තුර්කියේ හමුදා
කුමන්ත්‍රණය පරාජයවීම සතුටක්
- අගමැතිගෙන් නිවේදනයක්..
තුර්කියේ හමුදා කුමන්ත්‍රණය පරාජය වීම ප්රජාතන්ත්රවාදය අගයන ලෝක ජනතාවගේ සතුටට කරුණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ විශේෂ නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
හමුදා කුමන්ත්‍රණයක් ඔස්සේ තුර්කියේ ප්රජාතන්ත්රවාදී පාලනය යටපත් කරලීමේ උත්සාහය ව්‍යර්ථ කරලීමට හැකිවීම ප්රජාතන්ත්රවාදය අගයන ලෝක ජනතාවගේ සතුටට කරුණකි.
තුර්කියේ ප්රජාතන්ත්රවාදී පාලනය ආරක්ෂා කරලීමට තුර්කි ජනාධිපති සහ අගමැති ප්රමුඛ රජයට හැකිවීම පිළිබඳව මාගේ සතුට ඔවුන් වෙත පිරිනමන අතර මේ තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවේත්, ශ්‍රී ලංකා ජනතාවගේත් සහාය ඔවුන් වෙත ලැබෙන බව අවධාරණය කරනු කැමැත්තෙමි.