මනමාලිය මුදල් සහා රන් මාලයක් සොරා ගෙන මාට්ටු...
රුපියල්
තුන්දහසක මුදලක් හා රුපියල් හැත්තෑපන්දහසක් වටිනා රන් මාලයක් සොරාගැනීමේ
සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගෙන (29දා) තෙල්දෙණිය දිසා අධිකරණයට
ඉදිරිපත් කළ මනාලිය දිසා විනිසුරු එම්.එච්. පරික්ඩින් රුපියල්
ෙදාළොස්දහසක මුදල් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරියේය.
මනාලිය
වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ.ඩබ්ලිව්. රැලපනාව අධිකරණයේදී දීර්ඝ ලෙස
කරුණු ඉදිරිපත් කරමින් ඇය සුදුසු ඇපයක් මත නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා
සිටින බවත් ඇය රෝගී තත්ත්වයෙන් සිටින තැනැත්තියක් බවත් දන්වා සිටියේය.
වත්තේගම
මීගම්මන ප්රදේශයේ පදිංචි මේ මනාල යුවළ සිය නෑදෑයකුගේ නිවෙසට ගිය
අවස්ථාවේදී සැමියා රෝගී වී එම නිවෙසේ නිදා සිටින විට එම නෑදෑයන් සියකාමරයේ
අල්මාරියක තිබෙන ආලේපයක් අල්මාරිය විවෘත කර ගන්නා ලෙස එම තරුණියට දන්වා ඇත.
එම ආලේපය ගන්නා අවස්ථාවේදී එහි මුදල් හා රන් මාලය දැක තරුණිය ඒවා සොරාගෙන
රහසිගතව ස¼ගවා තබාගෙන ඇත. එදින නව යුවළට රාත්රියේ නිවෙසේ නතර වීමට නෑ
පිරිස කොතෙක් ඉල්ලා සිටියත් තරුණිය එය තරයේම ප්රතික්ෂේප කර සැමියා සමඟ
නිවෙසින් පිටව ගොස් ඇත.
පසු දිනක එම නිවෙසේ අය අල්මාරිය විවෘත කර මුදල් සොයන විට එය අතුරුදන් වී ඇති බවත් නව යුවළ නිවෙසට පැමිණීමෙන් පසු මුදල් හා රන් මාලය අස්ථානගත වී ඇති බවත් හෙළිවී ඇත. මේ පිළිබඳව වත්තේගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව නව යුවළගෙන් ප්රශ්න කර එම තරුණිය අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය දිසා අධිකරණයට (29දා) ඉදිරිපත් කර තිබිණි. වත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.