ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 17, 2016

හර්තාලයකට මග කියන උල්පත් තුනක්..!!!

විශේෂයෙන්ම රටක දේශපාලන විපර්යාසයක් සිදුවන්නේ නම් ඊට හේතුවන විකල්ප මාවත් කිහිපයක් ඇත.
ඉන් එකක් මහ මැතිවරණයයි. ඊළඟ කරුණ ජනමත විචාරණයයි. එවැන්නකට උදාහරණයක් ඉතාම මෑතකදි මහා බ්‍රිතාන්‍යයෙන් දැක ගන්නට ලැබුණි. තවත් අවස්ථාවක විධායකයේ මැදිහත්වීම මත පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ වෙනසක් සිදුවිය හැකිය. 2004 වසරේ අපට මෙරටින් ඊට උදාහරණයක් ලැබෙන අතර කැරලි විප්ලව මෙන්ම සාමකාමී මහජන උද්ඝෝෂණ හරහාද ආණ්ඩුමය වෙනස්වීම් සිදුව තිබේ. 1980 ගණන්වල සිට ලොව පුරා එවැනි ප්‍රපංචයන් දැකගන්නට ලැබුණි. ලතින් ඇමෙරිකාවේ හමුදා ආණ්ඩු පලවා හරිනු ලැබුවේ එවැනි මහජන උද්ඝෝෂණ සහ ප්‍රජාතන්ත්‍රවාදි විරුද්ධවීම් තුළිනි. සෝවියට් සමාජවාදී ආකෘතිය බිඳ වැටුණු 1980 සහ 1990 ගණන්වලදී සාමකාමී මහජන උද්ඝෝෂණ පැවතුණි.

ගිනිකොණ ආසියාවේ අධිකාරිවාදී රාජ්‍යයන්ව තිබුණු පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවල සිදුවූයේ එයයි. ඊටත් වඩා ඈතට ගියහොත් 1970 ගණන්වල ඇති වූ මහජන නැගිටීම් නිසා ස්පාඤ්ඤය පෘතුගාලය වැනි රටවල මෙන්ම ග්‍රීසියෙන් දක්ෂිණාංශික අධිකාරිවාදී ආණ්ඩු පෙරළනු ලැබිණි. මෑත කාලිනව මෙම ප්‍රපංචයට තිබෙන කදිම නිදසුන වන්නේ ඊනියා අරාබි වසන්තයයි. මේ පිළිබඳව වත්මන් යහපාලන ආණ්ඩුවේ න්‍යායවාදීහු 2014 වසරේදී එය යළි යළිත් මතක් කරනු ලැබිණි.
කෙසේ වුවත් මේ සියලු න්‍යායවාදීන්ට අමතක වූ වැදගත් කරුණු දෙකක් ඇත. ඉන් එකක් නම් 1979 සිදු වූ මහා ඉරාන විප්ලවයයි. එය ඊනියා අරාබි වසන්තය මෙන් ඇමෙරිකාව විසින් ෆේස්බුක් හරහා සිදුකළ කෘත්‍රිම පෙරළියක් නොවේ. අයතුල්ලා කුමේනිගේ මතවාදී නායකත්වය යටතේ ඉස්ලාමීය සහ ඉස්ලාමීය නොවූ විවිධ ධාරා විසින් ෂා රජුගේ ප්‍රබල ආණ්ඩුව පෙරළා දමනු ලැබිණි.
විශේෂයෙන්ම මහජන නැගිටීම් මගින් සිදුවන පෙරළියකදී පරමාදර්ශී ආකෘතියක් වන්නේ 1979 ඉරාන විප්ලවයයි.
යහපාලන ආණ්ඩුවේ න්‍යයවාදීන්ට අමතකව ඇති අනෙක් කාරණාව වන්නේ ශ්‍රී ලංකාවේ මෙවැනි සාමකාමී මහජන නැගිටීමක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට විරුද්ධව 20 වන සියවසේ සිදු වූ බවත් එම නැගිටීම නිසා එම ආණ්ඩුවේ කොඳු නාරටිය බිඳ 1956 මැතිවරණ පෙරළිය හෙවත් නිහඬ විප්ලවයට මග පැදුනු බවත්ය. ඒ අනුව අද විශ්‍ලේෂකයකු විසින් මතුකළ යුතු ප්‍රශ්නය වන්නේ 1953 මෙන් ශ්‍රී ලංකාවේ නැවත වතාවක් සාමකාමී මහජන නැගිටීමක් සිදුවීමට ඉඩ නැද්ද යන්න යන්නයි.
