නි. ඇමැති අජිත් පී. පෙරේරා
(7 දා) විදුලිබල හා පුනර්ජනනීය බළශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී නි. ඇමැතිවරයා මේබව පැවැසීය. එකතු කළ අගය මත බදු (VAT) පැනවීම ලෝකයම පිළිගත් සංකල්පයක් බවත් වැට් යනු ප්‍රායෝගික බද්දක් බව ඕනෑම ආර්ථික විශේෂඥයකු පිළිගන්නා බවත් වැට් අහෝසි කරන ලෙස උද්ඝෝෂණය කරන පුද්ගලයන්ට රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව කිසිදු දැනුමක් නොමැති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී පැවැසීය.
2016.05.22 වැනිදා සිට තොග සහ සිල්ලර වෙළෙඳාම මත වැට් බද්දට යටත් වීමේ සීමාව කාර්තුවකට ලක්ෂ 30 සීමාව දක්වා අඩු කිරීමත් සමග වැට් හරහා තමන් උපයන මුදල ආණ්ඩුව දැන ගනිවී යන බියෙන් නගරයේ තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන් වැට් බද්දට එරෙහිව උද්ඝෝෂණය කිරීමට පෙළඹී ඇති බව පැවැසූ නියෝජ්‍ය ඇමැතිවරයා නගරයේ සිල්ලර මුදලාලි විකුණා භාණ්ඩවලින් 80% ක් පමණ වැට් බද්දෙන් නිදහස් බවද පැවැසීය.
වැට් බද්දට යටත් වන තොග සහ සිල්ලර ව්‍යාපාර සඳහා පරිගණක බිල්පතක් නිකුත් කළ යුතු බවද එම බිල්පත නිකුත් කිරීමේ සම්පූර්ණ වාසිය අත්වන්නේ පාරිභෝගිකයාට බැවින් එමගින් සාධාරණ වෙළෙඳ ව්‍යාපාරයක් බිහිවන බවද පැවැසූ නියෝජ්‍ය ඇමැතිවරයා සැබෑ ලෙසම වැට් බද්ද ක්‍රියාත්මක කරන ලෙස උද්ඝෝෂණය කළ යුත්තේ පාරිභෝගිකයන් බවද පැවැසීය.