ව්‍යවස්ථාවකින් අහිමි නොකළ යුතුයි
- මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා
බුදු දහමට හිමි තැන හා ගෞරවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් අහිමි නොකළ යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.
එතුමා එසේ ප්‍රකාශ කළේ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පැවැති පුණ්‍ය උත්සවයකදීය. අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ජිනරතන හිමියන් ප්රමුඛ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, ලේඛකාධිකාරි සහ විහාරාධිපති හිමිවරුන්ට උපහාර පිදීම නිමිත්තෙන් සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමියන් විසින් මෙම පුණ්‍ය උත්සවය සංවිධානය කර තිබිණි.
එහිදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අග රද ගුරුතුමෝ මෙසේ ද කීහ.
මේ පුණ්‍ය උත්සවයට සහභාගි වන ලෙසට ආරාධනා කිරීම ගැන මම ඉතා සතුටු වෙනවා.
බුදු දහම රටේ ඉතිහාසයත් සමඟ බැඳී පවතින ආගමක්. රටේත්, ජාතියේත් ගෞරවය රැකගැනීම සඳහා සංඝරත්නය විසින් සිදුකරන මෙහෙය සමඟ සියලු ආගමික නායකයන් එකතු වෙනවා.
ශ්‍රී ලංකාවට උරුම යම් අනන්‍යතාවක් තිබෙන බව අපි දන්නවා. රටේ පොදු ජන ජීවිතය තුළ පවා ඒ අනන්‍යතාව ගැබ්ව තිබෙනවා. අද වෙනදාට වඩා බටහිර රටවලට අභාග්‍යයට අපේ රට නතුවෙලා. මෙවන් කාලයක රටේ අනන්‍යතාව රැකගැනීමට මහානායක හිමිවරු කටයුතු කරනවා... අනුශාසනා කරනවා.
අපේ ජීවිතවලට යම්කිසි සිත් තැවුලක් හෝ වේදනාවක් ඇතිවුණොත් ඊට සහනය ලබාගැනීමට බුද්ධ ධර්මය ඉවහල් වන බව අපි දන්නවා. එනිසා මහා සංඝරත්නය කෙරෙහි අපි තුළ තිබෙන්නේ බලවත් ගෞරවයක්.
රටේ ජවය ලෙස සැලකෙන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්මයයි. එවැනි ජීවයකට හිමිවිය යුතු ස්ථානය හා ගෞරවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් අහිමි කරවීමට ක්‍රියා නොකළ යුතුයි.
මෙය කිසිසේත් නොසලකා හරින්න බෑ. මක්නිසාද යත් අපි ජීවත්වන්නේ බෞද්ධ පරිසරයකින් පෝෂණය වූ රටක නිසා. ඒ නිසා මේ රටේ ජීවත්වන ජනතාවගේ ආධ්‍යාත්මික ගුණ වගාව වෙනුවෙන් මහා සංඝරත්නය සමඟ එක්ව කටයුතු කරන්න සූදානම්.