1953 දී සිදු වූ එම සාමකාමී මහජන නැගිටීමට යෙද වූ වචනය වූයේ හර්තාලය යන්නයි. හර්තාලය යනු ඉන්දියානු සම්භවයකින් පැන නැගුණු සංකල්පයකි. එය ගාන්ධිවාදී සත්‍යග්‍රහයකින් එහාට යන එනමුත් ප්‍රචණ්ඩ නොවන මහජන නැගිටීමකි. 1953 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව විසින් එජාප ආණ්ඩුව පලවා හරින ආකාරයේ දෙදින මහජන නැගිටීමක් සිදුවිය. එයට ආසන්න හේතුව වූයේ ආර්ථික පීඩාවයි. සහල් සලාකයේ කිසියම් කප්පාදුවක් හේතුකරගෙන හර්තාලය කැඳවීම සිදුවිණි. ඊට නායකත්වය දුන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරය මත පදනම් වූ වාමාංශික පක්ෂයන්ය. කෙසේ නමුත් එහිදී බොහෝ දෙදෙනකුට අමතක වන කාරණය වන්නේ අලුත ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෙම හර්තාලයට එදා ආශිර්වාද කරනු ලැබූ බවයි.
1953 අගෝස්තු හර්තාලය කැඳවීමේ මහා රැලිය සිදුවූයේ ගාලු මුවදොර පිටියේදීයි. එම රැලියේ සභාපතිත්වය දැරුවේ වාමාංශික පක්ෂ නායකයෙකු නොව එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතායි. බණ්ඩාරනායක මහතා නියෝජනය කළ නව පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වී ඒ වනවිට ගෙවී ගොස් තිබුණේ වසර දෙකක් පමණි. එහෙත් එම හර්තාලයට නායකත්වය දුන්නේ ඔහුය. ඒ මහජන ඡන්දයෙන් පත් වූ එජාප ආණ්ඩුවකට විරුද්ධවයි. එම එජාප ආණ්ඩුවේ ජනප්‍රියත්වය අද මෙන්ම එදාද ඉතා සීඝ්‍රයෙන් පිරිහී යමින් තිබුණි.
1953 හර්තාලයේදී ප්‍රචණ්ඩත්වය පාවිච්චි කළේ මහජනතාව විසින් නොවේ. එජාප ආණ්ඩුව කළ වෙඩි තැබිම්වලින් දෙදනකු මරණයට පත්විය. එහෙත් එම මර්දනයෙන් හර්තාලය යටපත් කරන්නට නොහැකි විය. එය නතර කරනු ලැබුවේ එවකට අග්‍රාමාත්‍යවරයා තනතුරින් බැස යාමත් සමගයි. 1953 අගෝස්තු මහා හර්තාලය කොතරම් ප්‍රබල මහජන නැගිටීමක් වූවාදැයි කිවහොත් එය සමස්ත මහා වැඩ වර්ජනයක් මැදිකරගත් එකක් වූ නමුදු සමස්ත මහා වැඩ වර්ජනයකින් නතර වූ එකක් නොවුණි. 1953 මුල් කාලයේදී දුම්රිය මාර්ග වසා දමනු ලැබුවේ කාන්තාවන් දුම්රිය මාර්ගවලට පැමිණ ආප්ප පිලිස්සීම වැනි නිර්මාණශීලී මේ සාමකාමී සටන් ක්‍රියාමාර්ග තුළිනි.
එම හර්තාලයේ ක්ෂණික ප්‍රතිඵලය වූයේ ඊට වසරකට පමණ කලින් මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලැබූ ආණ්ඩුව දිවයිනෙන් පලාගොස් මහ මුහුදේ නතර කර තිබූ ඇමෙරිකානු යුද නැවක රැකවරණ ගැනීමයි. 1953 හර්තාලයෙන් පසු එජාප ආණ්ඩුව යළිත් රට පාලනය කළබව සැබෑවකි. කලින් සිටි අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාට වඩා දරුණු ආකල්පයක් නියෝජනය කළ සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.
එහිදී සර් ජෝන් කොතලාවල රටේ බහුතර ජනතාවගේ සංස්කෘතියෙන් කොතෙක් ඈතට ගොස් තිබුණේදැයි කිවහොත් ඔහුට විරුද්ධව විශාල මතවාදයක් ඇතිවිය. 1953 හර්තාලයෙන් කොඳු නාරටිය බිඳ දමනු ලැබූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1956 වනවිට එම නිහඬ විප්ලවය මගින් පලවා හැරීමට බණ්ඩාරනායක පිලිප් ගුණවර්ධන මෙන්ම ඩී. ඒ. රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණට පහසු කාර්යයක් විය.
