ETCA ඉක්මන් කරවන්න ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට, අර්ජුන් මහේන්ද්‍රන්ට අලූත් තනතුරු..
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට රජය විසින් නව තනතුරක් ලබා දී තිබේ. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම විසා ශ්‍රී ලංකාව ඇතිවන ආර්ථික ගැටලු විසඳීම වෙනුවෙන් පත් කරල ලද සාමාජිකයින් දොළොස් දෙනෙකු සහිත අගමැති අනු කමිටුවට සාමාජිකයෙකු ලෙස ඔහු පචත් කර ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ විසින් නම් කර ඇති මෙම කමිටුවේ කැඳවුම්කරු වන්නේ චරිත රත්වත්තේ යි.කමිටුවේ සෙසු සාමාජිකයෝ වන්නේ මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග , ආර්. පාස්කරලිංගම්, සරත් රාජකරුණා, සමන් කැලේගම, ක්‍රිෂාන් දිසානායක, සිරිමල් අබේරත්න, නිෂාන්ද මැල්, මුර්තසා ජෙෆර්ජි, අනුෂ්ක විජේසිංහ ය.
ඉන්දියාව හා චීනය සමග ඉදිරියේදී තාක්ෂණ වෙළෙඳ ගිවිසුම්වලට හැකි ඉක්මනින් එළැඹීම සම්බන්ධයෙන් කටයුතු කිරීමද මෙම කමිටුවට පැවරී ඇත.