ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 2, 2016

මහ හොරා රටින් යයි...!!! නව මහ බැංකු අධිපති වරයෙකු පත් වෙයි...!!!

බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටින් පිටගොස් ඇති බව වාර්තා වෙයි
 මේ අතර  මෛත‍්‍රිපාල සිරිසේන විසින් ශ‍්‍රි ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස  ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කර තිබේ.මෙම පත් කිරීම සිදු කරනු ලැබුවේ සියළු පාර්ශ්වයන්ගේ එකඟත්වයෙන් යයි ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙයි. ලබන සඳුදා  ඉන්ද්‍රජිත් කුමාරස්වාමි  නව මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
නව මහ බැංකු අධිපතිවරයා  රාධිකා කුමාරස්වාමිගේ සහෝදරයා වන අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් මෙම යෝජනාව කරනු ලැබ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ වන විට වයස අවුරුදු 66ක් වන නව මහ බැංකු අධිපතිවරයා ආදි රාජකීය සිසුවෙක්ද වෙයි.
කෙම්බි‍්‍රජ් සරසවියේ උපාධිධාරියෙක් වන කුමාරස්වාමි  අනතුරුව මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේද, බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේද, මුදල් හා සැලසුම් අමාත්‍යංශයේ සේවයද සේවය කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ උසස් තනතුරු හොබවා ඇත.
විනිමය වංචාවක් සම්බන්ධයෙන් ඇමරික එක්සත් ජනපදයේ 11 වසරක සිර දඬුවමක් නියම වූ රාජ් රාජරත්නම්ගේ සමාගමක් වන ‘ගැලයන්’ සමාගමේ උපදේශකයෙකු ලෙසද  ඉන්ද්‍රජිත් කුාමරස්වාමි කටයුතු කර ඇතැයි සඳහන්ය.
නව මහ බැංකු අධිපතිවරයා ශ‍්‍රි ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන් වන සාකච්චාවන්හිදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන පුද්ගලයෙකද වෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.