අද දවසේදී විශ්‍ලේෂකයකුට විමසන්නට සිදුවන ප්‍රශ්නය වන්නේ 1953 අගෝස්තු මස හර්තාලය වැනි තවත් හර්තාලයන් මේ ආණ්ඩුව යටතේ ඇතිවිය හැකිද යන්නයි. සත්‍ය ලෙසම අද හෙට නොව එහෙත් පේන දුරක කාල රාමුවක් තුළ එනම් 2020 මීළඟ මහ ඡන්දයෙන් මෙපිට සහ 2017 -2018 සම්මුතිවාදී ආණ්ඩුව විසිර යාමට කලින් මහා හර්තාලයක් ලක් ‍පොළොවේ සිදුවිය හැකි බවට ඕනෑ තරම් සාක්ෂි සාධක මතුවෙමින් තිබේ.
1953 හර්තාලය ඇතිවුයේ මහජනතාවගේ ජීවන බරට එරෙහිවය. 1956 නිහඬ විප්ලවය ඇතිවූයේ පවතින එජාප ආණ්ඩුවේ අධිරාජ්‍ය ගැති බව සහ ජාතිකත්වය සුළුකොට තකන හැසිරිම් රටාව නිසාය. අද දිනයේ ද මෙම කරුණු දෙකම එනම් ආර්ථික පීඩනය මෙන්ම ජාතික අනන්‍යතාවයට තුවාල කිරීම යන සංසිද්ධීන් අපට දක්නට ලැබේ. මෑතකදී අප දුටු සහ දකිමින් සිටින සුළු හා මධ්‍ය පරිමාණයේ වෙළෙන්දන්ගේ වැට් හර්තාලය නව ප්‍රපංචයකි. සුළු හා මධ්‍ය පරිමාණයේ වෙළෙන්දන් යනු සම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂයේ සමාජ පදනමේ වැදගත් නාගරික කොටස්කරුවන්ය. එහෙත් අද වනවිට එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිවලින් ඔවුන් දරුණු පීඩාවකට ලක්ව තිබේ.
1979 ඉරානයේ සිදු වූ මහා විප්ලවය ආරම්භ වූයේ වෙළෙඳ ප්‍රජාවෙනි. එසේ ආරම්භ වූ එම විප්ලවය සිසුන්, කම්කරුවන් හරහා සිසාරා ගොස් හමුදාවේ පහළ මට්ටමත් වෙලා ගනිමින් මහා ගිනි කන්දක් සේ පුපුරායාම සිදුවිය. එම සිදුවීමට සේයා නූල වූයේ එම ජනතාවගේ ආගමික භක්තියේ ප්‍රතිමූර්තිය වූ ඉස්ලාමීය මුල්ලාවරුන් සහ මුස්ලිම් පල්ලි බව මතක තබා ගත යුතුය. අද ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ වෙළෙඳුන්ගේ කැලඹිලි පමණක් නොව බෞද්ධ භික්ෂු සමාජයේත් නොසන්සුන්තාවයක් හා කලකිරීමක් සිදුව ඇති බව පෙනේ. ඒ අනුව ලංකාවේ පෙනෙන දුරක යළිත් හර්තාලයක් ඇතිවීමට ප්‍රධාන උල්පත් තුනක් මතුවෙමින් ඇත.
ඉන් එක් උල්පතක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිස ගෙන ඇති ප්‍රතිඥා මාලාවයි. ඒ සමගම ඉන්දියාව සමග ගිවිස ගන්නට නියමිත එක්ටා ගිවිසුමයි. මහා හර්තාලයකට තුඩු දිය හැකි දෙවන උල්පත වන්නේ විශේෂ උසාවි පිහිටුවා පිටරැටියන්ද එම විශේෂ උසාවිවල කොටස්කරුවන් බවට කිසියම් ආකාරයකට පත් කරමින් රට බේරාදුන් විජයග්‍රාහී හමුදාවේ චර්යාව පිළිබඳව සොයා බලා මහජන විඥානයේ තුවාල අනවශ්‍ය ලෙස පෑරීමේ ව්‍යාපෘතියයි. 1953 අගෝස්තුවේ මෙන් මහා හර්තාලයක් යළි ඇතිවීමට බලපාන තෙවන හා අවසන් උල්පත වන්නේ ලංකාව වැනි කුඩා දූපතක් තමිල්නාඩුව වැනි විශාල සතුරු භූමි ප්‍රදේශයකට ආසන්නව තිබියදී රාජ්‍යයේ ශක්තියට හා ඒකීය භාවයට අත්‍යවශ්‍ය ඒකීය රාජ්‍ය ක්‍රමයෙන් පරිබාහිර වූ නමින් හෝ නොනමින් ෆෙඩරල් රාජ්‍යයක් කරා යන නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමයි.
