර්ණය ද, සීනි ග්රැම් 10 හා 02 අතර නම් කහ වර්ණය ද, සීනි ග්රැුම් 02 කට
අඩු නම් කොළ වර්ණය ද වශයෙන් වර්ණ සංඥා හදුන්වා දී ඇත. එමෙන්ම රජයේ සියළුම
රැුස්වීම් වලදී ලබාදිය යුතු ආහාරපාන පිළිබද උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක්
නිකුත් කරන ලද්දේ ද බෝනොවන රෝග පාලනය කිරීම සදහායි.
දුම්කොළ, මධ්‍යසාර මෙන්ම සිරුරට හානිකර සීනි, ලුණු සහ මේදය බහුලව අඩංගු
ආහාරවල බදු තවත් වැඩි කළ යුතු බවත්, තමන් පසුගිය වසරේ දී සීනි සදහා බදු
වැඩි කළ යුතු බව ප්‍රකාශ කරන විට ඊට විරෝධය මතු වූ බවත්,මේ වනවිට
එංගලන්තයේ එය ක්‍රියාත්මක කර ඇති බව ද, සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා
පැවැති විශේෂ ප්රවෘත්ති සාකචිඡවක් සදහා එක්වෙමින් ප්‍රකාශ කරන ලදි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ
මහජනතාවට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනිම සදහා රජයේ වෛද්‍ය ආයතන
842 ක් තුළ සුවදිවි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට නියමිත බවයි. මෙම ඒකක මගින්
රුධිරයේ සීනි ප්‍රමාණය, කොලෙස්ටරෝල් හා මේද ප්‍රමාණය, රුධිර පීඩනය, ශරීර
ස්කන්ධ දර්ශකය මගින් අධික රුධිර පීඩනය, හදවත් රෝග, දියවැඩියාව වැනි රෝග තිබේ දැයි පරීක්ෂා කර ගත හැක. තවද සුවනාරි සායන 906 ක් පිහිටුවා ඇති අතර
එමගින් කාන්තාවන්ට පියයුරු හා ගැබිගෙල පිළිකා කල් ඇතිව හදුනාගැනීමට හැකිය.
සෑම දිස්ත්‍රික්කයකම එකක් බැගින් රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමට
සැළසුම් කර ඇත. ඒ සදහා සහයෝගය සිංගප්පුරුවෙන් ලැබෙන අතර, මෙම පරීක්ෂණ ඒකකවල
දී එම්.ආර්.අයි, සී.ටි ස්කෑනර් පරීක්ෂණ හැර අනෙකුත් සියළුම රෝග පරීක්ෂණ
පහසුකම් ලබාදිමට නියමිතය. මෙහිදී බලාපොරොත්තු වන්නේ 2020 වනවිට බෝ නොවන රෝග
සියයට 10 කින් අඩු කිරීමට සහ 2035 වනවිට බෝ නොවන රෝග සියයට 20 කින් අඩු
කිරීමට බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.
– නිපුන් ඒකනායක
Tuesday, July 19, 2016
සීනි, ලූණු ඇති ආහාරවලට තවත් බදු පැනවිය යුතුයි...!!!
Posted by
LANKANEWS ORAGANIZATION
at
July 19, 2016
Labels: con person rajitha, lankanews, rajitha, rajitha senarathna, rajitha son, son of rajitha, yahapalanaya
සීනි, ලූණු ඇති ආහාරවලට තවත් බදු පැනවිය යුතුයි...!!!
2016-07-19T22:16:00+02:00
LANKANEWS ORAGANIZATION
con person rajitha|lankanews|rajitha|rajitha senarathna|rajitha son|son of rajitha|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
