අද
බැසිල් ( සාටක සුණඛයා ) ලැජ්ජා නැතිව ඇවිත් කතා කරනවා. එදා ජනවාරි 08 වැනිදා
වැරැදිලා අපි ගුටිකෑවා නම් ඔය රාජපක්ෂ පවුල බේරගන්න යන්න වෙන්නේ අපිට
තමා. මොකද සාටක සුණඛයා හොරෙන්ම පැනලා ගියානේ. අට වැනිදා ඡන්දෙ පැරදුණාම පැනලා ගිය
බැසිල් රාජපක්ෂ ඇවිල්ලා දැන් ශ්‍රී ලංකා එකට නායකත්වය දෙන්න හදනවා. එදා
බැසිල්ලා හිටියේ පිටරට. අපි මහින්දව ජනාධිපති කළාට පස්සේ තමයි ඒ අය
ඇමෙරිකාවේ ඉඳලා ඇවිත් ඇමැතිවරු පාලනය කරන්නයි, අපේ රජය පාලනය කරන්නයි
කටයුතු කළේ. ...
ඉසුර දේවප්‍රිය
ඉසුර දේවප්‍රිය
හත්දෙයියනේ
අම්මගෙන් කිරි බීපු ශ්‍රී ලංකාකාරයෙක් ඉන්නවා නම් ලැජ්ජා නැතිව මේ මනුස්සයා
පිටිපස්සේ යයිද? අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වෙලා තියෙනවා.
මෛත්‍රිපාල ඉල්ලන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව ගියා නම්
එහෙම බලන්න තිබුණා වෙන දේ. අද ඒකාබද්ධ විපක්ෂය කියලා කෑ ගහන ගමේ ඉන්න අයට
රැස්වීම් තියන්න පෙළපාළි යන්න අවස්ථාව ලැබුණේ අපේ මිනිහෙක් රටේ නායකයා වෙලා
ඉන්න නිසයි. නැත්නම් ඉතින් ශ්‍රී ලංකාකාරයන්ට වෙනදේ කියන්න ඕන නෑනේ. අපි
අවුරුදු දාහතක් පරිප්පුව කෑවා යැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර
දේවප්‍රිය එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී (30දා) පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.