මේ ඕනෑම තනි උල්පතකින් ඕනෑම රටක මහජන නැගිටීමක් ඇතිවිය හැකියි. කෙසේ නමුත් ලංකාවේ එම උල්පත් තුනම එකවිට හෝ එකිනෙකට ඉතාම කිට්ටු ආකාරයකින් පෙළ ගැසී ක්‍රියාත්මක වෙමින් ඇති බව විශ්‍ලේෂකයකුට පෙනේ. ඒ අනුව මෙම උල්පත් තුනම ක්‍රියාත්මක වන විටකදී දැඩි සමාජ ප්‍රතිචාරයක් ඇති නොවන්නේ යැයි කිසි ලෙසකින්වත් අනුමාන කළ නොහැකිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ ගිවිස ගත් වැඩසටහන දෙස බලද්දී අපට පෙනෙන්නේ රුපිය‍ලේ අගය පහත වැටෙන ආකාරයට විනිමය අනුපාතය නිදහස් කිරීමට එකඟ වී ඇති බවයි. ඒ සමගම විදුලිය සහ ඉන්ධන මිල නිදහස් කිරීමට එකඟ වී ඇති බවයි. එයිනුදු නොනැවතී රාජ්‍ය ව්‍යවසායක අංශයේ පරිමාව හා පරිමාණය හකුලා දමා ශ්‍රමිකයන් රැකියාවලින් දොට්ට දැමීමට එකඟ වී ඇති බවයි. ඊටත් අමතරව රට තුළ සිටින පාරිභෝගික ජනතාවගේ ආදායම්වලට කිසිදු වටිනාකමක් නොදෙන ආකාරයට සහමුලින්ම ආර්ථිකය බාහිර වෙළෙඳ‍පොළට නෙරා යන ආකාරයට ප්‍රති සකස් කිරීමට එකඟ වී ඇති බවයි.
රජයට අනුබද්ධ ආර්ථික බුද්ධි මණ්ඩලයක් වන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය හෙවත් අයි.පී.එස්. ආයතනයේ නියෝජ්‍ය සභාපතිනිය වන ආචාර්ය දුෂ්නී වීරකෝන් දින කිහිපයකට ඉහතදී ලිවූ ලිපියක සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම හේතුකොටගෙන ලංකාවේ ගෘහයන්ගේ සැබෑ ආදායමේ පහත හෙළීමක් සිදුව ඇති බවයි. වෙනත් ආකාරයකට කියනවා නම් සාමාන්‍ය රටවැසියන්ගේ සහ පාරිභෝගිකයන්ගේ සැබෑ ආදායම පහත හෙළීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගිවිස ගෙන ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසගෙන සිටින ‍පොරොන්දු මාලාව ක්‍රියාත්මක කරගෙන යාමේදී ලෝකයේ ඕනෑම රටක ඇතිවන්නේ විරෝධතාවයන්, පෙළපාළි, වීදි සටන් වැනි දේවල්ය. ලංකාවේ එවැන්නක් සිදු නොවේයැයි කිවහැක්කේ කාටද?
ඊට අමතරව අනාගත මහා හර්තාලයකට තුඩුදිය හැකි සාධක දෙකෙන් දෙවන කාරණය වන්නේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහයයි. මෙහිදී ව්‍යාජ සටන් පාඨයක් ලෙස විදේශීය නාඩුකාරවරුන්ගේ ප්‍රශ්නය මතු වී ඇත. මෙහෙදී ආණ්ඩුව කරන්නට උත්සාහ දරන්නේ උප්පරවැට්ටියකි. එනම් විදේශික නඩුකාරවරුන් වෙත අවධානය යොමුකර ඊළඟට විදේශීය නඩුකාරවරුන් නැතැයි උදම් ඇනීම සමග ඊනියා දේශීය යාන්ත්‍රණයක් පිහිටුවා එම දේශීය යාන්ත්‍රණය විදේශිකයන් වෙනත් විවිධ තනතුරුවල පිහිටුවීමයි. මෙම උපක්‍රමය ඉතාම පැරණිය. එය ටේ‍රා්ජන අශ්වයාගේ උපක්‍රමයයි. ටේ‍රා්ජන් අශ්වයා නමැති විශාල ලී අශ්වයාගේ බඩේ සිටියේ ග්‍රීක ජාතික සොල්දාදුවන්ය. මංගල සමරවීර මහතාගේ දේශීය යාන්ත්‍රණය මගින් කරන්නේ රටේ නීති පද්ධතියේ වෙනසක් කර නීතිපති කාර්යාලයෙන් පරිබාහිර වූ සමාන්තර කාර්යාලයක් ඉදිකර රටේ උසාවි පද්ධතියේ නැති නව උසාවියක් හෙවත් දේශීය යාන්ත්‍රණයක් නිර්මාණය කර ඒ තුළින් විදේශීය සහභාගීත්වයක් නිදන්ගත කිරීමයි.
