මෙසේ මියගොස් ඇත්තේ හම්බන්තොට
වන අඩවි නිලධාරි කාර්යාලයට අනුයුක්තව සේවය කළ ජගත් සෙනෙවිරත්න ය.
මියගිය වන අඩවි නිලධාරියා ඇතුළු නිලධාරීන් පස්දෙනකු වල්සළුගල
ප්රදේශයේ වැටලීම් සිදුකිරීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය වී
තිබේ.වස දමා සතුන් දඩයම් කරන දඩයක්කරුවකු පිළිබඳ ලද තොරතුරකට අනුව මෙම පිරිස එම කැලෑ ප්රදේශයට ගොස් සිටියදී මරා දමා තිබූ මුවෙකු හමුවී තිබේ. ඒ අනුව නිලධාරීන් පිරිස දඩයක්කරුවන් එනතුරු සැඟවී සිට ඇත.
මරා දමා තිබූ මුවා රැගෙන යැම සඳහා දෙදෙනකු පැමිණ ඇති අතර එම අවස්ථාවේ වන අඩවි නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී පොර බැදීමක් සිදුවී ඇත. එහිදී වන අඩවි නිලධාරීන් ජගත් සෙනෙවිරත්න සිය ගිනි අවිය පත්තුවී වෙඩි වැදී තුවාල ලබා ඇති අතර හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.
සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.