ඒ අනුව එම බළකායේ කඳවුරු පිහිටි ස්ථාන එහි අණදෙන නිලධාරියාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, භාවිතා කළ දුරකථන අංක අදාළ නිලධාරීන් සඳහා ජංගම දුරකථන නිකුත් කළ නිලධාරියාගේ විස්තර භාවිතා කළ සියලු රථ වාහන හා එහි අංක හා එහි අයිතිකරුවන් පිළිබඳ විස්තර ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
අතිශය රහසිගත හා සුවිශේෂී මෙහෙවරක නිරතවූ බුද්ධි අංශ නිලධාරීන්ගේ සියලු තොරතුරු මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතට පත්වීමට නියමිතය.