මෙය ලෝකයේ කිසිම රටක නීත්‍යානුකූල ජයග්‍රාහී හමුදාවකට විරුද්ධව ක්‍රියාත්මක කර නැත. හිට්ලර්ගේ පැරදුනු පැසිස්ට්වාදී හමුදාවට එරෙහිව විශේෂ උසාවියක් නිර්මාණය කළ බව සැබෑවකි. එහෙත් එසේ කරනු ලැබූ යුදෙව්වන් මිලියන හයක ‍පෝරණුවල දමා පුළුස්සා මරා දැමුණු නිසාය. එහිදී පැවැති නීතිය යටතේ එවැනි මහා අපරාධයකට දඬුවම් කළ නොහැකිය යන නිවැරදි තර්කය යටත් නියුරන්බර්ද් අලුත් උසාවිය නිර්මාණය කෙරිණි.
රටවැසියන් රැකදුන් හමුදාව රැකගැනීමට සමාජ මතවාදයක් මතු නොවනු ඇතැයි අපට කිව නොහැකිය.
අවසාන වශයෙන් 1953 දී මෙන් මහා හර්තාලයක් ඇතිවීමට හේතු සාධකයක් හෙවත් උල්පතක් විය හැක්කේ නව ව්‍යවස්ථාවයි. සෙයිද් අල් හුසේන් විසින් ජිනීවා නුවරදී ඉදිරිපත් කරනු ලැබූ නිල ලිඛිත ප්‍රකාශනයෙන් පවසා තිබුණේ ආණ්ඩුව ‍පොරොන්දුවක් දී ඇති බවත් එම ‍පොරොන්දුවට අනුව 2017 දී ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන බවත්ය. එම සංශෝධනවලට අනුව යුද්ධ කාලයේ නොපැවති ජාත්‍යන්තර නීතියත් රටේ ව්‍යවස්ථාවට ඇතුළත් කර යුද්ධ කාලයේ නොවූ අලුත් උසාවියක් පිහිටුවා ජාත්‍යන්තර සහභාගීත්වයක් ඇති කරන බවත් එලෙස හමුදාව ගැන සොයා බලන්නට හැකි බැවින් එය නව ව්‍යවස්ථාවක් මගින් සිදුකරනු ලබන බවත්ය.
ඒ අනුව මේ නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය බව පළුදු වනවා පමණක් නොව හමුදාව දඩයම් කර සාධාරණ යුද්ධයක් අසාධාරණ යැයි තාර ගෑමට අවශ්‍ය වෙනස්කම්, රටේ මූලික නීතිය තුළටම ඇතුළත් කිරීමට ආණ්ඩුව සැරසී සිටින බවට සාක්ෂි තිබේ. මෙයට එරෙහිවද දරුණු මතවාදී රළ වේගයක් මතු නෙවේයැයි කිසිදු විශ්‍ලේෂකයකුට කිව නොහැකිය.
මේ හේතු සාධක තුන නිසා එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිස ගත් දේ මෙන්ම ජිනීවා හිදී දුන් විවෘත හා රහසිගත ප්‍රතිඥා මෙන්ම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරන්නට යන විකෘති කිරීම් හේතු කරගෙන නුදුරු අනාගතයේදී සමාජයේ විවිධ කොට්ඨාස ඒකරාශී කරමින් සාමකාමී විශාල මහජන නැගිටීමක් ඇතිවීමට ප්‍රමාණවත් ඉන්ධන තොග ගොඩ ගැසී ඇති බව මට නම් පැහැදිලිය.
එම ඉන්ධන පුපුරා යාම වැළැක්වීමට නම් ජනාධිපතිවරයා විසින් පවතින ආණ්ඩුවේ නායකත්වය හා සංයුතිය වහාම වෙනස් කර එම ආණ්ඩුව යන දිශාව සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුව ඇත.
සාකච්ඡා සටහන – දීපා වසන්ති එදිරිසිංහ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.